The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

X-Press Pearl නෞකාව : දේශීය නෞකා සමාගම් නියෝජිතයා වන්දි මුදලින් කොටසක් ලෙස රුපියල් මිලියන 300ක් ගෙවයි

T

The Leader Desk

September 24, 2025 • 3:47 AM

X-Press Pearl නෞකාව : දේශීය නෞකා සමාගම් නියෝජිතයා වන්දි මුදලින් කොටසක් ලෙස රුපියල් මිලියන 300ක් ගෙවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මූලිකව ගෙවීමට තිබු ඇමෙරිකානු ඩොලර් මිලියන 250 වෙනුවට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මුදල භාණ්ඩාගාරයට ගෙවා ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ බීබීසී සිංහල සේවයට පවසා ඇත.
  • නඩු තීන්දුවේ සඳහන් වුයේ කුමක් ද?
  • වසරේ කොළඹ වරායට ආසන්න මුහුදු තීරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් ඇති වූ පාරිසරික මෙන් ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නෞකා සමාගමට ඉකුත් ජුලි මස 24 වැනිදා නියම කරන ලදී.
  • එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


මූලිකව ගෙවීමට තිබු ඇමෙරිකානු ඩොලර් මිලියන 250 වෙනුවට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මුදල භාණ්ඩාගාරයට ගෙවා ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ බීබීසී සිංහල සේවයට පවසා ඇත.


Screenshot 2025 09 24 090540

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදල ගෙවීම X-Press Feeders නෞකා සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ප්‍රංශ පුවත් සේවය (AFP) ඊයේ (සැප්තැම්බර් 23) වාර්තා කර තිබිණි.

නඩු තීන්දුවේ සඳහන් වුයේ කුමක් ද?

2021 වසරේ කොළඹ වරායට ආසන්න මුහුදු තීරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් ඇති වූ පාරිසරික මෙන් ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නෞකා සමාගමට ඉකුත් ජුලි මස 24 වැනිදා නියම කරන ලදී. එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් විය.

එම වන්දි මුදල් වසරක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බව ත්, එය කොටස් වශයෙන් ගෙවිය හැකි බව ත් සඳහන් කළ හිටපු අගවිනිසුරුවරිය එහි පළමු ගෙවීම සැප්තැම්බර් මස 23 වන දාට පෙර ගෙවීමට පියවර ගත යුතු බවටත් තීන්දු කළා ය.

මීට අමතරව මෙම ව්‍යවසනය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ ව්‍යවස්ථාපිත වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් එවක විෂය භාර අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ හිටපු සභාපති දර්ශනී ළහඳපුර සහ නීතිපතිවරයා මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවේ සඳහන් වේ.

මෙම වන්දි ගෙවීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මාස තුනකින් වාර්තා ඉදිරිපත් කළ යුතු බවට ද නීතිපතිවරයාට නියෝග කෙරිණි.


getty images

'වන්දි ගෙව්වොත් අනෙක් රටවලට ඒක නරක පුර්වාදර්ශයක්'

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදල ගෙවීම X-Press Feeders නෞකා සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ප්‍රංශ පුවත් සේවය (AFP) වාර්තා කර තිබිණි.

එම පුවත් සේවය සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී X-Press Feeders නෞකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ෂුමෙල් යෝස්කොවිට්ස් (Shmuel Yoskovitz) පවසා ඇත්තේ වන්දි ගෙවීමක් කළහොත් එයින් පවතීන සමුද්‍රීය සම්මුතීන්ට දැඩි බලපෑමක් ඇති කරන බවය.

මෙම වන්දි මුදල ගෙවීම සිදුකළහොත් එය අනෙකුත් රටවලට ද වැරදි පූර්වාදර්ශයක් සපයන බවද ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, සිදු වූ හානිය සම්බන්ධයෙන් කණගාටු වන අතර මෙම අනතුර වෙනුවෙන් වන්දි ගෙවීම කිසිවිටෙකත් පැහැරහැරීමක් සිදුනොකළ නමුත් එම වන්දි ගෙවීම් සිදුකරන්නේ අදාළ සමුද්‍රීය සම්මුතීන්ට අනුකූලව සමස්ත අවසන් වන්දි ගෙවීම් මුදලක් ගණනය කිරීමෙන් පසුව බවය.


