The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

රාජ්‍ය ආයතන රැසක Online සේවාවන් බිඳ වැටේ - හදිසි රැස්වීමක් කැඳවයි

T

The Leader Desk

October 14, 2025 • 4:02 AM

රාජ්‍ය ආයතන රැසක Online සේවාවන් බිඳ වැටේ - හදිසි රැස්වීමක් කැඳවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ඉංජිනේරුවන් සහ සේවා සැපයුම්කරුවන්, මෙම ක්ලවුඩ් සේවාවන් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රියාශීලීව කටයුතු කරමින් සිටී.
  • මේ අතරතුර, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, සහතික පිටපත්, අදාළ මුල් සහතික පත් නිකුත් කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තොරතුරු පද්ධති වල සහය නොමැතිව (Manually) ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.
  • පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම පාර්ශ්වකාර ආයතන වෙත පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව නිසි පරිදි දැනුම් දී ඇත.
  • LGC සේවාවන් නැවත ස්ථාපිත කිරීම සඳහා උපරිම ප්‍රමුඛතාවය ලබා දී ඇති අතර, 2025 ඔක්තෝබර් මස දී ආරම්භ කරන ලද LGC ව්‍යාප්තියේ මීළඟ අදියර ක්‍රියාත්මක කිරීම තුළින් පවතින ධාරිතා සහ මෙභෙයුම් සීමාවන් සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම සේවාවන් අතර,

* රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ (BMD) සහතික නිකුත් කිරීමේ පද්ධතිය,

* පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (බස්නාහිර පළාත හැර) මාර්ගගත ආදායම් බලපත්‍ර පද්ධතිය (eRL 2.0), පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිෂ්කාශන සහතික පද්ධතිය,

* වාණිජ දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත රට සහතික නිකුත් කිරීමේ මාර්ගගත පද්ධතිය,

* විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් පද්ධතිය, ඊ - පළාත් පාලන පද්ධතිය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව,

* සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක වෙබ් අඩවි මීට අයිති වේ.

තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ඉංජිනේරුවන් සහ සේවා සැපයුම්කරුවන්, මෙම ක්ලවුඩ් සේවාවන් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රියාශීලීව කටයුතු කරමින් සිටී.

මේ අතරතුර, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, සහතික පිටපත්, අදාළ මුල් සහතික පත් නිකුත් කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තොරතුරු පද්ධති වල සහය නොමැතිව (Manually) ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම පාර්ශ්වකාර ආයතන වෙත පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව නිසි පරිදි දැනුම් දී ඇත.

LGC සේවාවන් නැවත ස්ථාපිත කිරීම සඳහා උපරිම ප්‍රමුඛතාවය ලබා දී ඇති අතර, 2025 ඔක්තෝබර් මස දී ආරම්භ කරන ලද LGC ව්‍යාප්තියේ මීළඟ අදියර ක්‍රියාත්මක කිරීම තුළින් පවතින ධාරිතා සහ මෙභෙයුම් සීමාවන් සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.

ICTA ආයතනය මහජනතාවට සහ LGC හි සත්කාරකත්වය දරන ආයතනවලට සිදු වූ අසීරුතාවය පිළිබඳව තම බලවත් කනගාටුව පළ කරන අතර, හැකි ඉක්මනින් මාර්ගගත සේවාවන්හි පූර්ණ ධාරිතාව යථා තත්ත්වයට පත් කිරීමට සියලු ප්‍රයත්නයන් දරන බව යළිත් සහතික කරයි.

බිඳවැටුණූ Online සේවාවන් සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක්

දෙපාර්තමේන්තු 8 ක පමණ බලපෑම් ඇතිකළ මාර්ගගත රජයේ සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම කඩිනම් කිරීම සඳහා අදාළ නිලධාරීන්ගේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වේ.

අද පෙරවරුවේ එම විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිත බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී තිබුණි.


මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

ඩිජිටල්කරණය මැද රජයේ වෙබ් අඩවි රැසක් අක්‍රීය වී ඇත්තේ ඇයි ?


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රාජ්‍ය ආයතන රැසක Online සේවාවන් බිඳ වැටේ - හදිසි රැස්වීමක් කැඳවයි | The Leader