මෙම පද්ධතිය හදිසි බිඳවැටීමකට ලක් වූයේ පසුගිය 10 වැනිදා ය. ඉන් ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන 8 කට දැඩි බලපෑමක් සහ තවත් රාජ්‍ය ආයතන 30 කට අධික සංඛ්‍යාවකට විවිධාකාරයේ බලපෑම් ද එල්ල වී තිබිණි.
මේ අතර පොලිස් නිෂ්කාෂණ පද්ධතිය පමණක් පසුගිය 17 වැනිදා පස්වරුවේ යථාවත් කර ගැනීමට හැකි වූ බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල පැවැසීය.
තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ඉංජිනේරුවරුන් යොදවා පද්ධතිය යථාවත් කිරීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරමින් සිටින බවද ලේකම්වරයා කීවේය.
මෙය හැකර් ප්‍රහාරයකින් සිදුවූවක් නොවන බවත් පද්ධතියේ ඇති අසීමිත තොරතුරු හේතුවෙන් වූ බිඳ වැටීමක් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ලංකා ගවර්මන්ට් ක්ලවුඩ් සේවාව බිඳ වැටීම හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා වලක්වා ගැනීම සඳහා විකල්ප වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
එහි ඩිජිටල් ආර්ථික උපදේශක සුමුදු රත්නායක පැවසුවේ තම උප්පැන්න සහතිකය මීට පෙර දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගැනීමට හැකියාව තිබූ බවය.
කෙසේ වෙතත් දැනට උප්පැන්න සහතිකය ලබාගැනීමට හැකිවන්නේ, තමන් උපන් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් පමණක් බවද ඔහු පැවසුවේ ය.
ලංකා ගවර්මන්ට් ක්ලවුඩ් සේවාවේ බිඳ වැටීම නිසා බලපෑමට ලක්ව ඇති රාජ්‍ය ආයතන වෙඩි අඩිවි සංඛ්‍යාව 40 කට අධිකය.
ඒ අතර රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව ආදී ආයතන ගණනාවක ඔන්ලයින් සේවාද වන බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන සඳහන් කරන ලදි.
සබැඳි ලිපි :
රාජ්‍ය ආයතන රැසක Online සේවාවන් බිඳ වැටේ - හදිසි රැස්වීමක් කැඳවයි
ඩිජිටල්කරණය මැද රජයේ වෙබ් අඩවි රැසක් අක්‍රීය වී ඇත්තේ ඇයි ?




