The Leader News
BREAKING
Top Ad
පුවත්

සෝමපාල ලිලානන්ද දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ මාධ්‍යවේදීයෙක්, තිර රචකයෙක්, දෙබස් රචකයෙක් සේම ගීත රචකයෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ සෝමපාල ලීලානන්ද දිවි සැරිය නිමා කර ඇත. මිය යන විට ඔහු 82වන වියේ පසුවිය.

Pasan

Pasan

October 14, 2026 • 7:45 PM

සෝමපාල ලිලානන්ද දිවි සැරිය නිම කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 70 දශකයේ දී ය.
  • ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද , චණ්ඩි පුතා, ආත්මා, 150 මුල්ලේරියාව, බඹර පැටික්කී යනාදි චිත්‍රපට අතිශය ජනප්‍රිය විය.
  • ඔබ අපි කවුරුත් නම කියූ පමණින් හඳුනන ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ අධ්‍යක්ෂණය කළ චිත්‍රපට 16කම තිර රචනය කර ඇත්තේ සෝමපාල ලීලානන්ද ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 70 දශකයේ දී ය. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද , චණ්ඩි පුතා, ආත්මා, 150 මුල්ලේරියාව, බඹර පැටික්කී යනාදි චිත්‍රපට අතිශය ජනප්‍රිය විය.

ඔහු විසින් රචනා කරන ලද ගීත ප්‍රමාණය ද අති විශාල ය. මේ අතරින්: “අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා”, “බඹරා වගේ මට තවම විසේ”, “තනියේ ආවාරේ ඇසුණා ගී රාවේ”, “පාට පොදක් තිලකලා නළල් තලාවේ”, “මල් වයසේ මධු සිහිනේ”, “පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ”, “වාසනාව දොර ඇරලා බලනවා”, “කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා”, “පෙම්වතියන්නේ පෙම්වතියන්නේ”, “බිළිදුනේ දරුවනේ පැලෙත් රජ මැදුරේ”, “මේ අහල්ලා අහල්ලා මගේ තාලේ”, “නිල්ල නඟන ස්වර්ණ කිකිනි රාවේ”, “සිටු මැදුරේ හෝ පුංචි පැලේ” සහ “යෞවන උයනේ” යනාදි ගීත ද ඉතා ජනප්‍රියත්වයට පත් විය.

චිත්‍රපට ගිත රචනයට මෙන් ම චිත්‍රපට සඳහා තේමා පාඨ නිර්මාණය කිරීමට ද හෙතෙම විශේෂ දක්ෂතාවක් දැක්වී ය. එම තේමා පාඨ අතරින්: “සප්ත කන්‍යා කඳුයායේ රාව ප්‍රතිරාව නඟන හීන කුලයේ පෙම්වතියකගේ කඳුළු කතාව” (මධු සිහින), “ලොව කිසිම ගැහැනියකට මෙවන් විපතක් නොවේවා”(මිහිදුම් සළු), “සටන අයුක්තියට එරෙහිව නම්, ජය එතැන වනු ඇත” (සුර දූතියෝ), “සටන් බිම මලින් සැරසු මල් කුමරියකගේ කතාව” (සසර චේතනා), “ඔබේ නුවන් යුග නිවී ගියා යැයි නොහඬන් අයියන්ඩි, දිවි ඇති තුරා මා ඔබේ දෙනෙත වෙන්නම්” (චංචල රේඛා) යනාදි චිත්‍රපට තේමා පාඨ ඒකළ ඉතා ජනප්‍රියත්වයට පත් විය.

ඔබ අපි කවුරුත් නම කියූ පමණින් හඳුනන ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ අධ්‍යක්ෂණය කළ චිත්‍රපට 16කම තිර රචනය කර ඇත්තේ සෝමපාල ලීලානන්ද ය. ඒ සෑම චිත්‍රපටයක් සඳහාම ගීත රචනා කළේ ද ඔහු වීම තවත් විශේෂත්වයකි.

කලක් අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වූ විජය කුමාරතුංග සහ චන්ද්‍රලේකා පෙරේරා ගායනා කළ “සැරයටියෙන්
අපි යනෙන තුරා” ගීතයේ පද රචනය ද සෝමපාල ලීලානන්ද ගේ ය.

ඔහුගේ අවසන් කටයුතු සිදුවන අකාරය පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බැවින් එම කටයුතු පිළිබඳ තොරතුරු ලද සැණින් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවන අතර ම ඔහු සිනමාව වෙනුවෙන් කළ මෙහෙය ද අපි ඉතා ගෞරවයෙන් අගයන්නෙමු.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...