The Leader News
BREAKING
Top Ad
Opinion

රාජපක්ෂලාට කෙළවෙන වැඩක් : සුමිත් චමින්දගේ විග්‍රහයක්

T

The Leader Desk

June 18, 2019 • 3:52 AM

රාජපක්ෂලාට කෙළවෙන වැඩක් : සුමිත් චමින්දගේ විග්‍රහයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේක සමකාලීන ලංකාවේ සරල දේශපාලන සූත්‍රයක්.
  • සිංහල බෞද්ධ ජන්ද මත පමණක් පදනම් වී ජනපතිවරණයක් දිනිය නොහැකි බව 2010 න් පසු දේශපාලනයේ ප්‍රවීණයෝ දනිති.
  • සුළු ජනවාර්ගික ජන්ද අනතුරේ හෙළාගෙන සිංහල ජාතිකවාදයේ උද්වේගී ප්‍රකාශකයා වීමට රාජපක්ෂ තවමත් ඉදිරිපත් වී නොමැත.
  • දැන් පෙරමුණේ සිටින්නේ සැබවින්ම ඔහුගේ පාලනය යටතේ සිටින ජාතිකවාදී කසකරුවන් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සුළු ජනවර්ග සහ ආගමික ප්‍රජාවන් තර්ජනයට ලක් කළ විට (එය කව්රුන් විසින් කළද) ඔවුන් වඩා සමීප වන්නේ රාජපක්ෂ කඳවුර වෙතට නොව වික්‍රමසිංහ කඳවුර වෙතය. එවිට සුළු ජනවාර්ගික අයිතීන් වෙනුවෙන් මෙලෝ දෙයක් නොකළ වික්‍රමසිංහ නිකං ඉඳීමෙන් ඔවුනගේ ජන්ද නෙලා ගනී.

සිංහල බෞද්ධ ජන්ද මත පමණක් පදනම් වී ජනපතිවරණයක් දිනිය නොහැකි බව 2010 න් පසු දේශපාලනයේ ප්‍රවීණයෝ දනිති. මහින්ද රාජපක්ෂ මෙය හොඳින් දනී. ඔහු රතන හිමිගේ උපවාස ජවනිකාවේදී දළදා මළුවට නොගොස් වික්‍රමසිංහ මුණ ගැසීමට අරලිය ගහ මන්දිරයට ගියේ එහෙයිනි.

සරදම්ජනක සත්‍යය මෙයයි; මේ මොහොතේ සුළු ජනවර්ගවලට එරෙහි සිංහල බෞද්ධ අන්තවාදී ප්‍රචාරක කටයුතුවල ප්‍රායෝගික දේශපාලන වාසිය අත්පත් කරගන්නේ වික්‍රමසිංහයි.

අනෙක් අතට, එජාපයේ සිංහල ජන්ද පදනම විශාල වශයෙන් ඛාදනය කර දමන්නට සමත් රැල්ලක් පශ්චාත්-සහරාන් යුගයේදී රාජපක්ෂ සතුව තිබේද? නැත. සිදුවෙමින් පවතින්නේ ජාතිකවාදී ධජයට තරඟ කරන නව උරුමකරුවන් මතුව ඒමය.

සුළු ජනවාර්ගික ජන්ද අනතුරේ හෙළාගෙන සිංහල ජාතිකවාදයේ උද්වේගී ප්‍රකාශකයා වීමට රාජපක්ෂ තවමත් ඉදිරිපත් වී නොමැත. ඔහුගේ අලුත් වදන් කෝෂය තුළ "නිවැරදි තීරණවලදී ආණ්ඩුවට සහය දීම" වැනි යෙදුම්ද හඳුනාගත හැකිය.

ඔහුගේ සිංහල බෞද්ධ දෘෂ්ටිවාදී බැටෑලියන් එකට තවමත් ඉදිරියට යාමට අණ ලැබී නොමැති සෙයකි. දැන් පෙරමුණේ සිටින්නේ සැබවින්ම ඔහුගේ පාලනය යටතේ සිටින ජාතිකවාදී කසකරුවන් නොවේ.

රාජපක්ෂ යනු ලාංකීය දේශපාලන කලාව දන්නා ශූරයෙකි. වික්‍රමසිංහගේ සිංහල ජන්ද විශාල වශයෙන් ඛාදනය කර දමන්නට නොහැකි තත්ත්වයක් තුළ ජනවර්ග අතර ආතතිය වර්ධනය වනවා යනු තමන්ට කෙළ වෙන වැඩක් බව ඔහු මනාව දනී.

අද අතුරලියේ රතන, නලින් ද සිල්වා ඇතුළු රාජපක්ෂට සෘජුව හැසිරවිය නොහැකි සිංහල ජාතිකවාදීන් විසින් කරමින් සිටින්නේ ඔහුට කෙළවෙන වැඩකි. අද ජනවාර්ගික බේදය වැඩි වර්ධනය වීමේ වාසිය වැඩි වශයෙන් අත්පත් කරගන්නේ වික්‍රමසිංහය. ලිබරල්වාදය ජනවාර්ගික-ජාතිකවාදය මත යැපීම පිළිබඳ කදිම නිදසුනක් වත්මන් ශ්‍රී ලාංකීය දේශපාලනය විසින් සපයනු ලැබ ඇත.

අවසන් වශයෙන් යුරෝපීය මැතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් ශිෂෙක් කීවාක් සේ ලංකාවේද පශ්චාත්-සහරාන් යුගයේ අධිපති සමාජ සිතීම වෙමින් ඇත්තේ කරදරයක් නැතිව සුපුරුදු පරිදි ජීවත් වීමයි. මෙය මේ යුගයේ අධිපති දෘෂ්ටිවාදයයි.

නලින් ද සිල්වාගේ සිංහල-බෞද්ධ රාජ්‍යය සෑදීමද අයත් වන්නේ කරදරකාරී වැඩ වලටය. තමන්ගේ පාඩුවේ ජීවත් වීමේ දෘෂ්ටියේ දේශපාලන ගම්‍යයන් මොනවාදැයි අපි ඉදිරියේදී 'සිරස' සමග බලා සිටිමු.

Sumith Chaminda(පශ්චාත්-සහරාන් යුගයේ දේශපාලනය ගැන කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සුමිත් චමින්ද ඉදිරිපත් කරන මෙම ලිපිය ඔහුගේ FB පිටුවෙන් උපුටා ගන්නා ලදී)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...