ගාසා තිරයේ කිසිදු ස්ථානයක් ආරක්‍ෂිත නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ගාසා හි වෙසෙන ජනතාවට ඉවත්වන ලෙසට ඊශ්‍රායලය සිදු කරන දැනුම්දීම්වලට ප්‍රතිචාර දක්වමින්, මැදපෙරදිග සාම ක්‍රියාවලිය සඳහා නියෝජ්‍ය විශේෂ සම්බන්ධීකාරක සහ පලස්තීන භුමි ප්‍රදේශය සඳහා එක්සත් ජාතීන්ගේ නේවාසික සහ මානුෂීය සම්බන්ධීකාරක ලින් හස්ටින්ග්ස් මේ බව ප්‍රකාශ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ "මිනිස්සු ඉවත් වෙන්නේ නැත්තේ, ඔවුන්ට යන්න තැනක් හෝ ගමන් කිරීමට හැකියාවක් නැති නිසා. පූර්ව අනතුරු ඇඟවීම් කළා කියලා වෙනසක් වෙන්නේ නැහැ," යනුවෙනි.

lyn
"ඉවත් වෙන්න තියෙන මාර්ගවලට බෝම්බ ගැහුවම, උතුරේ වගේම දකුණේ ජනතාව යුද්දෙට මැදි වුණාම, පණ ගැටගහගන්න අත්‍යවශ්‍ය දේ හිඟ වුණාම, ආපසු එන්න පුළුවන් ද කියන එක ගැන සහතිකයක් නැති වුණාම, මිනිස්සුන්ට ඉතිරි වෙන්නේ අමාරු තීරණ ගන්න එක විතරයි."     

"ගාසා තිරයේ කොහෙවත් ආරක්‍ෂිත නැහැ."

එසේම, ඇය අවධාරණය කර තිබුණේ අවි ගැටුම් ජාත්‍යන්තර නීතියෙන් පාලනය විය යුතු බවයි.

"ඉන්න තැනම ඉන්න හරි වෙනත් තැනකට යන්න හරි තීරණය කළත්, කොහේ හිටියත් සාමාන්‍ය ජනතාවට ආරක්ෂාව තිබිය යුතුයි. ඒ වගේම ජිවත් වීමට අවශ්‍ය අවම පහසුකම් හෝ ඔවුන්ට තිබිය යුතුයි."  

"ඒ වගේම සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුයි."  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්