විජිතකරණයේ හිටපු බලවත් ස්වාමියා ගියාට පස්සේ යටත් විජිත ලෝකේ එකම පිස්සන් කොටුවක් උණා.



ස්වාමියා එයාගේ බලය සහ අධිකාරික බව පාවිච්චි කරලා ලංකාව, ඉන්දියාව වගේ රටවල් එක භූමියක් වශයෙන් හරි හෝ වැරදි විදියට තියාගත්තා.

එත් අපිට නිදහස දීල සුද්ද ගියාට පස්සේ අපේ අනන්‍යතා වෙනුවෙන් අපි ආයෙත් ඇනකොටා ගන්න ගත්ත.

සෝම හාමුදුරුවෝ, සහරාන්ල, ජෙරමිල අර අපේ අනන්‍යතාවක් ආයෙත් ඇදල අරගෙන එක එක විකාර ආයේ ආයෙත් නටන්න අරගෙන.

මේවා පශ්චාත් යටත්විජිත හිස්ටරික සෙල්ලම්.

මේ ඉල්ලන්නේ වෙන මුකුත් නෙවෙයි. අනන්‍යතා වල අපි එරිලා දියබුං ගහමින් ඉන්නේ.

අපේ අතිරික්ත ප්‍රමොදේ ඉස්පොල්ලේ ගිහිල්ලත් එක්ක. අපිට අපේ විනෝදය සීමා කරන ස්වාමියෙක් දීපල්ලා.

ඒක තමයි ඉල්ලීම. ඔහොම යමල්ලා. ස්වාමියා නිකම්ම ප්‍රාදූර්භූත වෙයි. දෙවියන් හැටියට නෙවෙයි. වධකයෙක් හැටියට.... 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image