එහි නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් පළකළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී 'අද දෙරණ' වෙනුවෙන් නිව්යෝක් නුවර රැඳී සිටින ඉන්දීවරි අමුවත්ත යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තෝමස් හෙල්බ්ලින්
''අපි පියවරක් පිටුපසට බැලුවොත් ආර්ථික අර්බුදකාරී වාතාවරණයෙන් පසුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාවට නැංවුවා. ඉතා ශක්තිමත් වර්ධනයක් එහි ප්‍රතිලාභ විදිහට දැන් හිමිව තිබෙනවා. පසුගිය වසරේ 5%ක වර්ධනයක්. මේ වසරේ එය 4.2%ක් වෙයි කියලා අපි ඇස්තමේන්තු කරලා තියෙනවා. ලබන වසරේ එය 3%ක් බවට පත්වීමේ විභවයක් පවතිනවා. මේ මොහොත් ලබාදිය හැකි ප්‍රමුඛම අවවාදය වෙන්නේ වඩා වැඩි ප්‍රතිලාභ අත්කරගැනීමට මේ වැඩපිළිවෙළ තවදුරටත් පවත්වාගෙන යාම වැදගත්. එවිට වර්ධනය පැමිණේවි. ඒ වගේම එය දිගින් දිගටම සිදුවෙයි. ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට වැදගත් වෙන්නේ මොකක්ද කියලා කිව්වොත්,අයවැයේ ඇතිවිය හැකි අවදානම් අවම කිරීම වෙනුවෙන් රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධතාව ප්‍රධාන භූමිකාවක් වෙනවා. ඒ වගේම රාජ්‍ය ව්‍යවසායන්ගේ ශක්‍යතාව පිළිබඳ අවධානය යොමුකළ යුතුයි. මේ ප්‍රතිලාභවල දිගුකල් පැවැත්මට එය අතිශය වැදගත්''
(adaderana)
ශ්‍රී ලංකාවේ දුෂ්කර කාලය අවසන් බව IMF කියයි
T
The Leader Desk
October 18, 2025 • 4:43 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එහි නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් පළකළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී 'අද දෙරණ' වෙනුවෙන් නිව්යෝක් නුවර රැඳී සිටින ඉන්දීවරි අමුවත්ත යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
- මේ වසරේ එය 4.2%ක් වෙයි කියලා අපි ඇස්තමේන්තු කරලා තියෙනවා.
- ලබන වසරේ එය 3%ක් බවට පත්වීමේ විභවයක් පවතිනවා.
- මේ මොහොත් ලබාදිය හැකි ප්‍රමුඛම අවවාදය වෙන්නේ වඩා වැඩි ප්‍රතිලාභ අත්කරගැනීමට මේ වැඩපිළිවෙළ තවදුරටත් පවත්වාගෙන යාම වැදගත්.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



