The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

'New Media-New Life” වැඩමුළුවට ජවිපෙ මාධ්‍ය ඒකකයේ දෙදෙනෙක් චීනයට

T

The Leader Desk

September 17, 2025 • 5:01 AM

'New Media-New Life” වැඩමුළුවට ජවිපෙ මාධ්‍ය ඒකකයේ දෙදෙනෙක් චීනයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “New Media-New Life” පුහුණු වැඩමුළුව සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ආරාධනාවක් මත ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයේ තරුණ නියෝජිතයින් දෙදෙනෙකු සහභාගී වී සිටිති.
  • “ගෝලීය දැනුම සම්ප්‍රේෂණය සඳහා, තාරුණ්‍ය බලමුළු ගැන්වීමේ චීනය සහ විදේශ රටවල් අතර තරුණ කතිකාව” තේමාවෙන් සැප්තැම්බර් 16 වන දින චීන අන්තර් මහද්වීපික සන්නිවේදන මධ්‍යස්ථානයේදී කථිකාවක් පවත්වා තිබේ.
  • එහිදී “අන්තර්ජාතික දේශපාලන පක්ෂ අතර මාධ්‍ය සහයෝගීතාව” මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය කමිටු සාමාජික විමුක්ති යසස් අදහස් පල කර ඇත.
  • එම කථිකාව අතර තුර චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමති සන් හයියන් සමග අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාවකටද ඔවුන් එක් වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

“New Media-New Life” පුහුණු වැඩමුළුව සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ආරාධනාවක් මත ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයේ තරුණ නියෝජිතයින් දෙදෙනෙකු සහභාගී වී සිටිති.

ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය නියෝජනය කරමින් ධනුක සඳරුවන් සහ විමුක්ති යසස් යන දෙදෙනා සහභාගී වී සිටිති.

“ගෝලීය දැනුම සම්ප්‍රේෂණය සඳහා, තාරුණ්‍ය බලමුළු ගැන්වීමේ චීනය සහ විදේශ රටවල් අතර තරුණ කතිකාව” තේමාවෙන් සැප්තැම්බර් 16 වන දින චීන අන්තර් මහද්වීපික සන්නිවේදන මධ්‍යස්ථානයේදී කථිකාවක් පවත්වා තිබේ. එහිදී “අන්තර්ජාතික දේශපාලන පක්ෂ අතර මාධ්‍ය සහයෝගීතාව” මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය කමිටු සාමාජික විමුක්ති යසස් අදහස් පල කර ඇත.

එම කථිකාව අතර තුර චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමති සන් හයියන් සමග අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාවකටද ඔවුන් එක් වී ඇත.

දේශපාලන පක්ෂ මාධ්‍ය කමිටුවල තරුණ නායකයින්, ප්‍රකාශන කර්මාන්තයේ නියෝජිතයින් සහ චීනය, මැලේසියාව, ලාඕසය, ටජිකිස්තානය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක විශේෂඥයින් සහ විද්වතුන් මෙම අවස්ථාවට සහභාගී කරවා ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශකටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබීම විශේෂත්වයකි.

 

yasas

yasas 2

| lankatruth

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'New Media-New Life” වැඩමුළුවට ජවිපෙ මාධ්‍ය ඒකකයේ දෙදෙනෙක් චීනයට | The Leader