The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

අත්අඩංගුවට ගත් මහින්දගේ PSO රිමාන්ඩ්

T

The Leader Desk

October 2, 2025 • 3:19 PM

අත්අඩංගුවට ගත් මහින්දගේ PSO රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධාන ආරක්ෂකනිලධාරී, විශ්‍රාමික කර්නල් නෙවිල් වන්නි ආරච්චි ඔක්තෝබර් මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
  • අද දහවල් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ නෙවිල් වන්නියාරච්චි, අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට අද පස්වරුවේ ඉදිරිපත් කළේය.
  • සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, " ස්වාමීනී 2014 වසරේ ජූලි මස 24 වනදා අල්ලස් කොමිසමට ලැබුණු ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළා.
  • ඉන් අනතුරුව විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස 2016 වසරේ දෙසැම්බර් මස දැනුම් දුන්නත් එම තොරතුරු නිසි ආකාරව ඔහු ලබා දුන්නේ නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ  ප්‍රධාන ආරක්ෂකනිලධාරී, විශ්‍රාමික කර්නල් නෙවිල් වන්නි ආරච්චි ඔක්තෝබර් මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කළේය.

අද දහවල් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ නෙවිල් වන්නියාරච්චි, අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට අද පස්වරුවේ ඉදිරිපත් කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

" ස්වාමීනී 2014 වසරේ ජූලි මස 24 වනදා අල්ලස් කොමිසමට ලැබුණු ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළා. ඉන් අනතුරුව විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස 2016 වසරේ දෙසැම්බර් මස දැනුම් දුන්නත් එම තොරතුරු නිසි ආකාරව ඔහු ලබා දුන්නේ නෑ. පසුගිය වසර 07 තිස්සේ විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාදීම සහ ඒ සඳහා ප්‍රකාශ ලබාදීම සඳහා කොමිසම හමුවී පෙනී සිටීම ඔහු මගහැර තිබෙනවා.

මේ වසරේ අගෝස්තු මාසයේ ඔහු තොරතුරු සමහරක් ලබා දුන්නා. ඒවා අසම්පූර්ණ තොරතුරු. මේ වන විට සිදු කර තිබෙන විමර්ශන වලට අනුව සැකකරු තමන්ගේ නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 28 ක් වැඩිපුර උපයාගෙන තිබෙන බවට තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා. මෙම සැකකරුට ප්‍රකාශ ලබා දෙන්න කියලා අවස්ථා කිහිපයකම දැනුම් දුන්නා. එහෙත් ඔහු ආවේ නෑ. දුරකථන ඇමතුම් ලබාදුන්නත් ඒවාට පිළිතුරු ලබා දුන්නෙ නෑ. අවසානයේදී එක් දුරකථන ඇමතුමකට ඔහු තත්පර 52 ක පිළිතුරක් ලබා දුන්නා. එහිදී ඔහු සඳහන් කළේ " දැන් එන්න බැහැ" කියලයි." යනුවෙන් සඳහන් කර සිටියේය.
 
වැඩිදුරටත් කරුණු දැක්වූ  අල්ලස් කොමිසමේ නිලධාරියා කියා සිටියේ,
 
" ස්වාමීනි... අද දින මේ සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔහු විසින් අත්පත් කරගෙන තිබෙන දේපළ ගණනාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා. වලස්මුල්ල ප්‍රදේශයේ අක්කර තුනයි පර්ච් හතක විශාලත්වයකින් යුත් ඉදිකරමින් පවතින ඉන්ධන හලක්, පල්ලෙකැලේ ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 45 ක් පමණ වටිනා නිවසක්, මහරගම නාවින්න ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 125ක් වටිනා නිවසක් මොහු විසින් අත්පත් කරගෙන තිබෙන බවට අනාවරණය වී තිබෙනවා.

ඊට අමතරව දෙමටගොඩ ප්‍රදේශයේ රුපියල් දහසය ලක්ෂ පනස්දාසක වටිනා නිවසක්, තිස්සමහාරාම ප්‍රදේශයේ පර්චස් 44 කින් යුත් හෝටලයක්, මාදිවෙල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 400ක පමණ වටිනා ඉඩමක් මොහු විසින් අත්පත් කරගෙන තිබෙන බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඊට අමතරව මෙම සැකකරුට බෙලිඅත්ත සහ වීරකැටිය ප්‍රදේශීය බදු පදනම මත ලබාගත් කඩ සාප්පු තිබෙන බවටත් තොරතුරු අනාවරණය වුණා.

 එමෙන්ම මෙම සැකකරුට බස්රථ හා ටිපර් රථ ගණනාවක් තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. එම වාහනවල සේවය කරන්නේ මොහුගේ ඥාතීන්. ඒ නිසා එම වාහනවලින් මොහුට කොපමණ ආදායමක් ලැබෙනවාද යන්න ගණනය කිරීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකළ යුතුයි." යනුවෙන් සඳහන් කර සිටියේය.

වැඩි දුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි, අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

" ස්වාමීනී මෙම සැකකරු පසුගිය වසර හත තුළ විමර්ශනවලට අවශ්‍ය සහාය ලබා දුන්නේ නැහැ. ප්‍රකාශ ලබාදීම සඳහා දැනුම්දුන් අවස්ථාවල පැමිණියේ නෑ.  විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාදීමක්ද සිදු කළේ නැහැ. මොහු යටතේ තිබෙන බස් රථ හා ටිපර් රථවල සේවය කරන්නේ ඔහුගේ ඥාතීන්. මොහුට ඇප ලබා දුනහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමට හැකියාවක් තිබෙනවා." එම නිසා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර  ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවූ කරුණු දක්වමින්,

" ස්වාමීනී මෙම සැකකරුට එරෙහිව මීට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් මීට පෙර අල්ලස් කොමිසමෙන් නඩු පහක් ගොනුකර තිබුණා. ඔහු එම චෝදනාවලට වරද පිළිගත්තා. මොහු විමර්ශනවලට සහාය ලබා නොදුන් බවට අල්ලස් කොමිසම එල්ල කරන චෝදනා පිළිගන්න බැහැ. මොකද මොහු විමර්ශනවලට අවශ්‍ය  දිවුරුම් ප්‍රකාශ හතක් අවස්ථා කිහිපයකදීම ලබාදීලා තිබෙනවා. ඒ වගේම මේ විමර්ශනය පසුගිය වසර 11 තිස්සේ පැවැත්වෙනවා. ඒත් මේ සැකකරු කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් සිද්ධ කළ බවට මේ දක්වා පැමිණිල්ලක් ඉදිරිපත් වී නැහැ. ඔහු විමර්ශන වලට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීලා තිබෙනවා." යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ අනුව සැකකරු ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා,

" මෙම සැකකරු මීට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ නොකිරීම සම්බන්ධ නඩු පහකට වරද පිළිගත් බව ඔහුගේ නීතිඥවරු ප්‍රකාශ කළා. එහෙත් එම නඩුකරය හා මෙම විමර්ශනය කරුණු දෙකක් බව පෙනී යනවා. සිය විමර්ශනවලට මේ සැකකරු සහාය ලබා නුදුන් බවටත් අල්ලස් කොමිසම ප්‍රකාශ කළා" ඒ අනුව මෙම අවස්ථාවේදී විමර්ශන කටයුතු ඉදිරියටත් සිදුවන හෙයින් මෙම සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ඒ අනුව අදාළ සැකකරු ඔක්තෝම්බර් මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රත්වරයා එදින මෙම සැකකරු සම්බන්ධව සිදු කළ විමර්ශන ඔහු විසින් අත්පත් කරගෙන ඇති බව කියන දේපළ පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...