The Leader News
BREAKING
Top Ad
Opinion

පැවිද්දන්ගේ ලිංගික චර්යා ගැන බෞද්ධ විනය නීති පැනවුන හැටි

T

The Leader Desk

June 19, 2019 • 10:19 AM

පැවිද්දන්ගේ ලිංගික චර්යා ගැන බෞද්ධ විනය නීති පැනවුන හැටි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට පහසුම ක්‍රමය නම් ශාසනයේ සව්වෙකු වීමයි.
  • ඔහු බුදුන් වෙත ගොස් පැවිදි බවට පත් වුනා.
  • ඒ වනවිට විනය නීති ආදිය නොතිබූ බැවින් මෙහි ඇති වරද සුදින්න හාමුදුරුවන්ට අවබෝධ වුනේ නැහැ.
  • සුදින්න තෙර නිසා ගිහි කල සුදින්නගේ බිරිය ගැබ්ගත් අතර ඇය බීජකමාතා ලෙසත් දරුවා බීජක ලෙසත් හඳුන්වන්නට වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

මරණින් මතු නැවත නැවත ඉපදීම වළකන මහා නිර්වාණ සුවය බුදුන් වහන්සේ ලබාගත් සේක. ඉන් පසුව සියලු ලෝ වැසි සත්වයාට ඒ නිර්වාණය නැමැති සුව ලබාගන්නා සැටි උන්වහන්සේ දේශනා කළහ. ඒ නිවන් මග යන බුද්ධ ශ්‍රාවකයා ආශාවන් කෙමෙන් කෙමෙන් අත් හැරිය යුතු වෙයි.

එහිදී ගිහි කල බොහෝ රසවත් යැ සිතාගෙන ක්‍රියාවේ යෙදුන ලිංගික ක්‍රියාවන්ද අත් හරින්නට සිදු වේ. භික්ෂූන්ගේ ලිංගික චර්යාවන්ගේ පාලනය ගැන විනය පිටකයේ විස්තර කර තිබේ. අපි ඒ කරුණු කිහිපයක් සොයා බලමු.


1. ගිහි බිසව හා මෙවුන්දම් සෙවූ සුදින්න තෙර

samsara

කලන්ද සිටුපුත් සුදින්න බුදුන් දැක පැහැදී මහණ වන්නට කැමති උනා. එහෙත් දෙමාපියෝ සිය එකම පුතා මහණ කෙනෙකු වනවාට අකමැති උනා. නැවත නැවත සුදින්න දෙමාපියන්ට ඇවටිලි කළා. එවර දෙමාපියෝ සුදින්නට පැවිද්දට අවසර දුන්නා. ඔහු බුදුන් වෙත ගොස් පැවිදි බවට පත් වුනා. සුදින්න පැවිදි වුනත් ඒ සිටු පවුලට හිටියේ සුදින්න පුතා පමණයි. ඒ නිසා නැවත නැවත ගොස් සුදින්න තෙරණුවන්ට දෙමාපියෝ ඇවටිලි කරන්නට වුනා. ඒත් සුදින්න ගිහි සැපට කැමති වුනේ නහැ.

අවසාන වශයෙන් සිය පරම්පරාව ආරක්ෂා කරගන්න දරු ඵලයක් වත් ලබා දෙන්නැයි දෙමාපියන් ඉල්ලීමක් කළා. සුදින්නගේ බිරිය සුදින්න සමග කැළයට නික්මුනා. ඔවුන් මෙවුන්දම් හෙවත් ලිංගික කාර්යයේ නිරත වුනා. එයින් සුදින්නගේ බිරිය ගැබ්ගත්තා. ඒ වනවිට විනය නීති ආදිය නොතිබූ බැවින් මෙහි ඇති වරද සුදින්න හාමුදුරුවන්ට අවබෝධ වුනේ නැහැ.

සුදින්න තෙර නිසා ගිහි කල සුදින්නගේ බිරිය ගැබ්ගත් අතර ඇය බීජකමාතා ලෙසත් දරුවා බීජක ලෙසත් හඳුන්වන්නට වුනා. ඒත් සුදින්න තෙරණුවන්ට මේ සිද්ධිය හිතට ඇල්ලුවේ නැහැ. ඔහු ඒ පිළිබඳව දුකෙන් කාලය ගත කළා. පසු කලෙක බුදුන් වහන්සේටද මෙය සැළවුනා.

