The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ආණ්ඩුවට බහුතර බලයක් තිබිය දී IMF පදයට නටන්නේ ඇයි...? - විපක්ෂ නායක විමසයි

T

The Leader Desk

October 9, 2025 • 11:54 AM

ආණ්ඩුවට බහුතර බලයක් තිබිය දී IMF පදයට නටන්නේ ඇයි...? - විපක්ෂ නායක විමසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (9) පාර්ලිමේන්තුවේ දී ඔහු මෙම අදහස් පළ කළේ ය.
  • ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට බලපාන ගැටලු රැසක් ''වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුවේ සඳහන් ආකාරයට අලුත් ණය ප්‍රතිව්‍යුගතකරණයක් යටතේ නව කොන්දේසි සහිත අයි එම් එෆ් ගිවිසුමක් ඇති කර ගන්නවා කිව්වට එය ක්‍රියාත්මක නොවී පසුගිය රජයේ ගිවිසුම ම ඒ ආකාරයෙන්ම පිළිගෙන තිබෙනවා.
  • මේ වගේ තව ගොඩක් දේවල් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා.
  • විදුලි බිල 33%කින් අඩු කර 9000 බිල 6000ත් 3000 බිල 2000 දක්වා අඩු කර සහන දෙනවා කිව්වා; එය සිද්ධ වුණේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):


අද (9) පාර්ලිමේන්තුවේ දී ඔහු මෙම අදහස් පළ කළේ ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට බලපාන ගැටලු රැසක්

''වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුවේ සඳහන් ආකාරයට අලුත් ණය ප්‍රතිව්‍යුගතකරණයක් යටතේ නව කොන්දේසි සහිත අයි එම් එෆ් ගිවිසුමක් ඇති කර ගන්නවා කිව්වට එය ක්‍රියාත්මක නොවී පසුගිය රජයේ ගිවිසුම ම ඒ ආකාරයෙන්ම පිළිගෙන තිබෙනවා. මේ වගේ තව ගොඩක් දේවල් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා. විදුලි බිල 33%කින් අඩු කර 9000 බිල 6000ත් 3000 බිල 2000 දක්වා අඩු කර සහන දෙනවා කිව්වා; එය සිද්ධ වුණේ නැහැ. 15% විදුලි බිල අඩු කර දැන් ආයේ 6.8%කින් විදුලි බිල වැඩි කරන්න යනවා.

මේවා කරන්නේ නිසි පිරිවැය ගණනය කිරීමෙන් තොරව යි. 159ක බහුතරයක් තියාගෙන අයි එම් එෆ් එක කියන කියන පදයට නටන්නේ ඇයි ද කියා ගැටලුවක් පවතිනවා. වත්මන් රජය විශ්වාස කර ජනතාව විශාල ජනවරමක් දුන්නේ අයි එම් එෆ් එකේ පදයට නටන්න නෙවෙයි; වෙනසක් වෙනුවෙන්. 

 
2028 සිට රු. බිලියන 5ක ණය ගෙවිය යුතු යි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අප රටේ ආයෝජන පරිසරය ගැන කියමින් කියන්නේ අඩුපාඩුකම් රැසක් ඇති තියෙනවා කියලා. ප්‍රතිපත්ති නැවත හැරවීම, ආයතනික සහ නිලධාරීවාදී අසාර්ථකත්වය, නියාමන කටයුතු ගැන කල්තියා අනාවැකි පළ කළ නොහැකි වීම, විනිවිදභාවයේ ගැටලු ව්‍යූහාත්මක ගැටලු රාජ්‍ය ආයතනවලට අදාළ බර ගැටලුවක් බව සඳහන් කරන අතර ම ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ගැටලු රැසක් ඇති බවට පවසනවා. අප රටේ ඇගලුම් අපනයනවල වැඩිම ගමනාන්තය වන ඇමෙරිකාව පවා දැන් මෙසේ කියනවා.

අපේ රටේ 50%ක් දුප්පත්

ලෝක බැංකුවට අනුව අප රටේ දරිද්‍රතාව පවතින්නේ ඉතාම ඉහළ මට්ටමක. දරිද්‍රතා කම්පන සමාජයේ නිර්මාණය වී සැබෑ වැටුප් සහ ශ්‍රම බලකා සහභාගීත්වය 2019 සමග සංසන්දය කරන විට පහළ ගොස් තිබෙනවා. ගෘහයක භාණ්ඩ හා සේවා මිල දී ගැනීම අර්බුධකාරී තැනකත් රැකියා උත්පාදනය දුර්වල මට්ටමක පෝෂණ ඌනතාව ඉහළ මට්ටමක ආහාර මිල ගණන් ඉහළ මට්ටමක පවතින බව ලෝක බැංකුව සඳහන් කරනවා. ධනවත් පවුල්වලට වඩා දුප්පත් අය තුන් ගුණයක් වැඩියෙන් ආහාර සඳහා වියදම් කරනවා.

