ආණ්ඩුකාරයකු වුණේ ඡන්දෙකින් නො වෙයි. අසාද් සාලි විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. ඔහු බල්ලගෙ වැඩේ බූරුවා කරන පාර්ලිමේන්තු තේරීම් කමිටුවට ගිහිනුත් ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශ කරන්නෙ යම් අරමුණක් ඇතිව.
අසාද් සාලිත් දේශපාලනඥයෙක්. සිංහල වුණත් වෙල්ලාල වුණත් මුස්ලිම් වුණත් මෙරට දේශපාලනඥයන්ට තියෙන්නෙ ඡන්ද සටනක් පමණයි. අසාද් සාලිට ඡන්ද සටන තියෙන්න වෙනත් මුස්ලිම් දේශපාලනඥයන් එක්ක. ඔහු විවිධ ප්‍රකාශ කරන්නෙ අනෙක් මුස්ලිම් දේශපාලනඥයන්ට උඩින් ගිහින් ඡන්ද ලබා ගන්න. ඒ ප්‍රකාශ බොහෝ වෙලාවට මුස්ලිම් අන්තවාදීන් පෝෂණය කරන ඒව. ඒ නිසා ම එ ප්‍රකාශවලට සිංහලයන් විරෝධය පළ කරනවා. ඒ ක්‍රියාවට ප්‍රතික්‍රියාව.
මෛත්‍රිපාල අසාද් සාලි පාලනය කරන බවක් පේන්න නැහැ. මෛත්‍රිපාලට අවශ්‍ය අසාද් සාලිලා මාර්ගයෙන් මුස්ලිම් ඡන්ද දිනා ගන්න. ඒක මේ කපේ දි සිද්ධ වෙන දෙයක් නො වෙයි. මෛත්‍රිපාල වෙනත් අයට කියල තමන්ට නැවත ජනාධිපති වෙන්න කියල ආරාධනය කර ගන්නවා. ඔහුට උපදෙස් දෙන්නෙ ඉන්දීය ඔත්තු සේවයට වැඩ කරන අය ද? ඔහු ශ්‍රී ල නි පක්‍ෂයෙ අය කියන දේට වඩා මේ ඔත්තු සේවකයන්ගෙ හඬට කන් දෙන බවක් පේන්න තියෙනවා.
ඒ වගේ ම මංගලටයි වෙනත් අයටයි සේවය කරල අතරමං වෙච්ච ඊනියා පශ්චාත්නූතනවාදීන්ටත් සවන් දෙන බවක් පේන්න තියෙනවා. මෛත්‍රිපාල මේ උපදෙස් මත අනුන් කැපූ වළේ තමන් ම වැටෙන්න හදනවා.
අසාද් සාලි පාර්ලිමේන්තු තේරීම් කමිටුවට කියල තිබුණ අට දෙනකු කළ වරදට මුළු මහත් මුස්ලිම් සමාජයට ම හිරිහැර කරනවා කියල. ඒකට සරත් ෆොන්සේකා උත්තරයක් දීල තිබුණ අට දෙනා දෙසිය ගණනක් මැරුව කියල. ඒ උත්තරේ සමාජයේ පැසසුමට ලක් වෙලා. ඒත් මා හිතන්නෙ එක ගැලරි උත්තරයක් පමණක් කියලයි. අපට ප්‍රශ්නය වෙන්නෙ අටදෙනාට කී දෙනකු බිලි ගන්න පුළුවන් වුණා ද කියන එක නො වෙයි. ඒ මිය ගිය අය ගැන අපි ජීවිතාන්තය දක්වා ම කණගාටුවෙනවා. කාදිනල්තුමා කිව්ව වගේ ම ඒ ඝාතකයන් යන්නෙ අවීචි මහා නරකාදියට.
අපට දැන ගන්න ඕන අට දෙනා පසුපස ඉන්නෙ කවුද කියල. මේක හුදු අටදෙනකුගෙ වැඩක් නො වෙයි. සහාරාන් මේකෙ නායකයත් නො වෙයි. දැන් සහාරාන්ගෙ නායකයකු කියන අයකු සෞදියේ දී අත්අඩංගුවට අරගෙන. ඔහු පිටුපසත් තවත් අය ඉන්නවා. මෙහි ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙනවා. ඔය පාර්ලිමේන්තු තේරීම් කමිටුවට ඒ එකක්වත් හොයන්න බැහැ. ඒ ගැන හොයන්න කමිටු සාමාජිකයන්ට තියෙන පුහුණුව මොකක් ද?
