The Leader News
BREAKING
Top Ad
Opinion

සංදේශය කොළම 2: අරපිරිමැස්මෙන් පොල් කෑම සහ මනු සතුන් වෙනුවෙන් සතුන් බිලිදීම | සරෝජ් පතිරණ

T

The Leader Desk

January 26, 2025 • 11:35 AM

සංදේශය කොළම 2: අරපිරිමැස්මෙන් පොල් කෑම සහ මනු සතුන් වෙනුවෙන් සතුන් බිලිදීම | සරෝජ් පතිරණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාලයක් ඉඳලම මමත් ඉන්නෙ ලංකාවෙ ආහාර පරිභෝජන රටාවෙ දැවැන්ත වෙනසක් අවශ්‍යයි කියන තැන.
  • එහෙම නැතුව ගැලරිය සතුටු කරන්න කටට එන හැම දෙයක්ම ප්‍රසිද්ධියෙ කීමෙන් වෙන්නෙ රට ඇතුළේ විතරක් නෙවෙයි ජාත්‍යන්තරවත් අපකීර්තියක් අත්වෙන එක.
  • කොටින්ම විරුද්ධ පක්ෂයෙ හිටපු කාලෙ කියපු ජනප්‍රිය කතා වගකීමක් ඇති ඇමති කෙනෙක් විදියට දැන් කියන්න බැරි බව ලාල් කාන්ත වගේම චතුරංගත් තේරුම් ගන්න ඕනේ.
  • ලාල් කාන්ත සහෝදරයගෙ ආන්දෝලනාත්මක කතාව ගැන මම ටික දිනකට කලින් People for the Ethical Treatment of Animals (PETA) ජාත්‍යන්තර සංවිධානයෙන් විමසීමක් කළා. මගේ විමසීමට පිළිතුරු දෙමින් PETA සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජේසන් බේකර් (Jason Baker) මෙහෙම කියල තිබුණ.
අකුරු ප්‍රමාණය (Font Size):

කාලයක් ඉඳලම මමත් ඉන්නෙ ලංකාවෙ ආහාර පරිභෝජන රටාවෙ දැවැන්ත වෙනසක් අවශ්‍යයි කියන තැන. විශේෂයෙන්ම බත් කන රටාවේ.  

ඒත් මට තේරුණ විදියට පොල් ගැන කතාවෙදි චතුරංගට කියන්න අවශ්‍ය වුණ දේ හරියට කියවුණේ නැහැ. චතුරංග වගේ අලුත් මැති, ඇමතිවරුන්ට research පදනම් කරගෙන උපදෙස් දෙන්න පුලුවන් reseach assisrant ලගෙ අවශ්‍යතාව ගැන මීට කලින් දවසකත් මම සටහන් කළා. 

 



හැබැයි මේ ප්‍රශ්නෙදි අලුත්, පරණ කියල වෙනසකුත් නෑ වගෙයි. උදාහරණයක් විදියට බොහොම colourful දේශපාලන නායකයෙක් වෙන ලාල් කාන්තත් මේ වගේ mistakes නිතර කරනව. ටිකක් පරණ කතාවක් වුණත් ගොවිපොලට කඩා වදින සත්තු මරන්න ගොවීන්ට අයිතියක් තියෙනව කියන කතාවත් ඒ වගේ එකක්. කර්මාන්ත ඇමතිගෙ වගකීම ලංකාවෙ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම.

ඒ වගේම ගොවියත් බේරාගෙන වගාවන් විනාශවීම වලක්වන්න පියවර ගැනීම කෘෂිකර්ම ඇමතිගෙ වගකීම. මෙතන ප්‍රශ්නය තියෙන්නේ ඒ ඇමතිලා දෙන්න  කියන්න හදන පණිවුඩයේ නෙවෙයි, ඒක සන්නිවේදනය කරන විදියේ; ඒක කියන විදියෙ, කියන ස්ථානයේ එහෙමත් නැත්නම් tone එකේ. අනික තමන්ගේ විෂයය ප්‍රවර්ධනය කිරීම සඳහා තවත් අංශයක් විනාශ කිරීම වැරදියි කියන දේ වටහා නොගැනීම.



තැනට සුදුසු සන්නිවේදනය 

උදාහරණයක් විදියට වගාව බේරගන්න කියල වගාවට පනින සත්තු මරා දානවට වඩා ආණ්ඩුවක් විදියට සැලසුම් සහගතව ගත යුතු පියවර ඕනෙ තරම් තියෙනව. එහෙම නැතුව ගැලරිය සතුටු කරන්න කටට එන හැම දෙයක්ම ප්‍රසිද්ධියෙ කීමෙන් වෙන්නෙ රට ඇතුළේ විතරක් නෙවෙයි ජාත්‍යන්තරවත් අපකීර්තියක් අත්වෙන එක.

