The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

NPP මන්ත්‍රීවරුන් පිරිසකට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

T

The Leader Desk

September 17, 2025 • 11:14 AM

NPP මන්ත්‍රීවරුන් පිරිසකට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගුණසිංහ, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පී.
  • පලිහේන යන අය ඉදිරිපත් වූ අතර ඔවුන් නිසි පරිදි නිවාඩු අනුමත කර ගැනීම හෝ අවශ්‍ය පරිදි රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම සිදු කර නොමැති බැවින් එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තිය උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වීම නීති විරෝධි කරුණක් බව ය.
  • වැඩි දුරටත් අදහස් දක්වමින් උපතිස්ස කුමාරතුංග ප්‍රකාශ කර සිටියේ, වත්මන් ආණ්ඩුවේ වෙළඳ කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ 2000/ 2001 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස කටයුතු කළ අතර ඔහු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙකු ද වූ බවය.
  • එකල තමන් රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස කටයුතු කළ බව ද ඔහු සිහිපත් කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


එහි දී අදහස් දැක් වු නියෝජ්‍ය නායකවරයා ප්‍රකාශ කර සිටියේ 2024 නොවැම්බර් මස 21 වන දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය එම්. ඩබ්. එන්. යු. ගුණසිංහ, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පී. ඩී. එන්. කේ. පලිහේන යන අය ඉදිරිපත් වූ අතර ඔවුන් නිසි පරිදි නිවාඩු අනුමත කර ගැනීම හෝ අවශ්‍ය පරිදි රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම සිදු කර නොමැති බැවින් එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තිය උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වීම නීති විරෝධි කරුණක් බව ය.

වැඩි දුරටත් අදහස් දක්වමින් උපතිස්ස කුමාරතුංග ප්‍රකාශ කර සිටියේ, වත්මන් ආණ්ඩුවේ වෙළඳ කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ 2000/ 2001 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස කටයුතු කළ අතර ඔහු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙකු ද වූ බවය. එකල තමන් රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස කටයුතු කළ බව ද ඔහු සිහිපත් කළේ ය.

ඒ පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක්වූ උපතිස්ස කුමාරතුංග...

වසන්තගේ දෙබිඩි පිළිවෙත

''වසන්ත සමරසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ සභාපති ලෙසත්, මම රජරට විශ්වවිද්‍යාලයේ සභාපති ලෙසත් අන්තරයේ එකට වාඩි වුණා. එදා වසන්ත සහෝදරයා තබුත්තේගම පෞද්ගලික උපකාරක පන්ති හිමිකරු වෙමින් මුදලට අධ්‍යාපනය විකුණන ගමන් අන්තරයේ මේසයේ වාඩි වෙලා ප්‍රකාශ කරේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරකිය යුතු බවයි. මීට වසර 20 කට කලින් අපි ඔහුගේ දෙබඩි වැඩපිළිවෙළ ගැන කතා කළා, වාද කළා, ඔහුට අභියෝග කළා.

ඒ නිසා අපි අද මතක් කරන්නේ මේ රටේ නිර්ධන පන්තියේ කෝටිපති වසන්ත සමරසිංහ ගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනක් පත්වී තිබෙනවා; ඒ, නියමිත පරිදි රජයේ සේවයෙන් ඉල්ලා අස්වීම හා විශ්‍රාම ගැනීමෙන් තොරව. රටේ වංචාව හා දුෂණය ගැන කතාකරන වසන්ත සමරසිංහට අපි නැවතත් අභියෝගයක් එල්ල කරනවා පුළුවන් නම් ඔබේ දිස්ත්‍රික්කයේ නීත්‍යානුකූල නොවන ලෙස මැතිවරණයට ඉදිරිපත් වුණු අනීතික ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන් සිටී නම් එවැනි මන්ත්‍රිවරු පිළිබඳව එළියට ඇවිත් කතා කරන්න. ඔබේ  පහසුව සඳහා අපට ලැබුණු තොරතුරු නම් අපි අද නම් සහිතව රටට ඉදිරිපත් කර තියෙනවා

මිලියන 270ක වත්කම් උපයා ගත් ආකාරය රටට හෙළි කරන්න

මේ රටේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව කතා කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් පාරට ගෙනල්ලා, රටේ විශ්වවිද්‍යාල ප්‍රගමනය හා නිදහස් අධ්‍යාපනය සංවර්ධනය වීමට තිබෙන අවස්ථා අහෝසි කරලා, මහ දවල් ශිෂ්‍යයින් පාරට ගෙනල්ලා, ගේට්ටු පෙරළලා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ ජීවිත බිලිගත් වසන්න සමරසිංහට අභියෝග කරනවා පුළුවන්නම් තමන්ගේ දිස්ත්‍රික්කය තුළ නීතිය උල්ලංඝනය කළ මන්ත්‍රීවරු පිළිබඳව හා තමන්ගේ මිලියන 270 ක වත්කම් උපයා ගත් ආකාරය රටට හෙළි කරන්න කියලා.''

WhatsApp Image 2025 09 17 at 3.52.01 PM 1


ඇමතිවරු ගැන සැකනම් උසාවියට යන්න පුළුවන් - ඇමති ලාල් කාන්තා

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසන්නේ, තම රජයේ මැති ඇමැතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් කාට හෝ සැකයක් පවතී නම් නීතිමය මාර්ගයට යා හැකි බවයි.

නීතිය සැමට එකසේ  ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.

වත්කම් සහ බැරකම් නීත්‍යානුකූලව භාර දෙන බවත්, ඒවායේ කිසියම් වැරදි තොරතුරක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතියට හැකියාව ඇති බවත් ඔහු පැවසීය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

NPP මන්ත්‍රීවරුන් පිරිසකට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් | The Leader