The Leader News
BREAKING
Top Ad
පුවත්

චීවරය සහ බන්ධනාගාර නීතිය: නව සංශෝධනයක් කරළියට

සිරගත වන භික්ෂූන් වහන්සේලා පිටතට වැඩම කරවීමේදී චීවරය භාවිතය සහ බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය පිළිබඳ විශේෂ කමිටු නිර්දේශ ජනාධිපති ලේකම්වරයාට සහ බන්ධනාගාර බලධාරීන්ට යොමු කර තිබේ.

Pasan

Pasan

October 14, 2026 • 8:30 PM

චීවරය සහ බන්ධනාගාර නීතිය: නව සංශෝධනයක් කරළියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දශක ගණනාවක් පැරණි බන්ධනාගාර නීති පද්ධතිය සහ මෙරට සාම්ප්‍රදායික ආගමික වටිනාකම් අතර මතුව ඇති සංවේදී ගැටුමට පරිපාලනමය විසඳුමක් සෙවීමේ මූලික පියවර මේ වන විට ගෙන තිබේ.
  • ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පත්කළ විශේෂ කමිටුවේ අතුරු වාර්තාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත අද (14) නිල වශයෙන් භාර දෙනු ලැබිණි.
  • වත්මන් බන්ධනාගාර ආඥාපනත යටතේ ක්‍රියාත්මක නිත්‍ය නියෝග 356 සංශෝධනය කර 356 (අ) ලෙස නව වගන්තියක් එක් කිරීමටත්, දෙපාර්තමේන්තු නියෝග 550 සංශෝධනයටත් කමිටුව නිර්දේශ කර ඇත.
  • පිටතට වැඩම කරවීමේදී චීවරය : නඩු කටයුතු හෝ වෙනත් අවශ්‍යතා සඳහා බන්ධනාගාරයෙන් පිටතට වැඩම කරවීමේදී චීවරය දැරීමට පූර්ණ අවසරය හිමිවන අතර, අදාළ නිකායෙන් හෝ පාර්ශවයෙන් ඊට පටහැනි නිල දැනුම්දීමක් කරන තුරු එම අයිතිය නොවෙනස්ව පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):

දශක ගණනාවක් පැරණි බන්ධනාගාර නීති පද්ධතිය සහ මෙරට සාම්ප්‍රදායික ආගමික වටිනාකම් අතර මතුව ඇති සංවේදී ගැටුමට පරිපාලනමය විසඳුමක් සෙවීමේ මූලික පියවර මේ වන විට ගෙන තිබේ.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පත්කළ විශේෂ කමිටුවේ අතුරු වාර්තාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත අද (14) නිල වශයෙන් භාර දෙනු ලැබිණි.


නිත්‍ය නියෝගවලට එන වෙනස කුමක්ද?

වත්මන් බන්ධනාගාර ආඥාපනත යටතේ ක්‍රියාත්මක නිත්‍ය නියෝග 356 සංශෝධනය කර 356 (අ) ලෙස නව වගන්තියක් එක් කිරීමටත්, දෙපාර්තමේන්තු නියෝග 550 සංශෝධනයටත් කමිටුව නිර්දේශ කර ඇත.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ මෙම නිර්දේශ මඟින් ප්‍රධාන කාරණා දෙකක් ආවරණය වන බවයි:

* දින 10ක සහන කාලය: යම් භික්ෂුවක් බන්ධනාගාරගත කිරීමේදී, එතෙක් පැළඳ සිටි ඇඳුම ඉවත් කර සිරකරු ඇඳුම ලබාදීමට පෙර ඒ පිළිබඳ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම්දී පියවර ගැනීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයාට දින 10ක කාලයක් හිමිවේ.

* පිටතට වැඩම කරවීමේදී චීවරය: නඩු කටයුතු හෝ වෙනත් අවශ්‍යතා සඳහා බන්ධනාගාරයෙන් පිටතට වැඩම කරවීමේදී චීවරය දැරීමට පූර්ණ අවසරය හිමිවන අතර, අදාළ නිකායෙන් හෝ පාර්ශවයෙන් ඊට පටහැනි නිල දැනුම්දීමක් කරන තුරු එම අයිතිය නොවෙනස්ව පවතී.

මෙම ක්‍රමවේදය වෙනත් ආගමික පූජකවරුන් සම්බන්ධයෙන් ද ඒ ඒ ආගමික පසුබිමට ගැළපෙන සේ සංශෝධනය කර ක්‍රියාවට නැංවීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

img-20261014-203315-mceclip0-eptYKh.jpg

විශේෂ කමිටු වාර්තාව ජනාධිපති ලේකම්වරයාට භාර දෙයි


අධිකරණය සහ මහමඟ උණුසුම

පරිපාලනමය මට්ටමින් මෙම නිර්දේශ ඉදිරිපත්වන පසුබිමක, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ තීරණයට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගය සඳහා අභියාචනාධිකරණය හමුවේ අමල් රණරාජා, මහෙන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

එමෙන්ම මහනුවරින් ඇරඹි ‘සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවත පැමිණි අතර, හෙට දිනයේ කොළඹට පැමිණීමට නියමිතය. ආගමික අනන්‍යතාව සහ බන්ධනාගාර නීතිය අතර සමබරතාව රැකගැනීමේ මෙම ක්‍රියාවලිය දෙස සමාජයේ විවිධ පාර්ශ්ව දැඩි විමසිල්ලෙන් පසුවේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...