ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් නවත්වන ලෙස බල කරමින් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගර මධ්‍යට රැස්වූ විරෝධතාකරුවන් සිය

ගණනක් 'කැපූ කොමඩු ගෙඩියක් හැඩති දැවැන්ත කොඩියක්' එසවීමට කටයුතු කර තිබුණි. 

මෙය සිදු කර තිබුණේ, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ ඇඩිලේඩ් නගරවල පාසල් සිසුන් අද (23) දහවල් පැවැත්වූ විරෝධතාවයකට සමගාමිව යි.  

රතු, සුදු, කළු, කොළ යන පලස්තීන ධජයේ වර්ණ සහිත මෙම පලතුර පලස්තීන සහයෝගීතාවයේ සංකේතයක් ලෙස සැලකේ.

 

"පලස්තීනයට නිදහස, නිදහස", යනුවෙන් හඬ නගමින් සිය පන්ති කාමරවලින් පිටතට පැමිණ උද්ඝෝෂණයේ නිරත වූ සිසුන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් ගාසා තිරයේ සටන් නිමා කරන ලෙසයි. ඊශ්‍රායලයට හමුදා ආධාර ලබාදීම වහා නවත්වන ලෙසත් ඔවුහු ඕස්ට්‍රේලියානු රජයට බල කර සිටිය හ. 

5be0a0cd5035f3bfe3338a34b135cc91
මෙවැනිම විරෝධතා ඉදිරි දිනවලදී ද පැවැත්වීමට සංවිධානය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්