මූල්‍ය වරදක් සිදුකළා සේ සලකා නඩු පැවරීමට හැකියාව ලැබෙන යාන්ත්‍රණය අද (15) සිට ක්‍රියාත්මක කිරීමට මුල පිරිණි.
ඒ අනුව බදු අපරාධ විමර්ශනය සඳහා ඊට අදාළ අපරාධමය නීතිය යටතේ නඩු පැවරීමට හැකියාව ලැබෙන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ ක්‍රම වේදය කොළඹ දේශීය ආදායම් දෙපාර්තමේන්තු මූලස්ථානයේදී සමාරම්භ කෙරිණි.
ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු අපරාධ විමර්ශනය ශක්තිමත් කිරීම සඳහා එක්සත් රාජධානියේ ආදායම් අධිකාරියේ (HMRC) විශේෂඥයින්ගේ මඟ පෙන්වීමෙන් හා OECD-UNDP අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කරනු ලබන "Tax Inspectors Without Borders for Criminal Investigation (TIWB-CI)" වැඩසටහනට යටතේ මෙම කටයුතු සිදු කෙරේ.
ඒ අනුව ආදායම් බදු පැහැර හැරීම,බදු වාර්තා නිවැරදිව ලබා නොදීම, මුදල් විශුද්ධිකරණය සිදු කිරීම වැනි වරදවල් ඇතුලු ආදායම් බදු වංචා සම්බන්ධයෙන් දැනට වඩා තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට දෙපාර්තමේන්තුවට හැකියාව ලැබේ.
TIWB-CI යනු බදු අපරාධ විමර්ශන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ සංකීර්ණ බදු අපරාධ විමර්ශන සඳහා සජීවි සහාය ඇතුළුව එවැනි අපරාධ නඩු කටයුතු විසඳීම වඩාත් දියුණු කිරීම සඳහා නිර්මාණය කරන ලද විශේෂ තාක්ෂණික සහාය වැඩසටහනක් බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු ප්‍රකාශ කළාය.
මෙම සමාරම්භක උළෙලේදී දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්, HMRC, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, OECD, UNDP හා ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය, ශ්‍රී ලංකා රේගුව, සුරා බදු දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන නියෝජිතයින් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වූහ.
මෙම වැඩ සටහන ඉදිරි මාස 18 - 24 තුළ ක්‍රියාත්මක වේ.
(සටහන | ජේ.මුණසිංහ)




