වෛද්‍ය විද්‍යාව ‌වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය මෙවර, mRNA කොවිඩ් එන්නත් නිපදවීම සඳහා ඉවහල් වූ තාක්ෂණය වැඩිදියුණු කළ විද්‍යාඥයින් දෙදෙනාට හිමිව තිබේ.


ඒ අනුව, එම ත්‍යාගය, මහාචාර්ය කැටලින් කරිකෝ සහ මහාචාර්ය ඩෲ වෙයිස්මන් අතර බෙදී යනු ඇත.

හංගේරියානු-ඇමරිකානු ජෛව රසායන විද්‍යාඥයකු වන කරිකෝ සහ ඇමෙරිකානු වෛද්‍යවරයකු වන වෙයිස්මන් දෙදෙනාම ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් ය.

ෆයිසර් සහ මොඩර්නා එන්නත නිෂ්පාදනය සඳහා මුල් වී ඇත්තේ මෙම විද්‍යාඥයින් දෙදෙනාගේ අධ්‍යනයන් ය.

කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙම තාක්ෂණය අත්හදාබැලීමේ මට්ටමක පැවතිය ද, මේ වන විට එය ලොව පුරා පුද්ගලයින් මිලියන ගණනකට ලබා දී තිබේ.

මෙම mRNA තාක්ෂණය ම පිළිකා ඇතුළු තවත් රෝග කිහිපයක් සඳහා පර්යේෂණ කටයුතුවලට යොමු කර ඇත.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්