The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

X-Press Pearl: වන්දි අය කර ගැනීමේ ක්‍රියාදාමය ගැන විනිසුරු අචල වෙංගප්පුලිගෙන් පැහැදිලි කිරීමක්

T

The Leader Desk

September 25, 2025 • 4:23 PM

X-Press Pearl: වන්දි අය කර ගැනීමේ ක්‍රියාදාමය ගැන විනිසුරු අචල වෙංගප්පුලිගෙන් පැහැදිලි කිරීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නියම කෙරුණු වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එම නෞකාවේ විදේශීය සමාගමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බලා ලබන ජනවාරි මස 26 වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්තැම්බර් 25 වැනිදා) නීතිපතිවරයාට නියම කළේය.
  • මෙහිදී අදාළ පෙත්සම්වල වග උත්තරකරුවකු ලෙස නම් කර ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට සම්බන්ධ විදේශීය සමාගමක් වන එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය පෙරකලාසිය ඉවත් කරගන්නා බව අධිකරණයට දැනුම් දුන්නේය.
  • අනතුරුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ කරුණු දක්වමින් අදාළ නෞකා අනතුරින් සිදුවූ පාරිසරික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් වසරක් තුළ ගෙවන ලෙස අදාළ නෞකාවේ විදේශීය සමාගම වෙත ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවයි.
  • එම වන්දි මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් සැප්තැම්බර් මස 23 වැනිදා හෝ ඊට පෙර ගෙවිය යුතු බවට නියෝග කර තිබුණත් එම මුදල් මෙතෙක් ගෙවා නොමැති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):

නියම කෙරුණු වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එම නෞකාවේ විදේශීය සමාගමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බලා ලබන ජනවාරි මස 26 වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්තැම්බර් 25 වැනිදා) නීතිපතිවරයාට නියම කළේය.

වන්දි ගෙවීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

ඒ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීය.

මෙහිදී අදාළ පෙත්සම්වල වග උත්තරකරුවකු ලෙස නම් කර ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට සම්බන්ධ විදේශීය සමාගමක් වන එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය පෙරකලාසිය ඉවත් කරගන්නා බව අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව එම සමාගම වෙනුවෙන් නීතිඥ නියෝජනයක් අධිකරණය හමුවේ ඉදිරිපත් වී නොමැත.


අනතුරුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ කරුණු දක්වමින් අදාළ නෞකා අනතුරින් සිදුවූ පාරිසරික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් වසරක් තුළ ගෙවන ලෙස අදාළ නෞකාවේ විදේශීය සමාගම වෙත ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවයි. එම වන්දි මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් සැප්තැම්බර් මස 23 වැනිදා හෝ ඊට පෙර ගෙවිය යුතු බවට නියෝග කර තිබුණත් එම මුදල් මෙතෙක් ගෙවා නොමැති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.


මේ තුළින් අදාළ සමාගම අධිකරණයට අපහාසයක් කර තිබෙන බවත් පැමිණිල්ලක් නොමැතිව වුවද අදාළ සමාගමට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කිරීමට හැකියාව තිබෙන බවත් පෙන්වා දුන් නීතිඥවරයා එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව සුදුසු නඩු විභාගයක් පවත්වා දඬුවම් පැමිණි විය යුතු බවත් ඉල්ලා සිටියේය.

ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරනු ලැබූ වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම තුළින් වග උත්තරකාර සමාගම අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව පෙන්වා දුන්නාය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි සෙසු නීතිඥවරුද මෙම කරුණු වලට එකඟතාවය පළ කළහ.


නියම කළ වන්දි මුදලින් රුපියල් මිලියන 300 මුදලක් ගෙවයි


ඉන් අනතුරුව අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ වන්දි මුදලින් රුපියල් මිලියන 300 මුදලක් ගෙවා තිබෙන බව සඳහන් කළේය.


තම සමාගමට ගෙවිය හැකි මුදල එපමණක් බවත් ඊට වඩා වැඩි මුදලක් ගෙවීමට ඔවුන්ට මූල්‍ය හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් පෙන්වා දුන්නේය. තම සේවාදායකයා අධිකරණයට අවනත වී අදාළ වන්දි මුදල් ගෙවීමට කටයුතු කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඔවුන් අධිකරණයට අපහාසයක් කර නොමැති බවත් සඳහන් කර සිටියේ ය.

 

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නිකුත් කළ නියෝගවලට අනුව වන්දි කොමිසම සහ පාරිසරික හානි ඇගයීමේ කොමිසම ස්ථාපිත කිරීමේ කටයුතු සිදුකෙරෙන බව සඳහන් කළේය.

ඊට අමතරව මෙම සිද්ධියට අදාළ අපරාධ විමර්ශන කටයුතු සිදුකෙරෙන බවත් ඔහු පැවසීය.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම තුළින් වගඋත්තරකාර සමාගම අධිකරණයට අපහාසයක් කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.


මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අචල වෙංගප්පුලි විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ අදාළ නෞකා අනතුරින් සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය නීතිමය සීමාව තුළ තමන්ට හැකි උපරිම දේ සිදු කළ බවයි. ඉන් ඔබ්බට ගොස් මෙම වන්දි අය කර ගැනීමේ ක්‍රියාදාමය ඉටු කිරීම විධායකයේ වගකීමක් බව පෙන්වා දුන් විනිසුරුවරයා වගඋත්තරකාර සමාගමේ අධ්‍යක්ෂවරු සිරභාරයට පත් කිරීමෙන් පමණක් මෙම ගැටළුවට විසඳුම් නොලැබෙන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.


ඉන් අනතුරුව මෙම නඩුකරය සම්බන්ධයෙන් නිකුත් කළ නියෝගවල ප්‍රගතිය විමසා බැලීම සඳහා එම නඩුව යළි ජනවාරි මස 26 වැනිදා කැඳවන ලෙසද විනිසුරු මඩුල්ල නියම කළේය.

අදාළ නෞකා අනතුර තුළින් ධීවර ප්‍රජාව සහ පරිසරයට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව හතරක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ඉදිරිපත් කර තිබිණි.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල)


මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

X-Press Pearl: අධිකරණ නියෝගයක් නොතකා හැර ලංකාව එක්ක ගණුදෙණු කරන්න බෑ - හේමන්ත විතානගේ

Xpress Pearl නෞකාව ගිනි ගැනීම: නැව් සමාගම ඩොලර් බිලියනයක වන්දි මුදල නොගෙව්වොත් කළ හැක්කේ කුමක් ද?
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...