ඒ වැඩේට තරමක්වත් සුදුසු සරත් ෆොන්සේකා විතරයි. එහෙත් ඔහුත් මෛත්‍රිපාල විරෝධියෙක් වෙලා. ඔහුටත් තියෙන්නෙ වෙනත් අරමුණක්. තේරීම් කමිටුව පත් කරන්න ඡන්දෙ දුන්න විපක්‍ෂයෙ ප්‍රධානීන් දෑනගෙන හිටියෙ නැද්ද ඒ පත් කරන්නෙ මොකට ද කියල. අද ඔවුන් තේරීම් කමිටුව පත් කරන්න උදවු කරල ප්‍රශ්න කරන එක එ ජා පෙරමුණට පවරල බලන් ඉන්නවා. දහනවයට ඡන්දෙ දීල කරගත් මෝඩකම් ඉවර වෙන පාටක් නැහැ. දැන් මොන බයිල කිව්වත් විපක්‍ෂයත් මේ බොහෝ දේචලට වග කියන්න ඕන.
ආණ්ඩුව බොරු කරනවා. අර මුස්ලිම් ඇමතිවරුන්ට විරුද්ධ චෝදනා ඉදිරිපත් කරන්න ඊයෙ වෙනකන් කල් දීල තිබුණ. චෝදනා තිබුණත් නැතත් මේ මුස්ලිම් ඇමතිවරුන් මුස්ලිම් අන්තවාදීන්ට ආරක්‍ෂාව සපයල තියෙනව නම් ඒවා හොයා බලන්න ඕන. ඒක ආරක්‍ෂක අමාත්‍යංශයට හා ඒ යටතෙ ඇති දෙපාර්තමේන්තුවලට අයිති වැඩක්. අද ඒව කෙරෙන්නෙ නැහැ. ඊයේ වෙනකන් ඉදිරිපත් වෙලා තියෙන චෝදනා ඔප්පු කරන්න තරම් ප්‍රමාණවත් සාක්‍ෂි නැති බව කියන්නත් පුළුවන්. මා කලින් දවසක කිව්ව වගේ පොලීසිය හොරා අල්ලන් ගෙනත් දෙන්න කියනව වගේ වැඩක් අද රනිල්ගෙ ආණ්ඩුව කරන්නෙ.
අසාද් සාලි දැන ගන්න ඕන සිද්ධියට වග කියන්න ඕන අට දෙනකු විතරක් නො වෙයි කියන එක. ඒ ඉතිරි අයත් සොයා ගැනීමට අසාද් සාලිලා සහාය දෙන්න ඕන. සහාරාන් ගැන දන්න තොරතුරු සහ තවත් තොරතුරු අදාළ පරීක්‍ෂකයන්ට දෙන්න ඕන. අට දෙනකු නිසා මුළු මුස්ලිම් සමාජයට ම කවුරුන්වත් චෝදනා එල්ල කරල නැහැ. එසේ කරල තියෙන බව පෙන්වන්න තමයි මුස්ලිම් ඇමතිවරු සියළු දෙනා ම එක රොත්තට ඉවත් වුණෙ. දැන් කබීර් හෂීම් එක්කයි බද්‍යුද්දීන් ඉන්නෙ.
ඒ නිසා බද්‍යුද්දීන් නිවැරදි වන්නේවත් කබීර් හෂිම් වැරදිකරුවකු වන්නේවත් නැහැ. මුස්ලිම් ඇමතිවරු මෙවැනි ආකාරයෙන් ක්‍රියා කිරීමෙන් සිංහලයන්ට මෙන් ම මුස්ලිමුන්ට ද දෙන්නෙ වැරදි හැඟීමක්. ඔවුන්ටත් රනිල්ටත් අවශ්‍ය මුස්ලිම් ජනයා අනෙක් ජනතාවගෙන් වෙන් කරන්න. අසාද් සාලි ඒ වෙන් කිරීමට උදවු කරනවා.
ඔහු තව දුරටත් කියා තියෙනවා තමන්ට ෂර්යා නීතිය ඕන කියල. සිංහලයන් මුස්ලිමුන් මේ රටට කැඳවා ගත්තා නො වෙයි. ඔවුන් ආවේ ඔවුන්ගේ ම වුවමනාවට දහහතර වැනි සියවසෙන් පසුව. ඔවුන් ආවෙ සිංහල බෞද්ධ රාජ්‍යයකට. එහි තිබුණෙ සිංහල බෞද්ධ නීතිය. ෂර්යාවක් තිබුණෙ නැහැ. ඔවුන් ඇවිල්ල ෂර්යා ඉල්ලුවෙ නැහැ.
