තුර්කියේ, අන්කාරා අගනුවර අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයෙන් පිටත අද (1) සිදුවූ පිපිරීම "ත්‍රස්ත ප්‍රහාරයක්" බව එරට අභ්‍යන්තර කටයුතු අමත්‍යවරයා පවසයි.

පැහැරගත් වාහනයකින් පැමිණි ප්‍රහාරකයන් දෙදෙනෙක් විසින් එරට වේලාවෙන් පෙරවරු 9.30ට පමණ මෙම පිපිරිම සිදු කර ඇති බවත් එයින් නිළධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් අමාත්‍ය අලි යෙර්ලිකායා ප්‍රකාශ කර ඇත.

පිපිරීම සිදුව ඇත්තේ, මාස තුනක පමණ කාලයකින් පසුව පළමු වරට එරට පාර්ලිමේන්තුව රැස්වීමට පැය කිහිපයක් තිබියදී ය.

ප්‍රහාරකයන් කවුරුන් ද යන්න මෙතෙක් පැහැදිලි නැති අතර ප්‍රහාරයේ වගකීම ද මෙතෙක් කිසිවෙක් බාරගෙන නොමැත.

ප්‍රහාරයෙන් පසු පාර්ලිමේන්තුව සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය අවට ආරක්ෂාව තර කර තිබේ.

Screenshot 2023 10 01 at 17.25.26 

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්