මාලදිවයිනේ පැවති ජනාධිපතිවරණයෙන් ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කළ වත්මන් ජනාධිපතිවරයා පරාජයට පත් කරමින් චීන හිතවාදී විපක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කර තිබේ.


ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි දෙවැනි වටයේ ඡන්ද විමසීමේ පරාජය පිළිගත්තේ 54% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් ඔහුගේ ප්‍රතිවාදියා වූ මොහොමඩ් මුයිසුට සුබ පතමිනි.

මාලේ අගනුවර නගරාධිපති මුයිසු "ඉන්දියාව ඉවතට" යන සටන් පාඨය සමඟ ජනපතිවරණ ඡන්ද සටන ආරම්භ කළේය.

නොවැම්බර් 17 වන දින ඔහුගේ අනුප්‍රාප්තිකයා පත් වන තෙක් වත්මන් ජනපති සෝලි භාරකාර ජනාධිපති ලෙස කටයුතු කරනු ඇත.

මොහොමඩ් මුයිසු යනු කවුද?

1978 දී උපත ලද මුයිසු එක්සත් රාජධානියේ ලීඩ්ස් විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත. ඔහු දේශපාලනයට පිවිසියේ 2012 වසරේ නිවාස අමාත්‍යවරයා ලෙසයි.

යමීන් බලයට පත් වූ සමයේ, මොහොමඩ් මුයිසු එම අමාත්‍ය ධුරයම දැරූ අතර මාලදිවයින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමඟ මාලේ සම්බන්ධ කරන ඩොලර් මිලියන 200 (පවුම් මිලියන 164) පාලමක් ඉදිකිරීම ඇතුළු දැවැන්ත ව්‍යාපෘති කිහිපයකට ඔහු අත්සන් කළේය.

2021 දී, ඔහු PPM පක්ෂය නියෝජනය කරමින් ප්‍රථම වරට මාලේ නගරාධිපතිවරයා තෝරා ගැනීමේ මැතිවරණය ජයග්‍රහණය කළේය.

Screenshot 2023 10 01 at 15.59.43
ඉන්දියාව සහ චීනය අතර සටනක් බවට පත් වුණු මාලදිවයින් ජනාධිපතිවරණය

ඉන්දියන් සාගරයේ මධ්‍යයේ පිහිටි කොරල් දූපත් සහ හිරිගල් දූපත් 1,200කින් පමණ සමන්විත මාලදිවයින්හි ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි සහ විපක්ෂ අපේක්ෂක මොහොමඩ් මුයිසු අතර දෙවන වටයේ මැතිවරණ සටනේ ඡන්ද විමසීම (සැප්තැම්බර් 30 වැනිදා) පැවැත්විණි.

මැතිවරණය පැවැත්වුණේ, මාලදිවයිනට නව ජනාධිපතිවරණයෙකු තෝරාපත් කර ගැනීමට වුවත් මෙම මැතිවරණ සටනේ ඉන්දියාව සහ චීනය ද සිටීම කැපී පෙනෙන සිදුවීමක් විය.

කාර්යබහුල නැගෙනහිර-බටහිර නාවික මංතීරු පුරා විහිදී ඇති උපායමාර්ගික වශයෙන් වැදගත්කමක් උසුලන මෙම දූපත්වල තම පැවැත්ම ශක්තිමත් කර ගැනීමට රටවල් දෙක ම උත්සහ දැරිය.


(උපුටා ගැනීම - BBC සිංහල සේවය)


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්