The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

1978 කියන්නේ වැඩපිළිවෙලක් මිසක් ව්‍යාපෘතියක් නෙවෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

June 30, 2023 • 11:51 AM

1978 කියන්නේ වැඩපිළිවෙලක් මිසක් ව්‍යාපෘතියක් නෙවෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ ආර්ථිකයේ නිදහසින් පස්සේ වෙච්ච ඉතාම තීරණාත්මක වෙනස එන්නේ 1978න් පස්සෙ.
  •   ලංකාවේ මිනිස්සු ඇත්තටම දැනගෙන හිටියේ නැහැ ඇයි ආර්ථිකයේ දොරවල් අරින්නේ කියල. ඇයි සමාජය විවෘත කළේ කියල.
  • මට මතකයි එක කාලෙක හාමුදුරුවරු විතරක් දහයක් පහළොවක් පාර්ලිමේන්තු ගියා මේ ගෝලීය ලෞකික ක්‍රමය ඇතුළේ.
  • චීනයේ ඩෙන්ෂියාවෝ චීන ආර්ථිකයේ දොර අරින්නෙත් මේ කාලේ (1978).
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ මෙතෙක් පැවති සංවෘත ආර්ථිකය විවෘත කළාට පස්සේ. වෙනත් විදියකට කිව්වොත් ලිබරල්කරණය කලාට පස්සේ. ලෝකයට විවර වුනාට පස්සේ. 

ඒ විවෘතකරණය එක්ක ගොඩක් දේවල් ලංකාවට ආව තමයි. ගොඩක් අය ලෝකය දැක්ක තමයි. යම් ප්‍රාග්ධනයක් එක්ක මිනිස්සු තමන්ගේ පුද්ගල හැකියාව එක්ක යම් යම් දේවල් පටන් ගත්ත තමයි. හැබැයි මේ හැමදේම පටන් ගත්තේ ඔහේ කරන්නන් වාලේ.  

අපි ඉස්කෝලේ යනකොට මයිකල් ජැක්සන්ගේ සින්දු ඇහුන. ඒ ඇහුන නිසා ඇහුව. හැබැයි ඒ අහන්නන් වාලේ. කිසිම අදහසක් ඇතුව නෙවෙයි.

 

ලංකාවේ මිනිස්සු ඇත්තටම දැනගෙන හිටියේ නැහැ ඇයි ආර්ථිකයේ දොරවල් අරින්නේ කියල. ඇයි සමාජය විවෘත කළේ කියල. මොකක්ද මේ අලුත් ක්‍රමයේ අරමුණ කියල. ඒකයි අදටත් සමෘදි හරි සහනාධාර හරි ඉල්ලලා පාරට බහින්නේ.

ජීවන තත්වය වෙනස් කර ගන්න නම් පුද්ගල ගේමක් ලොකුවට තියනවා කියන එක, පුද්ගල වගවීම (individual responsibility) ඕනි කියන එක, පුද්ගල දක්ෂතා (skills) සහ හැකියාව (abilities) ලොකු රෝල් එකක් ප්ලේ කරනවා කියන එක ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ගේ ඔළුවේ තිබ්බේ නැහැ. 

අඩුම තරමින් චන්දෙ දෙනකොට මේ ක්‍රමය එක්ක ගමන්කරන්න පුළුවන් පිරිසක් පාර්ලිමේන්තු යවන්න තරම් අවබෝධයක්වත් (consiousness) වගවීමක්වත් (responsibility) අපේ රටේ තිබ්බේ නැහැ. මට මතකයි එක කාලෙක හාමුදුරුවරු විතරක් දහයක් පහළොවක් පාර්ලිමේන්තු ගියා මේ ගෝලීය ලෞකික ක්‍රමය ඇතුළේ.

චීනයේ ඩෙන්ෂියාවෝ චීන ආර්ථිකයේ දොර අරින්නෙත් මේ කාලේ (1978). හැබැයි ඔහේ කරන්නන් වාලේ නෙවෙයි. ඒ චීන ආර්ථික දොර අරිනකොට දශක ගණනාවක් එයාලගේ රටේ සංස්කෘතික විප්ලවයක් වෙලා තිබ්බ. ඔය පරණ මකුළුදැල් බැඳිලා තිබ්බ වැඩවසම් මනස් ගොඩක් චීනයේ වෙනස් වෙලා තිබ්බ. ඒ එක්කම ''චීන වටිනාකම් සහිත වෙළඳපළ'' කියල වෙනමම ව්‍යාපෘතියක් එයාල දියත් කළා. මේකම තමයි ජපානය කළේ. ''ජපන් වටිනාකම් සහිතව ලෝකයට බද්ධවීම'' කියල ඒක නම් කළා. ඒ කියන්නේ යම් ජාතිකත්වයක් එක්ක ධනවාදය පටලවලා අලුත් දේශීය ව්‍යාපෘතියක් හැදුවා. ඒ විසි වෙනි සියවසේ. දැන් මේ විසි එක් වන සියවස. දැන් අර ජාතිකත්ව කෑල්ල ගොඩක් ඒ රටවල් වලින් ඉවත් වෙලා. දැන් ආපහු එයාල ඒකට යන්න දඟලන්නේ නැහැ.

1978 අපි ආර්ථිකය විවෘත කරලා වෙනත් වැඩපිළිවෙලක් දියත් කරාට ඒක වැඩපිළිවෙලක් විතරක් උණා. මිනිස්සුන්ගේ අධ්‍යාත්මයට ඇත්තට ගමන් කරපු ව්‍යාපෘතියක් අපිට තිබ්බේ නැහැ. 

leaders
හැබැයි තැචර්ට ප්‍රොජෙක්ට් එකක් තිබ්බ. රේගන්ට ප්‍රොජෙක්ට් එකක් තිබ්බ. ඩෙන් ශියාවෝට තිබ්බ. ලී ක්වාන්ට තිබ්බ. මහතීර්ට තිබ්බ. ඒවා මෙගා ප්‍රොජෙක්ට්ස්. 

ඒවා එහෙම යනකොට අපේ ආර්ථිකය ඔහේ ඒකට ඕනි විදියට ගියා. මිනිස්සු මිනිස්සුන්ට ඕනි විදියට ගියා. මේ දෙක ඇත්තට සම්බන්ද වුනේ නැහැ. මේක අදටත් එහෙමයි. මිනිස්සු ඉන්නේ ක්‍රමය එක්ක දුරස් බවකින්. මොකද මතවාදය තියෙන්නේ එක තැනක. ක්‍රමය තියෙන්නේ වෙනත් තැනක.....

මම හිතන්නේ අපිට ඕනි මිනිස්සු ඒත්තු ගන්වන්න පුළුවන් ව්‍යාපෘතියක්. පරක්කු ව්‍යාපෘතියක්. 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...