The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

SVAT අහිමි කරන්න එපා ! සජිත් ප්‍රේමදාස IMF නියෝජිතයන්ට කියයි

T

The Leader Desk

October 2, 2025 • 11:07 AM

SVAT අහිමි කරන්න එපා ! සජිත් ප්‍රේමදාස IMF නියෝජිතයන්ට කියයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සඳහා පියවරක් ගන්නා ලෙසත්, එය අප රටේ අපනයන ක්ෂේත්‍රයට හිතකර දෙයක් බවට පෙන්වා දුන් අතර SVAT පහසුකම අප රටේ අපනයනකරුවන්ට අහිමි කිරීමෙන් පසු එයට විකල්පයක් ලෙස ඇති වැඩපිළිවෙළක් රජයේ පැත්තෙන් බිහිවී නොමැති බව IMF නියෝජිතයින්ට පෙන්වා දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
  • ඔහු එලෙස පැවසුවේ අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී IMF නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේ දී ය.
  • දුප්පත්කම නැති කරන්න ඒකාග්‍රතාවයෙන් යුක්ත නව වැඩපිළිවෙළක් අවශ්‍යයි අප රටේ ඇති දුප්පත්කමට විසඳුමක් තිරසර ලෙස ක්‍රියාත්මක වන්නේ නැහැ.
  • අස්වැසුම වැඩසටහන තුළින් පාරිභෝජනයට ශක්තියක් ලැබුණත් ආයෝජන ඉතිරි කිරීම් නිෂ්පාදන හා අපනයන යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් නැති නිසා රටෙන් 50%ක් දුප්පතුන් වී ඇති බවට පර්යේෂණවලින් අනාවරණය වී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සඳහා පියවරක් ගන්නා ලෙසත්, එය අප රටේ අපනයන ක්ෂේත්‍රයට හිතකර දෙයක් බවට පෙන්වා දුන් අතර SVAT පහසුකම අප රටේ අපනයනකරුවන්ට අහිමි කිරීමෙන් පසු එයට විකල්පයක් ලෙස ඇති වැඩපිළිවෙළක් රජයේ පැත්තෙන් බිහිවී නොමැති බව IMF නියෝජිතයින්ට පෙන්වා දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඔහු එලෙස පැවසුවේ අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී IMF නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී IMF නියෝජිත පිරිස වෙත වැඩි දුරටත් කරුණු පැහැදිළි කළ විපක්ෂ නායකවරයා...

දුප්පත්කම නැති කරන්න ඒකාග්‍රතාවයෙන් යුක්ත නව වැඩපිළිවෙළක් අවශ්‍යයි

අප රටේ ඇති දුප්පත්කමට විසඳුමක් තිරසර ලෙස ක්‍රියාත්මක වන්නේ නැහැ. අස්වැසුම වැඩසටහන තුළින් පාරිභෝජනයට ශක්තියක් ලැබුණත් ආයෝජන ඉතිරි කිරීම් නිෂ්පාදන හා අපනයන යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් නැති නිසා රටෙන් 50%ක් දුප්පතුන් වී ඇති බවට පර්යේෂණවලින් අනාවරණය වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ද අපි IMF නියෝජිතයන්ට පෙන්වා දුන්නා. මේ භයංකාර තත්ත්වය පෙන්වා දී දුප්පත්කම තුරන් කිරිමේ යම් ඒකාග්‍රතාවයෙන් යුක්ත තිරසර වැඩසටහනක අවශ්‍යතාවත් අපි පෙන්වා දුන්නා.

පරාටේ නීතිය නිසා අගතියට පත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගත යුතුයි

එසේම රටේ ආර්ථිකයට සහ රැකියා නියුක්තියට විශාල දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පරාටේ නීතිය ක්‍රියාත්මක වීම නිසා විශාල අගතියකට පත්ව තිබෙනවා. අවස්ථා කිහිපයක දී පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටවූවත් ඊට සමගාමීව ණය ප්‍රතිව්‍යුහගතකරණය, ණය හා පොළිය කපා හැරීම වැනි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක නොවීම නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අසරණ වෙලා. මේ අනුව කරුණු ගණනාවක් හරහා IMF ක්‍රියාවලිය තුළ රටේ ජනතාව සමාජ ගැටලු රැසකට මුහුණ දෙමින් ඇති මොහොතක ජනතාවට සහන හා ශක්තිය ලබා දීමට මීට වඩා වැඩිදියුණු වූ IMF වැඩපිළිවෙළක් අවශ්‍ය යි.

මෙම අවස්ථාවට IMF සංවිධානය නියෝජනය කරමින් Mr Evan Papageorgiou (IMF Mission Chief) සහ Ms Martha Woldemichael (IMF Resident Representative) මෙන්ම සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය සහ විපක්ෂය නියෝජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, හර්ෂණ රාජකරුණා සහ එස්. එම්. මරික්කාර යන මන්ත්‍රීවරුන් එක්වූහ.

svat 1svat 2


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...