The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
පුවත්

වරාය නගරයේ ප්‍රධානීන්ගේ 'අධික' වැටුප් RTI හරහා සඟවයි! තොරතුරු දීම කොමිසමෙන් ප්‍රතික්ෂේප කරයි

T

The Leader Desk

June 25, 2026 • 2:04 PM

වරාය නගරයේ ප්‍රධානීන්ගේ 'අධික' වැටුප් RTI හරහා සඟවයි! තොරතුරු දීම කොමිසමෙන් ප්‍රතික්ෂේප කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ ප්‍රතිපාදනවලට අනුව, පොදු ආයතනවල වැටුප් පරිමාණයන් පිළිබඳ මූලධර්ම විවෘතව පැවතිය යුතු වුවද, වරාය නගර කොමිෂන් සභාව සිය ඉහළ නිලධාරීන්ගේ තනි පුද්ගල මූල්‍ය වේතන තොරතුරු හෙළිදරව් කිරීමෙන් වැළකී සිටීමට පියවර ගෙන ඇත.
  • පොදු ක්‍රියාකාරකමකට සෘජු සම්බන්ධයක් නොමැති සහ පුද්ගලික රහස්‍යතාව අනවශ්‍ය ලෙස ආක්‍රමණය කිරීමට හේතු වන තොරතුරු මෙමඟින් ආරක්ෂා කෙරෙන බව ඔවුන්ගේ ස්ථාවරයයි.
  • රහස්‍ය මූල්‍ය ගිවිසුම්: RTI රෙගුලාසිවල 20 වන රෙගුලාසිය යටතේ ආයතනයේ පොදු වැටුප් පරිමාණයන් (Salary Scales) විවෘතව පැවතිය යුතු වුවද, මෙම තනි පුද්ගල මූල්‍ය වේතනයන් රහස්‍ය ගිවිසුම් (Confidential agreements) යටතේ පාලනය වන බැවින් ඒවා පොදුගත කළ නොහැකි බව වරාය නගර පාලනාධිකාරිය දක්වා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

2016 අංක 12 දරන RTI පනතේ 'පුද්ගලිකත්වයේ රහස්‍යභාවය' පිළිබඳ වගන්තිවලින් ආවරණයක් ලබා ගනී

තනි පුද්ගල මූල්‍ය වේතන රහස්‍ය ගිවිසුම් යටතේ පවතින බව වරාය නගර ආර්ථික කොමිසම කියයි


කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු කොමසාරිස්වරුන්ගේ පුද්ගලික වැටුප් විස්තර ලබා ගැනීම සඳහා  ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ (RTI) විශේෂ අයදුම්පත කොමිෂන් සභාව විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙරට අනෙකුත් ඉහළම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ලබන වැටුප් තලවලට වඩා වරාය නගර ප්‍රධානීන්ගේ වැටුප් හා දීමනා අතිශයින්ම ඉහළ අගයක් ගන්නා පසුබිමක, ලියාපදිංචි අංක CPCEC/TRI/20/03/23/469 RTI 06 යටතේ ඉදිරිපත් වූ මෙම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ වරාය නගර සංවර්ධන සමාගම විසින් මෙලෙස ප්‍රතික්ෂේප කර ඇත.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ ප්‍රතිපාදනවලට අනුව, පොදු ආයතනවල වැටුප් පරිමාණයන් පිළිබඳ මූලධර්ම විවෘතව පැවතිය යුතු වුවද, වරාය නගර කොමිෂන් සභාව සිය ඉහළ නිලධාරීන්ගේ තනි පුද්ගල මූල්‍ය වේතන තොරතුරු හෙළිදරව් කිරීමෙන් වැළකී සිටීමට පියවර ගෙන ඇත.

රාජ්‍ය සේවා ව්‍යුහයෙන් බැහැරව පවතින මෙම ආයතනයේ ඉහළම තලයේ මූල්‍ය විනිවිදභාවය සම්බන්ධයෙන් මෙම තීරණය සෘජුවම බලපානු ලබයි.


RTI ප්‍රතික්ෂේප කිරීමට අදාළව ඉදිරිපත් වූ ප්‍රධාන නෛතික කරුණු


පුද්ගලිකත්වයේ රහස්‍යභාවය:


මෙම නිශ්චිත වැටුප් තොරතුරු හෙළිදරව් නොකිරීම සඳහා කොමිෂන් සභාව විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5(1)(a) වගන්තිය ප්‍රකාරව පුද්ගලික තොරතුරුවල රහස්‍යභාවය සුරැකීමේ ප්‍රතිපාදන භාවිත කර තිබේ. පොදු ක්‍රියාකාරකමකට සෘජු සම්බන්ධයක් නොමැති සහ පුද්ගලික රහස්‍යතාව අනවශ්‍ය ලෙස ආක්‍රමණය කිරීමට හේතු වන තොරතුරු මෙමඟින් ආරක්ෂා කෙරෙන බව ඔවුන්ගේ ස්ථාවරයයි.

රහස්‍ය මූල්‍ය ගිවිසුම්:


RTI රෙගුලාසිවල 20 වන රෙගුලාසිය යටතේ ආයතනයේ පොදු වැටුප් පරිමාණයන් (Salary Scales) විවෘතව පැවතිය යුතු වුවද, මෙම තනි පුද්ගල මූල්‍ය වේතනයන් රහස්‍ය ගිවිසුම් (Confidential agreements) යටතේ පාලනය වන බැවින් ඒවා පොදුගත කළ නොහැකි බව වරාය නගර පාලනාධිකාරිය දක්වා ඇත.

චක්‍රලේඛවලින් බැහැර වීම:


2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත මඟින් ඊට ලබා දී ඇති ස්වයං-පාලන බලතල ප්‍රකාරව, එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සේවා කොන්දේසි සහ වේතන තීරණය කිරීමේ පූර්ණ බලය කොමිෂන් සභාව සතු වන අතර, සාමාන්‍ය රාජ්‍ය අංශයේ කළමනාකරණ සේවා චක්‍රලේඛ ඊට බල නොපායි. 

 
 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන යටතට වැටෙන, එකී පනත යටතේ වත්කම් බැරකම් ප්‍රකාශන ලබාදිය යුතු තනතුරු දරන මේ ප්‍රධානීන් තම වැටුප් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම මෙම ආයතනයේ පාරදෘශ්‍යභාවය පිළිබඳ දැඩි සැකයක් ඇති කරයි.
 
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...