බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් රැජිනගේ සමයේ සිදුවූ සත්‍ය සිදුවීම්වලින් ආභාසය ලබා නිර්මාණය කළ "The Crown" ටෙලිකතා මාලාවේ

අවසන්(6) කතාංග කිහිපයෙන් කේට් මිඩ්ල්ටන් සහ විලියම් කුමරුගේ නූතන රාජකීය ප්‍රේම සම්බන්ධය හඳුන්වා දීමට නෙට්ෆ්ලික්ස් නිෂ්පාදක කණ්ඩායම කටයුතු කර ඇත. 


නෙට්ෆ්ලික්ස් කතා මාලා අතර බෙහෙවින් ජනප්‍රිය වූ මෙම කතා මාලාවේ අවසන් කොටස් කිහිපය ඉකුත් දෙසැම්බර් 14 වැනිදා සිට ප්‍රදර්ශනය ඇරඹිණි. 



ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෲස් විශ්ව විද්‍යාලයේ සිසුන් වශයෙන් සිටිය දී විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් අතර ප්‍රේම සම්බන්ධතාවය ඇරඹුණු ආකාරය මෙම ටෙලි මාලාව ඔස්සේ සුරඟන කතාවක් ලෙසින් ගොඩනගා ඇති බවයි විචාරක අදහස වන්නේ.

විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කළ, පුණ්‍යායතනයක් සඳහා වූ විලාසිතා දැක්මක කේට් ගේ නිරුපණය දැක විලියම් කුමරුගේ සිත ඇය කෙරෙහි බැඳෙන අයුරුත්, දෙදෙනා ගේ ආදර සම්බන්ධතාවය ඇරඹෙන අයුරුත් The Crown ඔස්සේ අපූරුවට ප්‍රති නිර්මාණය කර තිබේ.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්