ඉකුත් සතියේ බර්ලිනයේ පැවති යුරෝපා සංගමයේ (EU) සාමාජික රටවල විදේශ අමාත්‍ය හමුවක දී ජර්මානු විදේශ ඇමැතිනී ඇනාලීනා බෙයාර්බෝක් ට හාදුවක් දීම

සම්බන්ධයෙන් ක්‍රොඒෂියාවේ විදේශ ඇමැති ගෝඩන් රඩ්මාන් වෙත විවේචන එල්ල වී තිබේ.

ගෝඩන් රඩ්මාන් ජර්මානු විදෙස් ඇමතිනිය ගේ අතට අත දී පසුව ඇය සිප ගැනීමට ඉදිරියට නැමුණු අතර එම අවස්ථාවේ දී ඇය අපහසුතාවයට පත් වූ බවක් දක්නට ලැබීම මෙම විවේචනවලට හේතු වී ඇත.

ඇතැම් ක්‍රොඒෂියානු මාධ්‍ය ඔහුගේ මෙම ක්‍රියාව දැඩි ලෙස විවේචනය කර ඇති අතර, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින රාඩා බොරික් ඔහුගේ මෙම හැසිරීම "අතිශය නුසුදුසු එකක්" බව ප්‍රකාශ කර තිබේ.

එය "මිත්‍රයෙක් උණුසුම් ලෙස පිළිගැනීමක්" පමණක් බව ක්‍රොඒෂියානු විදෙස් ඇමති ප්‍රකාශ කළ ද පසුව ඔහු කියා තිබුනේ "සමහරවිට එය නොගැලපෙනවා ඇති. එය එසේ වී නම් සමාවන්න," යනුවෙනි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජර්මානු විදේශ ඇමැතිනී ඇනාලීනා බෙයාර්බෝක් අදහස් දක්වා තිබුනේ නැත.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්