ඒ අනුව ඊට අදාළ වාස වීසා අවසරය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විසින් ඊයේ ( ඔක්.01) පායි ඩ්‍රෙශල් වෙත ප්‍රදානය කළේය.
අංක 2360/24 හා 2023.11.27 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති සංශෝධිත ආගාමික හා විගාමික නියෝග යටතේ අනුමත තනි පුද්ගල ආයෝජක කාණ්ඩයට අදාලව මෙය ලබා දී ඇත.
මෙම වාස වීසා විශේෂ කාර්යයන් සඳහා පදිංචිවීමේ පහසුකම් ලබාගැනීමට ශ්‍රී ලාංකික නොවන අයෙකුට ලබාදෙන අවසර පත්‍රයකි.
මෙම තනි පුද්ගල ආයෝජක කාණ්ඩයේ වාස වීසා සඳහා විදේශිකයන් අයදුම් කිරීමේදී,
* ඇමරිකානු ඩොලර් 100 000/- හෝ ඊට සමාන විදේශීය මුදලක් සදහා වසර 05ක වාස වීසාවක් සහ
* ඇමරිකානු ඩොලර් 200 000/- හෝ ඊට සමාන විදේශීය මුදලක් සදහා වසර 10ක වාස වීසාවක් ලබා දීම සිදු කරයි.
අදාළ ආයෝජකයා විසින් ශ්‍රී ලංකාවේ ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක, වීසා වැඩසටහන් විදේශ ගිණුමක් (Visa Programme Foreign Currency Account- VPFCA) විවෘත කර ඉහතින් සඳහන් කළ මුදල තැන්පත් කිරීම මගින් මෙම වාස වීසාව ලබාගැනීම සඳහා අයදුම් කිරීමේ හැකියාව ඇත.
විදේශිකයන්ට ශ්‍රී ලංකාව තුළ ආයෝජන කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට හැකිවන අයුරින් මෙම තනි පුද්ගල ආයෝජන කාණ්ඩයට අදාල වාස වීසා ලබාදීම තුළින් මෙරට තුළ විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂිතය.
ශ්‍රී ලංකාව තුළ ආයෝජන සඳහා එක්වෙමින් Residence Visa ලබාගත් පළමු විදේශිකයා
T
The Leader Desk
October 2, 2025 • 3:46 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඒ අනුව ඊට අදාළ වාස වීසා අවසරය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විසින් ඊයේ ( ඔක්.01) පායි ඩ්‍රෙශල් වෙත ප්‍රදානය කළේය.
- අංක 2360/24 හා 2023.11.27 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති සංශෝධිත ආගාමික හා විගාමික නියෝග යටතේ අනුමත තනි පුද්ගල ආයෝජක කාණ්ඩයට අදාලව මෙය ලබා දී ඇත.
- මෙම තනි පුද්ගල ආයෝජක කාණ්ඩයේ වාස වීසා සඳහා විදේශිකයන් අයදුම් කිරීමේදී, * ඇමරිකානු ඩොලර් 100 000/- හෝ ඊට සමාන විදේශීය මුදලක් සදහා වසර 05ක වාස වීසාවක් සහ * ඇමරිකානු ඩොලර් 200 000/- හෝ ඊට සමාන විදේශීය මුදලක් සදහා වසර 10ක වාස වීසාවක් ලබා දීම සිදු කරයි.
- අදාළ ආයෝජකයා විසින් ශ්‍රී ලංකාවේ ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක, වීසා වැඩසටහන් විදේශ ගිණුමක් (Visa Programme Foreign Currency Account- VPFCA) විවෘත කර ඉහතින් සඳහන් කළ මුදල තැන්පත් කිරීම මගින් මෙම වාස වීසාව ලබාගැනීම සඳහා අයදුම් කිරීමේ හැකියාව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