'දිවුරුම් ප්‍රකාශයක් එක්ක මුදල් ගෙවීමක් කරලා තියෙනවා'


විදෙස් පාර්ශව වන්දි මුදල් නොගෙවෙන බවට ප්‍රකාශ කර තිබුණ ද එම නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම විසින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් රුපියල් මිලියන 300ක් භාණ්ඩාගාරයට ගෙවා ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ බීබීසී සිංහල සේවය වෙත පවසා ඇත.


Screenshot 2025 09 24 090827

"මේ නඩු තීන්දුවේ එක්ස්ප්‍රස් පර්ල් ගෘප් කියලයි සඳහන් වන්නේ. එතන සමාගම් 05ක් විතර තියෙනවා. මේ නඩුවේදී විදෙස් පාර්ශව මොනවා කිව්වත් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම පෙරේදා (සැප්තැම්බර් 22) දිනයේදී භාණ්ඩාගාරයට දිවුරුම් ප්‍රකාශයක් එක්ක රුපියල් මිලියන 300ක් ගෙවලා තියෙනවා.''


''ඒ දිවුරුම් ප්‍රකාශයේ මේ සමාගම සඳහන් කරලා තියෙනවා තමන්ට මුදල් නැති නිසා රුපියල් මිලියන 300ක් ගෙවලා තියෙනවා. එතැනදී ඔවුන් අධිකරණයේ තීන්දුවට ගරු කරනවා කියන එකයි මේ මුලික ගෙවීමෙන් පෙන්නුම් කරන්නේ. මොකද අද වෙද්දී ඔවුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් ගෙවන්න තිබුණේ.''

''මේ නඩුවේ එක තීන්දුවක් විතරයි ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ගෙවන්න කියලා තියෙන්නේ. ඊට අමතරව මේ නඩුවේදී තවත් කරුණු කිහිපයක්ම තියෙනවා ඉදිරියේදී තීරණය කරන. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරි නඩු දිනයේ දී ඒ සම්බන්ධයෙන් අපිට වැඩිදුර තොරතුරු දැන ගන්න පුලුවන් වේවි." මෙම නඩුවේ දෙවන පැමිණිලිකාර පාර්ශවය වන පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ පවසයි.

එක්සත් ජාතීන්ගෙන් නිවේදනයක්

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර ව්‍යසනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුකූල වීම සිංගප්පූරුව පදනම් කරගත් නැව් සමාගමක් වන එක්ස්ප්‍රස් ෆීඩර්ස් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය කනස්සල්ල පළ කර තිබේ.

සිය X ගිණුම ඔස්සේ සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මේ බව ප්‍රකාශ කර ඇත.

"මිනිසුන්ට, වෙරළ තීරයට සහ සමුද්‍ර ජීවීන්ට සිදුවන හානියේ පරිමාණය සමාලෝචනය කරන ලෙස ත්, ප්‍රජාවන්ට සහ පරිසර පද්ධතියට යුක්තිය ඉටු කරන ලෙස ත් අපි නැව් සමාගමෙන් ඉල්ලා සිටිමු," එම X නිවේදනයේ සඳහන් වේ.


Screenshot 2025 09 24 090958

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය සමාගම් නියෝජිතයා විසින් අදාළ වන්දි මුදලින් යම් කොටසක් මේ වන විට ගෙවා ඇති පසුබිමක මේ සම්බන්ධ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගය කුමක් විය හැකි ද යන්න සැප්තැම්බර් මස 25 වැනිදා කැඳවීමට නියමිතව ඇති නඩු වාරයේදී දැන ගැනීමට හැකිවනු ඇත.


(උපුටා ගැනීම් - බීබීසී සිංහල)


සබැඳි පුවතක් :

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ වන්දිය ගෙවීම එක්ස්ප්‍රස් පර්ල් සමාගම ප්‍රතික්ෂේප කරලා - සජිත් ප්‍රේමදාස

Screenshot 2025 09 24 091211
Screenshot 2025 09 24 091333
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...