NewsClick නම් ප්‍රවෘත්ති වෙබ් අඩවියට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව, ප්‍රකට මාධ්‍යවේදීන් සහ කර්තෘවරු කිහිප දෙනෙකුගේ නිවෙස් ඉන්දියාවේ දිල්ලි පොලිසිය විසින් වටලා තිබේ.

අද (3) උදෑසන දිල්ලි අගනුවර මෙම සෝදිසි කිරීම් සිදු කර ඇති අතර මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක පොලිසිය භාරයට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

NewsClick වෙබ්අඩවියට චීනයෙන් නීති විරෝධී අරමුදල් ලැබෙන බවට ලද චෝදනාවකට අනුව නිලධාරීන් විසින් මෙම විමර්ශන මෙහෙයවන නමුත් වෙබ්අඩවිය විසින් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත.   

මෙම වැටලීම මාධ්‍ය නිදහසට හිතාමතා එල්ල කරන ලද ප්‍රහාරයක් බව විචාරකයෝ පවසති. 

නිවෙස් වැටලීමට ලක්වූ අය අතර NewsClick වෙබ් අඩවි කර්තෘ ප්‍රබීර් පුර්කයාස්ත, මාධ්‍යවේදී අභිසර් ශර්මා, අයුනින්ද්යෝ චක්‍රවර්ති සහ භාෂා සිං යන අය සිටින බවත් ඔවුන්ගෙන් සමහරෙක් ප්‍රශ්න කිරීම් සඳහා පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.       

මාධ්‍යවේදී අභිසර් ශර්මා සිය X (ට්විටර්) සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ තමන්ගේ ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය පොලිසිය භාරයට ගත් බවයි. 

කෙසේ වෙතත් පොලිසිය මේ සම්බන්ධයෙන් මෙතෙක් අදහස් දක්වා නොමැත.

වාර්තා වන පරිදි, "චීන ප්‍රචාර" පතුරුවා හැරීම සඳහා ඇමරිකානු කෝටිපතියෙකුගෙන් NewsClick වෙබ්අඩවියට අරමුදල් ලැබී ඇති බවට නිව්යෝර්ක් ටයිම්ස් පළ කළ වාර්තාවකින් අනතුරුව වෙබ් අඩවියට එරෙහිව පසුගිය අගෝස්තු 17 කළ පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.  

ඇප ලබා ගැනීමට ඉතා අපහසු, ත්‍රස්ත විරෝධී නීතියක් වන UAPA යොදා ගනිමින් පොලිසිය විසින් NewsClick වෙබ් අඩවියට සහ එහි මාධ්‍යවේදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්