''නිතර නිතර පරණ වාමාංශික වේදිකාවල ඇහෙන ගීතයක් කොහොමද යූඇන්පී වේදිකාවට ආවෙ?

ප්‍රශ්නෙ තියෙන්නෙ එතන'' යයි ප්‍රකට දේශපාලන විශ්ලේෂක චින්තන ධර්මදාස පවසයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන චින්තන ධර්මදාස ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් FreedomTV වෙත දේශපනික විග්‍රහයක් ඉදිරිපත්කර ඇත.

'එක්සත් ජාතික පක්ෂය 76 වෙනි සංවත්සරය සමරද්දි හරීන් ප්‍රනාන්දු කතාවක් කළා. ඒ කතාවෙ තැනක ගුණදාස කපුගේ ගායනා කරන දර්ශන මේදිස් වචනකරන සබඳ අපි කඳු නොවෙමු සිංදුව උපුටා දැක්වුවා.

හැබැයි වැරදියට. නැවත නැවත කීප සැරයක්ම කිව්වා. ඒත් වැරදියට.

හරීන් මේ සිංදුව දන්නෙ නෑ කියන එක පැහැදිලියි.

හරීන් විතරක් නෙමෙයි අලුත් පරම්පරාවෙ කොල්ලො කෙල්ලො කවුරුවත් මේ සිංදු දන්නෙ නෑ. මේ සිංදුවල තියෙන්නෙ නොස්තැල්ජියාවක් විතරයි. අලුත් ජීවිත එක්ක සම්බන්ධයක් නෑ.

මේ සිංදුව නිතර නිතර පරණ වාමාංශික වේදිකාවල ඇහෙන එකක්.

ඒක කොහොමද යූඇන්පී වේදිකාවට ආවෙ? ප්‍රශ්නෙ තියෙන්නෙ එතන.

යූඇන්පියෙ සංස්කෘතියට සිද්ද වුනේ මොකක්ද දැනගන්න පහත වීඩියෝව අහලම බලන්න

 

  


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්