තරුණියන්ගේ රුව යොදා ගනිමින් නිර්මාණය කෙරෙන ව්‍යාජ වීඩියෝපටවලට එරෙහිවන ලෙසත් ඒවා බෙදා හැරීම නොකරන ලෙසත් ජනප්‍රිය

ඉන්දීය රංගන ශිල්පිනි රශ්මිකා මන්දනා ඉල්ලීමක් කර තිබේ.      

ඩීප්ෆේක් වීඩියෝපටයක් නිසා ඉකුත් දිනවල දී සමාජ මාධ්‍ය හිංසකයන්ගේ ඉලක්කයක් වූ රශ්මිකා විශේෂයෙන්ම තරුණියන්ගෙන් ඉල්ලා තිබුණේ මෙවැනි වීඩියෝපට යොදා ගනිමින් කවරෙක් හෝ තමන් හිංසනයට ලක් කරන්නේ නම් නිශ්ශබ්දව නොසිට ඊට විරුද්ධව ක්‍රියා කරන ලෙස යි. 

සාරා පටෙල් නම් බ්‍රිතාන්‍ය-ඉන්දීය ජාතික කාන්තාවක් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කළ වීඩියෝවකට රශ්මිකා මන්දනා ගේ මුහුණ යොදා සැකසු වීඩියෝවක් පසුගිය දිනවල දී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට පටන් ගෙන තිබූ අතර සිනමා සගයින් රැසක් එම අවස්ථාවේ දී ලබාදුන් සහයෝගය ඇය අගය කළා ය.

"ඔවුන්ගේ සහයෝගය මට ආරක්ෂාකාරී බවක් ගෙන දුන්නා.

ඒ නිසා සියලු තරුණියන්ට මට කියන්න අවශ්‍යයි මෙවැනි දේවල් සාමාන්‍ය නොවන බව. මොනම හෝ දෙයක් ඔබට බාධාවක් වෙනවා නම්, නිශ්ශබ්දව ඉන්න එපා!." යනුවෙන් ඇය මාධ්‍ය වෙත පැවසුවා ය.

සබැඳි පුවත් :

රශ්මිකා ගේ ෆේක් වීඩියෝවට එරෙහිව අමිතාබ් ඉදිරියට


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්