බ්‍රිතාන්‍ය රජ පවුලේ නිල වෙබ් අඩවියට ඊයේ(02) සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

රුසියානු හැකර්වරුන් පිරිසක් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවත් ප්‍රහාරයේ වගකීම ඔවුන් භාරගෙන ඇති බවත් The Telegraph වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

සයිබර් ප්‍රහාරය හේතුවෙන්, පැය එක හමාරක පමණ කාලයක් වෙබ් අඩවිය අක්‍රීයව තිබී ඇත.

පසුව ආරක්ෂක අංශ සහ පරිගණක විශේෂඥයින් එක්ව එය යථා තත්ත්වයට පත්කර ඇති නමුත් ප්‍රහාරය පිළිබඳව අදහස් දැක්වීම බකිංහැම් මාලිගය ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වෙයි.

TELEMMGLPICT000351573089 16961642873850 trans NvBQzQNjv4BqYsmWvrrUa2K5zmnFcEH9LH1yVhpFGRc2dv00nZbogEs 

 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්