The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

Miss Srilanka in Europe : මව්බිමට අත දෙන යුරෝපා රූප සුන්දරියෝ

T

The Leader Desk

October 6, 2025 • 5:04 AM

Miss Srilanka in Europe : මව්බිමට අත දෙන යුරෝපා රූප සුන්දරියෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රංශය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ඛෙල්ඡියම, ඉතාලිය, ජර්මනිය, පින්ලන්තය, එංගලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය යන යුරෝපා රටවල් වලින් තරගකාරියන් 14 දෙනෙකු ඉදිරිපත්වී සිටින්නෝය.
  • මෙම උත්සවයේ මුහුරත් උළෙලක් පසුගියදා පැරීසියේදී පැවැත් වූයේය.
  • යුරෝපයේ රූප සුන්දරියන් තෝරා පත් කර ගත් මෙවැනිම උත්සව දෙකක් මීට වසර ගනනාවකට පෙර පැරීසියේදී පවත්වා ඇති අතර මෙවර පැවැත් වෙන්නේ තෙවන වරටය.
  • ඔක්තෝම්බර් මස 18 වෙනි දින අවසන් උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන බව සංවිධායකයින් දැනුම්දී සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රංශය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ඛෙල්ඡියම, ඉතාලිය, ජර්මනිය, පින්ලන්තය, එංගලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය යන යුරෝපා රටවල් වලින් තරගකාරියන් 14 දෙනෙකු ඉදිරිපත්වී සිටින්නෝය.

මෙම තරගකාරියන් හැඩ ගැන්වීම තමිදු ජයසේකර, තෙල්මා මොරායස්, නිලූ ප්‍රනාන්දු, ශන්කලා පෙරේරා යන අයගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.

මෙම විචිත්‍රවත් අසිරිමත් සන්ධ්‍යාව රසවත් කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන රංග හා නර්තන ශිල්පී හා ගායක සඡිත ඇන්තනී සහභාගිවේ.

ශ්‍රී ලංකාවේ ප්‍රවීන හා ප්‍රසිද්ධ විලාසිතා නිරූපනියන් වන රොසෑන් ඩයස්, ෆෙත් ලැන්ඩෙස්, රමණි ප්‍රනාන්දු, බුද්ධි බතික් අධිපතිනිය දර්ශී කිර්තිසේන, සෙරන්ඩීබ් මැනික් ව්‍යාපාරයේ අධිපති දොස්තර රුවන් කරුනාදාස, හෙට්ටිගොඩ සිද්ධාලේප, ජුවෙල් බොක්ස් අධිපතිනිය අනුශා ජයමාලි, කෝලංකා අධිපති බිනුඡ් උබයරත්න ඇතුළු දෙස් විදෙස් අනුග්‍රහක භවතුන් රැසක් මෙම උත්සවයට සහභාගි වීමට නියමිතය.

මෙම උත්සවයේ මුහුරත් උළෙලක් පසුගියදා පැරීසියේදී පැවැත් වූයේය. ප්‍රංශයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ නිලධාරීන්, අනුග්‍රහකයන්, හා විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගීවූ එම අවස්ථාවේදී උත්සවයේ ප්‍රතිලාභයන් කොළඹ 05, සිංහ සමාජයේ මග පෙන්වීම යටතේ අබාධිත හා පිලිකා රෝගි දරුවන්ගේ සුභ සාධනය සඳහා පිරිනමන බව ඉහත තරුණ සංවිධානයේ සභාපතිනිය ෂෙයාරා මෙන්ඩිස් එදින උත්සව සභාවේදී පැවසීය.

යුරෝපයේ රූප සුන්දරියන් තෝරා පත් කර ගත් මෙවැනිම උත්සව දෙකක් මීට වසර ගනනාවකට පෙර පැරීසියේදී පවත්වා ඇති අතර මෙවර පැවැත් වෙන්නේ තෙවන වරටය. නමුත් මෙහිදී විශේෂත්වය වන්නේ සංවිධානත්වය නව පරපුරේ තරුන තරුනියන් පිරිසක් නවීන තාක්ෂණයන් සමග සම්බන්ධ වෙමින් චමිදු ප්‍රනාන්දු, ප්‍රසංඟ සිල්වා, චන්න ගුණසේකර, සිසිර ප්‍රනාන්දු, රොහාන් දයාදර යන උපදේශක මණ්ඩලයේ අත්දැකීම් සහිත උපදේශන සමග එය ඉතා උසස් මට්ටමේ උත්සවයක් ලෙස පැවැත් වීමට අවශ්‍ය මූලික පියවරයන් තබා ඇත.

ඔක්තෝම්බර් මස 18 වෙනි දින අවසන් උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන බව සංවිධායකයින් දැනුම්දී සිටිති.

 

Miss Sri Lanka In europe
(සටහන | සුනිල් ආනන්ද පැරීසියේ සිට)
sunilanandadisney@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...