ලෙස මිස IMF එකේ පදයට නටන්නට නොවේ යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය වෙනුවෙන් පොළොන්නරුව මැදිරිගිරියේ පැවැති ජන හමුවක් අමතමිනි.
එම ජනහමුව අමතමින් වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
රජය විදුලි බිල වැඩි නොකළ හේතුව
''පසුගිය දිනවල 33%කින් විදුලි බිල අඩු කරනවා කියා ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම 6.8%ක විදුලි බිල වැඩි කිරීමකට සූදානම් වුණා. එයට හේතුව වත්මන් රජය IMF එකේ පදයට නටමින් රූකඩ නර්තනයක නියැළුණු නිසා. වත්මන් රජය බලයට ආවේ IMF නියෝජිතයන් විදියට නෙවෙයි; ජනතාවගේ නියෝජිතයන් විදියට ඡන්දයෙන්. මොවුන් බලයට ආවේ IMF එකේ පදයට නටන්න නෙවෙයි.
රජය විදුලි බිල වැඩි කළොත් පාරට බහිනවා කියල සමගි ජන බලවේගය අනතුරු ඇඟවූ නිසා මහජන උපයෝගීතා කොමිසම මාස තුනකට විදුලි බිල වැඩි කිරීම කල් දැමුවා. ඉදිරි මාස තුන තුළ විදුලි බිල පොරොන්දු වූ ආකාරයට 33%කින් අඩු කළ යුතු යි.
රු.9000 බිල 6000 කරනවා කියල වේදිකාවක් වේදිකාවක් පාසා කිව්වා. ජනතාව එයට කැමති වුණ නිසා ආණ්ඩුව පත් කළා. එම නිසා මේ විදුලි බිල අඩු කරවීමට ජනතාව පාරට බැසිය යුතු යි. ඒ සඳහා සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙනවා.
පාර්ලමේන්තුවේ දී ගොවි ගැටලු ප්‍රශ්න කරන්න තහනම්
පසුගිය ජනාධිපතිවරණයේ දී සෑම වගාවකටම පොහොර මිටිය රු. 5000ට දෙන බවට අපි පොරොන්දු වුනත් ජනතාව, වත්මන් රජයේ රු.25000 පොහොර සහනාධාරය දෙනවා කියපු නිසා වත්මන් රජය බලයට පත් කළා. දැන් ඒ මුදල් නියමිත වෙලාවට ලැබෙන්නෙ නෑ. සමහර තැන්වලට මේ මුදල් ලැබෙන්නෙ වගාව අවසන් වුණාම. ඒ ලැබෙන පොහොරත් ගුණාත්මක නැහැ. දැන් කෘෂි උපකරණ මිල පවා වැඩි වෙලා.
අලි මිනිස් ගැටුම වන සතුන් මිනිස් ගැටුම නිසා හානි වන වගා සඳහා හරියාකාර රක්ෂණ ක්‍රමයක් නෑ. දේපළ හානි හා ජීවිත හානි සදහා වන්දි ලැබෙන්නෙ නෑ. මේවා ගන්න රස්තියාදු වීමට පවා සිදුවනවා. මේවා කර අමාරුවෙන් වගා කටයුතු කර අස්වැන්න ගත්තට පස්සෙ ඒවාට සහතික මිලක් නෑ. දැන් තෙත වී රු.95යි. රු.150ක සහතික මිලක් අණ පනත් හරහා දෙනවා කිව්වට අද ඒකත් නැහැ. මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නත් තහනම්. අද රජයේ ඇමතිවරු වීදුරු කාමරවල සිට ගොවියාට හොඳ මිලක් ලැබෙන බව පැවසුවට ඇත්තකට ම ගොවියාට සාධාරණ මිලක් නැහැ. අද ගොවියා රවටා, මංමුළා කරලා.''




