සයින්දමරුදු ආරක්ෂක නිවසේ සිදුවූ බෝම්බ පිපිරීමන් පසු සරා ජස්මින් හෙවත් පුලස්තිනි මහේන්ද්‍රන්

එම ස්ථානයේදීම මිය ගිය බව සනාථ කෙරෙන තොරතුරු රැසක් පාර්ලිමේන්තුවේ දී අද (22) අනාවරණය විය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති දින දෙකක විවාදයේ දී සරා ජස්මින් සම්බන්ධයෙන් පක්ෂ - විපක්ෂ මන්ත්‍රීවරුන් විවිධාකාරයේ අදහස් පළකර අතර අද දින පිළිතුරු කතාවේ දී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, සහරාන්ගේ බිරිඳ වන හාදියාගේ ප්‍රකාශය මගින් සයින්දමරුදු ප්‍රහාරය අවස්ථාවේ දී සාරා ජෙස්මින් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් පැළඳ සිටි බව සනාථ කළේය.

ඇගේ මරණය තහවුරු කිරීම සඳහා සිදු කළ DAN විමර්ශන පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ප්‍රශ්න කළේය.

එම ස්ථානයේ අධි බලැති බෝම්බ කිහිපයක් පුපුරා ඇති බවට සනාථ වී ඇති බැවින්, බොහොමයක් සිරුරු කොටස් ඉතා කුඩා කෑලි වලට කැඩී ගොස් තිබුබව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසිය.

එම බෝම්බ පිපිරීමෙන් පසු තමා පැය ගණනාවක් සිහිසුන් නොමැතිව සිටි බවත් පසුව අලුයම අවදි වූයේ සිය දියණිය වතුර ඉල්ලා කෑ ගැසීමෙන් පසුව බවත් සහරාන්ගේ බිරිඳ වන හාදියා සිය ප්‍රකාශනයේ සඳහන් කොට ඇත.  


''පළමුව ගත්තේ සාම්පල් 26, ඒකෙන් 11ක් නරක් වුණා - තුන්වෙනි පාර සාම්පල් 83 ක් ගත්තා''

සාරා ජෙස්මින්ගේ මරණය තහවුරු කිරීම සඳහා DNA පරීක්ෂණ වලය අවශ්‍යය සාම්පල තුන් වතාවක් ගත් බව ටිරාන් අලස් අමාත්‍යවරයා පැවසිය.

සිද්ධිය වූ වාහම 2019 මැයි 02 වන දින පවත්වන ලද මරණ පරික්‍ෂණයේ දී පිපිරුම් සිදු වූ ස්ථානයේ මළ සිරුරක් ලෙස හඳුනාගත හැකි වැඩිහිටි සිරුරු 06 ක් ද විනාශ වී ගිය වැඩිහිටි මළ සිරුරු 04 ක කොටස් සහ විනාශ වී ගිය දරුවන්ගේ මළ සිරුරු 06 ක රුධිර සාම්පල 26 ක් ලබාගෙන ඇත.

නමුත් ඉතිරි අවශේෂ කොටස් වල සාම්පල ලබාගෙන නොතිබිණ. එහෙත් රස පරික්‍ෂක කාර්යාලය වෙත යොමු කරන ලද රුධිර සාම්පල වලින් සාම්පල 11 ක් නරක් වී ඇති බවත්, ඒ අනුව, නරක් වූ සාම්පල වලට අදාළ සිරුරු කොටස් වලින් පමණක් ඉන් පසු 2019 ජුනි 07 වන දින සාම්පල 11ක්  ලබාගෙන දෙවන පරික්‍ෂාව සිදුකර ඇත.

එහෙත් මේ ගැන සිදුකළ තෙවැනි DNA පරීක්ෂණය 2022 අප්‍රේල් 27 වන දින සිදු කර තිබේ.  ඒ අනුව එම පිපිරුම සිදු වූ ස්ථානයේ තිබූ සියළුම මළ සිරුරු සහ අවශේෂ කොටස් ආවරණය වන පරිදි සාම්පල 83 ක් ලබාගෙන DNA පරික්‍ෂණය සිදුකර ඇත. එහිදී සාරා ජෙස්මින්ගේ මවගේ සහ සාරා ජෙස්මින්ගේ DNA  සාම්පල සැසඳී ඇත.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත මහසේත්‍රාත්, අධිකරණ වෛද්‍ය, රස පරික්‍ෂක ඇතුළු අනෙකුත් ආයතන වල නිලධාරින් ඉදිරියේ මෙම ක්‍රියාවලිය සිදුකර තිබේ.

විමර්ශන නිලධාරින් විසින් සියළු ශරීර කොටස්  ආවරණය වන පරිදි රුධිර සාම්පල ලබානොගැනීම හේතුවෙන් පළමු වර සහ දෙවන වර පරික්‍ෂණ කටයුතු නිසි පරිදි සිදුවී නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.
 

 

''අබු හින්ද්ට උඩින් බුද්ධි අංශ ප්‍රධානීන් සිටියා ''

මෙම විවාදයේ දී විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු ප්‍රශ්න කළ අබු හින්ද් නමැති පුද්ගලයාට ඉහළින් බුද්ධි ප්‍රධානීන් සිටි බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (සැප්තැම්බර් 22) සිය පිළිතුරු කතාවේ දී සදහන් කළේය.

එමෙන්ම 'පොඩි සහරාන්' සමග කටයුතු කළ 'සොනික් සොනික්' යන කේතයෙන් හැඳින් වූ පොලිස් පරීක්ෂක බණ්ඩාර රට හැර ගොස් නොමැති බවත් ඔහු තවමත් සේවයේ සිටින බව ද ඔහු පැවසුවේය.

ටාජ් හෝටලයේ බෝම්බය පුපුරවා ගැනීමට ගොස් එම ස්ථානයෙන් ඉවතට පැමිණි ජමීල්ට දුරකථන ඇමතුම් ලබා දී තිබුණේ සුරේෂ් සලේ නොව ජමිල්ගේ බිරිඳ බවත් ටිරාන් අලස් සිය පිළිතුරු කතාවේ දී සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සහ එහි විමර්ශන සම්බන්ධයෙන් පවතින සැක සහිත තත්ත්වයන් ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම ප්‍රශ්න මතු කළහ.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්