අන්තවාදී ප්‍රචාරණ චෝදනා මත කල්මුනේ පදිංචි මොහොමඩ් මුනාෂ් (Mohamed Munaz) නමැති තරුණයකු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ විධිවිධාන

පනත යටතේ දින 90ක රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි.

Mohamed Munaz නමැති සමාජ ජාල ෆේස්බුක් ගිණුම මගින් ''Not only in Sri Lanka, all the Christian temples in the world should be completely destroyed!'- Allahu Akbar!'' යනුවෙන් සටහනක් යොදන ලද කල්මුණ පදිංචිකරුවෙකු වන මොහොමඩ් මුනාස් යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබා දුන් තොරතුරක් මත ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය විසින් මෙසේ සැප්තැම්බර් 24 දින අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු 2018 වර්ෂයේදීද මේ ආකාරයෙන්ම කිතුණු ආගමික පල්ලි විනාශ කලයුතු බවට සමාජ ජාල ෆේස්බුක් ගිණුමක් මගින් ප්‍රචාරයක් කර ඇතිබව පොලිසිය පවසයි.

මොහු කල්මුණකුඩි පදිංචිකරුවෙකු වුවද රැකියාව ලෙස වෑල්ඩින් කර්මාන්තය සිදුකරන හෙයින් පොතුවිල් ප්‍රදේශයේ රැඳී සිටින අයෙකි.

පොලිසිය පවසන්නේ, සැකකරු ආගමික වශයෙන් දැඩි ලෙස වහබි මතවාදයට නැඹුරු පුද්ගලයෙකු බවට බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති බවයි.

මොහු විසින් යොමුකරන ලද මෙම ඉහත ප්‍රකාශය පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් විසින් සිය මිතුරන් අතර ද ප්‍රචාරය කර ඇත.


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්