The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

S&P Global Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නංවයි

T

The Leader Desk

September 19, 2025 • 4:11 PM

S&P Global Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නංවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදේශ විනිමය ස්වෛරී ණය ශ්‍රේණිය 'SD/SD' සිට 'CCC+/C' දක්වා ඉහළ නංවා තිබේ.
  • ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් නිකුත් කර තිබූ ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කරය ප්‍රතිව්‍යූහගත කිරීමට ඒ දක්වා ශ්‍රී ලංකාව අපොහොසත් වී තිබීම මෙලෙස ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නොදැමීමට ප්‍රධාන හේතුව වශයෙන් S&P Global Ratings එහිදී සඳහන් කර තිබුණි.
  • මේ සම්බන්ධයෙන් අද (19) දින නිවේදනයක් නිකුත් කරමින් S&P Global Ratings පවසන්නේ, 2022 ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්ව ඇති බවත්, ඇතැම් සාර්ව ආර්ථික දර්ශක අර්බුදයට පෙර පැවති මට්ටම් ඉක්මවා යාමට මේ වන විටත් සමත්වී ඇති බවත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

විදේශ විනිමය ස්වෛරී ණය ශ්‍රේණිය 'SD/SD' සිට 'CCC+/C' දක්වා ඉහළ නංවා තිබේ.

ස්වෛරී බැඳුම්කර ඇතුළු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය පසුගිය වකවානුවේ දී සාර්ථක ලෙස ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පසු Fitch Ratings සහ Moody's යන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙක ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නැංවීමට කටයුතු කළද, S&P Global Ratings විසින් එසේ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීමට කටයුතු කර තිබුණේ නැත.


ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් නිකුත් කර තිබූ ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කරය ප්‍රතිව්‍යූහගත කිරීමට ඒ දක්වා ශ්‍රී ලංකාව අපොහොසත් වී තිබීම මෙලෙස ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නොදැමීමට ප්‍රධාන හේතුව වශයෙන් S&P Global Ratings එහිදී සඳහන් කර තිබුණි.


මේ සම්බන්ධයෙන් අද (19) දින නිවේදනයක් නිකුත් කරමින් S&P Global Ratings පවසන්නේ, 2022 ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්ව ඇති බවත්, ඇතැම් සාර්ව ආර්ථික දර්ශක අර්බුදයට පෙර පැවති මට්ටම් ඉක්මවා යාමට මේ වන විටත් සමත්වී ඇති බවත්ය.

තවද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රජයේ සහතික කළ බැඳුම්කර ඇතුළුව, තවමත් පැහැර හැර ඇති වාණිජ ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ණය හිමියන් සමඟ ක්‍රියාකාරීව සාකච්ඡා කරමින් සිටියද, කාලය ගෙවී යාම මත පදනම්ව, වත්මන් තත්වයන් යටතේ තවදුරටත් විසඳුමක් ලබා ගැනීමට නොහැකි බව S&P Global Ratings විශ්වාස කරන බව ඔවුන් වැඩිදුරටත් කියා සිටී.

මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ ණය සුදුසුකම් පිළිබඳ S&P Global Ratings ඉදිරි දැක්ම පිළිබඳ මතය වඩා හොඳින් පිළිබිඹු කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව සඳහා විදේශ මුදල් ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් 'SD/SD'  සිට 'CCC+/C' දක්වා ඉහළ දැමු බවත්, ඒ සමඟම දේශීය මුදල් ශ්‍රේණිගත කිරීම් 'CCC+/C' ලෙස තහවුරු කර ඇති බවත් S&P Global Ratings සඳහන් කරයි.

| adaderana
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...