The Leader News
BREAKING
Top Ad
Opinion

13 ගැන කතා : අහිමිවනවා යැයි බිය 'දෙය' හිමි වී නොතිබීම

T

The Leader Desk

February 9, 2023 • 5:12 AM

13 ගැන කතා : අහිමිවනවා යැයි බිය 'දෙය' හිමි වී නොතිබීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමග සැඟවී හුන් ජාතිකවාදීන් නැවත කලඑළි බැසීම ආරම්භ කර ඇත.
  • දකුණ පිළිබඳව ඇති දේශපාලන කියවීම අනුව සෑම විටම ආර්ථිකය වෙනුවට ජාතිය හෝ ආගම වැනි සංස්කෘතික කාරණාවක් මුල් පෙළේ ඉන්ද වූ විට විසිල් හා බල්ටි බලාපොරොත්තු විය හැකි වුවද, උතුරට එය එසේ නොවේ.
  •   ජාතික ගැටලුව යනු දශක තුනක දෙමළ ජනතාවගේ ලේ වැකි ඉතිහාසයක් හා බැඳුනු ඔවුන්ගේ දේශපාලන අභිලාශයන් සමග ගැටගැසුනු ආත්මීය ප්‍රකාශනයකි.
  • එය සමග ක්‍රීඩාකිරීම නිසා ලැබුනු අතීතය ආවර්ජනා කිරීමට කෙනෙකුට හැකි නම් එහි ඇති බැරෑරුම් කම පිළිබඳව ද වැටහිය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):



මෙහි මූලික පියවරක් තබමින් 'හෙලිකොප්ටරය' ලකුණ දරමින් සිටින මෛත්‍රි, විමල්, ගම්මන්පිල හා වාසු වැනි චරිත නැවත කරලියේ දැකිය හැකි වෙනු ඇත.

ඊයේ පාර්ලිමේන්තු වටරවුමේදී ස්වාමීන් වහන්සේලා විසින් මෙහි කසකාර භූමිකාවට පණ පෙවූ අතර පෙරහැර බලාගත හැකි වන්නේ ඉදිරියේදීය.

ජනාධිපතිවරයා ප්‍රතිවිරෝධතා කලමනාකරණයේදී දක්වන උපාය මාර්ගය, ආර්ථික ප්‍රතිසංස්කරණ කෙරෙහි වන අවධානය ජාතික ගැටලුව කෙරෙහි යොමු කරවන්නක් වුවද මේ සෙල්ලම දුරදිග යාම භයානක ය.

දකුණ පිළිබඳව ඇති දේශපාලන කියවීම අනුව සෑම විටම ආර්ථිකය වෙනුවට ජාතිය හෝ ආගම වැනි සංස්කෘතික කාරණාවක් මුල් පෙළේ ඉන්ද වූ විට විසිල් හා බල්ටි බලාපොරොත්තු විය හැකි වුවද, උතුරට එය එසේ නොවේ.

 

ජාතික ගැටලුව යනු දශක තුනක දෙමළ ජනතාවගේ ලේ වැකි ඉතිහාසයක් හා බැඳුනු ඔවුන්ගේ දේශපාලන අභිලාශයන් සමග ගැටගැසුනු ආත්මීය ප්‍රකාශනයකි. එය සමග ක්‍රීඩාකිරීම නිසා ලැබුනු අතීතය ආවර්ජනා කිරීමට කෙනෙකුට හැකි නම් එහි ඇති බැරෑරුම් කම පිළිබඳව ද වැටහිය යුතුය. දකුණේ දේශපාලනය තුල දකුණේ ජනතාව රැවටී ඇති ප්‍රමාණය හා බැලුවොත්, උතුරේ ජනතාවට උරුමව ඇත්තේ පූර්ණ වශයෙන්ම රැවටීමම පමණි.

 

මේ සමකාලීන යුගයේ ජාතික රාජ්‍ය පිළිබඳව වන සීමා ප්‍රාග්ධනය විසින් මුලුමනින්ම උල්ලංඝනය කරන යුගයකි. එහිදී භූමිය යනු මින් පෙර සියවස් වල පැවතුනා වූ අයිතිය හා බැඳුනු ආත්මීය තත්ත්වයක් නොව ලාභය හා බැදුනු ව්‍යාපාරික ගනුදෙනුවකි. කිසිවෙක් භූමිය කෑලි කපාගෙන හෝ ගලවාගෙන රැගෙන නොයන්නා මෙන්ම එහි අයිතියේ ඇති සුජාතභාවයද ජංගමශීලී වූවකි. ඊශ්‍රායලය සිය වරායක් අදානි සමූහය වෙත ලබා දෙන්නේ පැරණි අර්ථයෙන් නොවේ. සිය ජීවිත දහස් ගණනක් කැප කිරීමෙන් අත්පත් කරගත් භූමිය යනු ප්‍රාග්ධනයේ තර්කණය හමුවේ පස්ගොඩක් පමණක් බව ඊශ්‍රායල්වරුන් දනී.

උතුරේ අපිට හිමි වී තිබූ දෙය ලෙස අපි උපකල්පනය කරනා දෙය කිසි දිනෙක අපිට හිමිවී තිබූවක්ද නොවේ. එය අපේ දෙයක් ලෙස නම් කරන දේශපාලනය යනුම ගෝත්‍රික හා සමකාලීන ධනවාදය පිළිබඳව කිසිඳු වැටහීමක් නොමැති “පුංචි ළමයින්ගේ” ක්‍රියාවකි.


(carbonnews.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...