කොටින්ම විරුද්ධ පක්ෂයෙ හිටපු කාලෙ කියපු ජනප්‍රිය කතා වගකීමක් ඇති ඇමති කෙනෙක් විදියට දැන් කියන්න බැරි බව ලාල් කාන්ත වගේම චතුරංගත් තේරුම් ගන්න ඕනේ.

ලාල් කාන්ත සහෝදරයගෙ ආන්දෝලනාත්මක කතාව ගැන මම ටික දිනකට කලින් People for the Ethical Treatment of Animals (PETA) ජාත්‍යන්තර සංවිධානයෙන් විමසීමක් කළා. 

මගේ විමසීමට පිළිතුරු දෙමින් PETA සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජේසන් බේකර් (Jason Baker) මෙහෙම කියල තිබුණ.

petaජේසන් බේකර්"(මිනිසුන්ට) ජීවත්වීම පිණිස සතුන් සමූල ඝාතනය කිරීමේ ලාල්කාන්ත අමාත්‍යවරයාගේ සැලැස්ම කුරිරු මෙන්ම අදූරදර්ශී වන අතර එමගින් සිදුවනු ඇත්තේ ශ්‍රී ලංකාවේ ගෝලීය කීර්ති නාමයට කැළලක් ඇතිවීම සහ සංචාරකයින් ශ්‍රී ලංකාවෙන් ඈත් කිරීම පමණයි. වන සතුන් සමඟ ඇති වන මෙම ගැටුම්, සත්වයින් යොදාගෙන කෙරෙන කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය වන අතිවිශාල භූමි පරිහරණය සඳහා මිනිසා විසින් නිරන්තරයෙන් සතුන්ගේ ස්වභාවික වාසස්ථාන ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයකි. PETA රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සත්ත්ව ආහාර වලින් තොර ආහාර ගැනීමකට (vegan eating) මාරුවීම දිරිමත් කිරීම වැනි වඩාත් කාර්යක්ෂම, සැබෑ විසඳුම් කෙරෙහි අවධානය යොමු කරන ලෙසය."

("Minister Lalkantha’s scorched-earth plan to massacre animals for simply trying to survive is both cruel and shortsighted and will only succeed in tarnishing Sri Lanka’s global reputation and driving away tourists. These perceived conflicts with wild animals are a consequence of humans encroaching on their ever-shrinking natural habitats, due to the enormous land use required by animal agriculture. PETA is urging government officials to work on real solutions, such as encouraging a shift to more efficient vegan eating.")

PETA කියන විදියට වීගන් ආහාර රටාවක් සඳහා අවශ්‍ය වෙන්නේ මාංශ භක්ෂක ආහාර රටාවක් සඳහා අවශ්‍ය භූමි ප්‍රමාණයෙන් 25% බිම් කොටසක් පමණයි. ඒ වගේම එක් මස් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා ධාන්‍ය කිලෝග්‍රෑම් 10ක් පමණ අවශ්‍ය වන බවත් එම සංවිධානය පෙන්වා දෙනවා.  

 

උත්සව කාලෙ දි රස කෑම කන බොන විදිය (වීඩියෝ)

කොහම වුණත් අපි කැමති කෑම වේලක් තෝරා ගැනීම වගේම අපි කැමති ආහාර රටාවක් අනුගමණය කිරීම අපේ අයිතිය. මාංශ භක්ෂකයින්ට ඒ අයිතිය වගේම vegetarian ලට ඒ අයිතියත් තියෙන්න ඕනෙ. ඒත් අපේ කෑම වේල තෝරන්න ආණ්ඩුවකට කිසිම අයිතියක් නැහැ. ඒ වගේම PETA සංවිධානය කියන විදියට මිනිස්සු vegan වෙන්න ඕනෙ කියල මම කියන්නෙ නෑ. හැබැයි පුරවැසියාට තමන්ගෙ තේරීම කරන්න අවශ්‍ය දැනුම, පහසුකම් සහ මාර්ගෝපදේශ සැපයීම ආණ්ඩුවක වගකීම.

එතෙන්දි නිසි වෙලාවට, තැනට ගැලපෙන tone එකෙන්, නිසි ආකාරයට තමන්ගේ පණිවුඩය ජනතාවට සන්නිවේදනය කරන්නත් ආණ්ඩුවකට හැකියාවක් තියෙන්න ඕනේ. 

නියෝජ්‍ය ඇමති චතුරංග වගේම ඇමති ලාල් කාන්ත පසුගිය දවස්වල මුහුණ දුන්න අත්දැකීම්වලින් ඉගෙනගන්න තියෙන පාඩම ඒකයි.

ඇමතිකමක් කරන්න උපාධියක් ඕනෙද? - (සරෝජ් පතිරණ)(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 ජනවාරි 25  


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...