දරිද්‍රතා රේඛාව තුළ මෙන්ම ඒ රේඛාව ආසන්නව තවත් විශාල ප්‍රමාණයක් සිටිනවා. ලෝක බැංකුව පෙන්වා දෙන විදියට Center For poverty analysis කියන ආකාරයට අප රටෙන් 50%ක් දුප්පත්.

අභියෝග ගණනාවකට මුහුණ දෙන්න සිදුවෙනවා

මෙවැනි තත්ත්වයක් උඩ අපිට සතුටු විය හැකි සෘජු විදේශ ආයෝජන අප රටට ලැබෙනවා ද, නව ව්‍යවසායකයන් බිහි වෙනවා ද, විරැකියා පෝලිම අඩු වෙනවා ද කියල සෙවිය යුතුයි. ජනතාවගේ අතේ මුදල් ප්‍රමාණය වැඩි වෙනවා ද, දුප්පත්කම තුරන් කිරීමේ නිසි වැඩපිළිවෙළක් ඇත් ද යන කරුණු දෙස බලන විට 2028 ඇ. ඩොලර් බිලියන 5ක් ගෙවීම වාර්ෂිකව ක්‍රියාත්මක වන විට මේ යන විදිහට අභියෝග ගණනාවකට මුහුණ දෙන්න සිදුවෙනවා.

රටේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියේ දුර්වලතාව

ජිනීවා යෝජනාවේ සිදුවූ වාද විවාද සාකච්ඡා තුළ රටවල් 47න් 43ක් අප රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය ගැන සුබවාදීව කතා කළා කියා අහන්න ලැබුණා. එහෙම
සුබවාදීව කතා කළා නම්, ඉදිරිපත් වූ යෝජනාවට අප රටක් ලෙස විරැද්ධ වූවා නම් අපිට සුබවාදීව කතා කළ රටවල් 43 අපට පක්ෂපාතී ඡන්ද බවට පරිවර්තනය කරන්න නොහැකි වුණේ ඇයි ද කියා ගැටලුවක් පවතිනවා.  එය අප රටේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියේ දුර්වලතාවක්.

2009 යුද ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාවට යෝජනාව ජය ගන්න හැකි වුණා. එදා අපට පක්ෂ ඡන්දව 29ක් හා විරුද්ධව 12ක් ලැබුණා. එයට ප්‍රධාන හේතුව සාර්ථක ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම යි. මානව හිමිකම් ක්ෂේත්‍රය බාරව කටයුතු කළ ආචාර්ය දයාන් ජයතිලක මහතා තනි ශක්තියෙන් ඡන්ද 29ක් ගත්තා. දැන් මේ සිදුවු දේ බරපතල ගැටලුවක්.

සත්ජාතිකත්වයෙන් අපි එකට එක්ව පෙරට යමු

එම නිසා මේ මොහොතේ හෝ මේ අසාර්ථකභාවය ගැන පාඩම් ඉගෙන ගෙන රටක් ලෙස ජාති භේදය, ආගම් භේදය, වර්ණ භේදය, කුල භේදය, පන්ති පක්ෂ භේදය තුරන් කර සත්ජාතිකත්වය ශ්‍රී ලාංකිකයත්වය ශක්තිය බවට පත් කර සියලු දෙනා එකට එක්ව එක මවගේ දරුවන් ලෙස සංහිදියාව අවබෝධතාව සහෝදරත්වය එකමුතුභාවය ශක්තිය කර ගෙන රටේ ප්‍රශ්න රට ඇතුළේ විසඳාගෙන මේ ගැටලුවලට විසදුම් ලබා ගත යුතු යි.

රට අභ්‍යන්තරයේ සංහිදියා ක්‍රියාදාමය හරියට ක්‍රියාත්මක කළොත් වාර්ෂික ජිනිවා යන ගැටලුව විසඳා ගත හැකි යි.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආණ්ඩුවට බහුතර බලයක් තිබිය දී IMF පදයට නටන්නේ ඇයි...? - විපක්ෂ නායක විමසයි | The Leader