The Leader News
BREAKING
ලෝකය හොල්ලන AI රැල්ල බිඳ වැටුණොත් ආසියාවට වෙන දේ●නව ව්‍යවස්ථාවට සාකච්ඡා ජනවාරියේ: පළාත් සභා ඡන්දය මුලින්ම●ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පැහැර හැරීම: කෙහෙළිය ඇතුළු පිරිසට එරෙහිව නඩු●රියාද් ගුවන් තොටුපොළ ප්‍රහාරය: අනතුරු ඇඟවීමේ පද්ධතිය නිහඬ වූයේ ඇයි?● IMF අනතුරු අඟවයි: රටවල් රැසකට වියදම් කප්පාදු හැර විකල්ප නෑ! ●ආගමික ඇඳුම් ගරුත්වය රැකීමට 9 වැනි වගන්තිය ක්‍රියාත්මක කරන්න: සජිත්●සාලයේ ටීවී එකෙන් පැතිරෙන අලුත්ම AI අවදානම●කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පැහැර හැරීම: කෙහෙළිය ඇතුළු පිරිසට එරෙහිව නඩු

Awara

Awara

October 14, 2026 • 10:17 AM

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පැහැර හැරීම: කෙහෙළිය ඇතුළු පිරිසට එරෙහිව නඩු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදවලින් බැහැරව ව්‍යාජ ලේඛන යොදාගනිමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් පද්ධතියට සැපයීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ පසුගිය මාර්තු 27 වැනිදාය (නඩු අංක: SC/FR/65/2023).
  • එහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට රුපියල් මිලියන 75 ක් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී.
  • ජයරත්න, හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂවරයා ඇතුළු සෙසු නිලධාරීන් හතරදෙනාට එක් අයෙකුට රුපියල් මිලියන 50 බැගින් ද තම පෞද්ගලික මුදලින් රජයට වන්දි ලෙස ගෙවන ලෙස නියෝග කෙරිණි.
  • නියෝගය පැහැර හැරීම සහ නීතිමය තර්කය ට්‍රාන්ස්පේරන්සි ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දෙන්නේ, මුදල් ගෙවීම සඳහා අධිකරණය විසින් විශේෂිත කාලසීමාවක් නියම කර නොතිබූ පසුබිමක, එකී ගෙවීම් නීත්‍යානුකූලව වහාම (forthwith) සිදුකිරීමට වගඋත්තරකරුවන් බැඳී සිටි බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙන්ම සමස්ත රාජ්‍ය පාලන තන්ත්‍රයම දැඩි කම්පනයකට පත්කළ ආන්දෝලනාත්මක 'හියුමන් ඉමියුනොග්ලොබියුලින්' (Human Immunoglobulin) සිද්ධිය සම්බන්ධයෙන් ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුව ක්‍රියාත්මක නොවීම හේතුවෙන්, මේ වන විට නීතිමය ක්ෂේත්‍රයේ අලුත් අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී.

නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදවලින් බැහැරව ව්‍යාජ ලේඛන යොදාගනිමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් පද්ධතියට සැපයීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ පසුගිය මාර්තු 27 වැනිදාය (නඩු අංක: SC/FR/65/2023).

එහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට රුපියල් මිලියන 75 ක් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න, හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂවරයා ඇතුළු සෙසු නිලධාරීන් හතරදෙනාට එක් අයෙකුට රුපියල් මිලියන 50 බැගින් ද තම පෞද්ගලික මුදලින් රජයට වන්දි ලෙස ගෙවන ලෙස නියෝග කෙරිණි.

එහෙත් එම නියෝගය ලබාදී මාස කිහිපයක් ගතවුවද, කිසිදු වගඋත්තරකරුවෙකු අදාළ මුදල් රජයේ මහා භාණ්ඩාගාරයට ගෙවා නොමැති බව තහවුරු වීමත් සමඟ, ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් (SC/Contempt/09/2026) ආරම්භ කරන ලෙස ඉල්ලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ නව පෙත්සමක් ගොනු කර ඇත.

නියෝගය පැහැර හැරීම සහ නීතිමය තර්කය

ට්‍රාන්ස්පේරන්සි ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දෙන්නේ, මුදල් ගෙවීම සඳහා අධිකරණය විසින් විශේෂිත කාලසීමාවක් නියම කර නොතිබූ පසුබිමක, එකී ගෙවීම් නීත්‍යානුකූලව වහාම (forthwith) සිදුකිරීමට වගඋත්තරකරුවන් බැඳී සිටි බවයි.

අදාළ පාර්ශ්වයන් මේ දක්වා එම මුදල් ගෙවීම පැහැර හැරීම හුදු අතපසුවීමක් නොව, උත්තරීතර අධිකරණ නියෝගයක් දැනුවත්ව සහ සචේතනිකව නොසලකා හැරීමක් බව පෙත්සම්කරුවන්ගේ ස්ථාවරයයි. මේ හේතුවෙන්:

* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය

* 2024 අංක 08 දරන අධිකරණයකට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත

යන ප්‍රතිපාදන යටතේ වගඋත්තරකරුවන් පස්දෙනාට එරෙහිව සුදුසු දඬුවම් නියම කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

වගඋත්තරකරුවන් සහ නියම වූ වන්දි මුදල්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මඟින් වගඋත්තරකරුවන් පස්දෙනා වෙත නියම කළ වන්දි මුදල් මෙසේය:

* හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල : රජයට ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 75 කි.
* හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත : රජයට ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 50 කි.
* NMRA හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න : රජයට ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 50 කි.
* NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර : රජයට ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 50 කි.
* වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක : රජයට ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 50 කි.

මෙම කිසිදු වගඋත්තරකරුවෙකු නියමිත මුදල් මේ දක්වා රජයට ගෙවා නොමැති අතර, එසේ මෙම වගඋත්තරකරුවන් පස්දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයේ නිශ්චිත නියෝග පිළිපැදීමට අපොහොසත් වීම, නොසලකා හැරීම හෝ ප්‍රතික්ෂේප කිරීම අධිකරණයට අපහාස කිරීමක් බව පෙත්සම මගින් චෝදනා කර සිටියි. එමෙන්ම, මෙම දිගින් දිගටම සිදුවන නියෝග නොසලකා හැරීම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ බලධාරීත්වය අගෞරවයට හෝ නොතැකීමකට ලක් කර ඇති බවටද වැඩිදුරටත් චෝදනා කෙරේ.

එබැවින් මෙම අදාළ හැසිරීම පිළිබඳව අවධානය යොමු කර නීත්‍යානුකූලව සුදුසු පියවර ගන්නා ලෙස TISL ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews#keheliyarambukwella
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...