පස්සෙ බටහිරයන් සිංහල බෞද්ධ නීතිය වෙනස් කරල ක්‍රිස්තියානි නීතිය යටතේ රට පාලනය කෙරුව. ඒ 1815 සිංහල ඉංගිරිසි ගිවිසුමට විරුද්ධ ව. ඒ ගිවිසුමෙන් ඉංගිරිසින් සිංහල නායකයන්ට පොරොන්දු වුණා සිංහල සිරිතට (ඒ කියන්නෙ නීතියට) රට කරවනවා කියල. ඒ බුද්ධාගම හා දේවාගම (ඒ කියන්නෙ සිංහල බුද්ධාගම) ආරක්‍ෂා කරල පෝෂණය කරන බවට පොරොන්දු වීමට අමතර ව. ඉංගිරිසින් ඒ එකක්වත් ඉටු කෙළෙ නැහැ.
අද අපට අවශ්‍ය ඒ ඉංගිරිසින් කඩ කරපු දේ නැවත ඇති කරන්න. මේ කිසිම ගිවිසුමක ෂර්යා නීතියක් ගැන කියල නැහැ. අසාද් සාලිට කියන්න පුළුවන් ද ෂර්යා නීතිය ක්‍රියාත්මක වන මුස්ලිම් රටවල් හා මුස්ලිම් නොවන රටවල්.
මුස්ලිම් සංස්කෘතික අනන්‍යතාව රැක ගන්න ෂර්යා නීතියක් අවශ්‍ය නැහැ. ඒ ඒ සංස්කෘතික අනන්‍යතා රැක ගන්න ඒ ඒ නීති ක්‍රියාත්මක කරන රටවල් නැහැ. මේ රටේ සිංහල බෞද්ධ අනන්‍යතාවවත් රැක ගන්න අද සිංහල බෞද්ධ නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. අසාද් සාලිට මුස්ලිම් ඡන්ද ඕන නම් ඒ සඳහා වෙනත් ක්‍රමයක් කල්පනා කරන්න ඕන.
මුස්ලිම් තරුණයකුට අවුරුදු දොළහක සිංහල තරුණියක් විවාහ කර ගන්න පුළුවන් ද? එහෙමත් නැත්නම් සිංහල තරුණයකුට අවුරුදු දොළහක මුස්ලිම් තරුණියක් විවාහ කර ගන්න පුළුවන් ද? අඩු තරමෙන් අපට එක විවාහ නීතියක් තියෙන්න ඕන.
උතුරේ තේසවලාමෙයි නීතිය ක්‍රියාත්මක වෙන්නෙ කොහොම ද? තේසවලාමෙයි කියන්නෙ වත්මන් දකුණු ඉන්දියාවෙ මුස්ලිමුන් අතර ක්‍රියාත්මක වුණු නීතියක්. ඒක මෙහාට ගෙනත් දැම්මෙ පළමුව ලන්දේසීන් දෙවනුව ඉංගිරිසින්. අද මේ විවිධ නීතිවලට ඉඩ දීල තියෙන්නෙ හැම පක්‍ෂයෙ ම ඉන්න සිංහල නායකයන්ගෙ නිවටකම හින්ද. ඔවුන් බලන්නෙත් ඡන්ද විතරයි.
අසාද් සාලි වගේ අයගෙන් අපට බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. එහෙත් අසද් සාලිට අපේ ඡන්දය ඕන වෙනවා. හැම සාලි කෙනෙක් ම හැම සාලිය කෙනෙක් ම ඒක මතක තියා ගත්තොත් හොඳයි.
කාලය ( kalaya- ජාතික චින්තන) FB පිටුවෙන් උපුටා ගැනිණ
අසාද් සාලිගෙ අට - ආචාර්ය නලින් ද සිල්වාගේ විග්‍රහයක්
T
The Leader Desk
June 15, 2019 • 6:19 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අසාද් සාලි කියන්නේ පිස්සකුවත් මෝඩයකුවත් නො වෙයි. ඒ කියන්නෙ ඔහු වියතකු බුද්ධිමතකු කියන එකත් නො වෙයි. ඔහු බස්නාහිර පළාතෙ ආණ්ඩුකාර ධුරයට පත් කරනු ලැබුයෙ මෛත්‍රිපාල විසින්. හිස්බුල්ලත්
- අසාද් සාලි විවිධ ප්‍රකාශ නිකුත් කරනවා.
- ඔහු බල්ලගෙ වැඩේ බූරුවා කරන පාර්ලිමේන්තු තේරීම් කමිටුවට ගිහිනුත් ප්‍රකාශ කරනවා.
- මේ ප්‍රකාශ කරන්නෙ යම් අරමුණක් ඇතිව.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