රාගයෙහි ඇලීම, පිටුදැකීම ගැන නිතර කියවෙන දහමේ ශ්‍රාවකයෙක් කාමයේම ඇලීම බුදුන් විසින් විවේචනය කරණු ලැබුණා. ඉන් පසු කිසිම හේතුවක් නිසාවත් භික්ෂූන්ට ස්ත්‍රීන් සමග සංවාසය තහනම් යැයි විනය නීතියක් පැනවුනා.

 

2. තිරිසන් යෝනියේ අංගජාතය බහා ලූ තෙරනම

Buddhist monk 2 

විශාලා මහ නුවර වනයේ විසූ එක් භික්ෂුවක් වැඳිරියක ආහාරයෙන් පොළඹවාගෙන වැඳිරිය සමග ලිංගික ක්‍රියාවේ යෙදුනා. වෙනත් හිමිවරුන් ඒ හිමිගේ අරමට වඩින කොට වැඳිරිය පැමිණ ඔවුන්ටද ලිංගික ඉරියව් පාන්නට වූ නිසා භික්ෂූන්ට සැක හිතුනා. ඒ හිමි නැවත ආ කල පාත්තරයේ වූ දානයෙන් බාගයක් වැදිරියට දී ඉන් පසු වැඳිරිය සමග ලිංගික ක්‍රියාවේ නිරත වන බව හිමිවරුන් පසුව සනාථ කරගත්තා.

ඉන් පසුව බුදුන් වහන්සේට මෙය සැලවූ පසුව බුදුන් වහ්න්සේ ඒ භික්ෂුව ගෙන්වා ඔහුගෙන් ඒ ගැන විමසා දහම් දේශනා කළා. පසුව බුදුන් වහන්සේ තිරිසන් සතුන් සමග හෝ ලිංගිකව හැසිරීම භික්ෂූන්ට නොගැලපේ යැයි විනය නීති පැනෙව්වා.


3. විනිශ්චිත කතා

Buddhist monk 3

වරක් භික්ෂූන් වහන්සේ නමක් ගිහි වෙස් ගෙන ලිංගික සුව සොයන්නට විය. තවත් භික්ෂුවක් සීලය සහ විනය ඇත්තේ චීවරයේ පමණක් විය හැකියැයි සිතා චීවරය පසක ලා ලිංගිකව එක්වීමට ගොස් තිබුනා. ඇතැම් භික්ෂූන් සමලිංගික සේවනය, තමුන්ගේම ලිංගය පශ්චාත් භාගයේ රුවාගැනීම්, තමුන්ගේ මුවින් ලිංගය සන්තර්පනය කිරිම් ආදී විකෘති ලිංගික ක්‍රියා වලද නිරත වී තිබුණා.

ඒ සියලු තැන්හිදී බුදුන් වහන්සේ ඒවා පරිජි ඇවැත් ලෙස දක්වා භික්ෂූන්ට බරපතල වැරදි ලෙස දක්වා තියනවා. බුදුන් වහන්සේගේ ශාසනය පහල වූ කාලයේ විශාල පළාතක විවිධ මට්ටම්වල ජනයා දහම කෙරේ පැහැදුනා. වර්තමානයේ මෙන් එකල පැහැදිලි ලෙස සංඝ සමාජය සහ නීති රීති නොතිබූ හෙයින් මුල් කාලයේ සෑම තැනකදීම බුදුන් වහන්සේ භික්ෂූන් වෙනුවෙන් කළ යුතු නොකළ යුතු දේ මනාව දක්වා විනය නීති පැනෙව්වා.


4. ලිංගය මාරුවීම

Buddhist monk 4 

විනය පිටකයේ පාරාජික කාණ්ඩයේ පාරාජික පාලියේ විනිශ්චය කතාවස්තු වල සඳහන් වන අන්දමට එක්තරා භික්ෂුවකට වරක් ස්ත්‍රී නිමිත්ත පහළ වුනා. ඒ සමගම ඒ භික්ෂුවගේ සොබාවය වඩාත් ස්ත්‍රී ස්වරූප ගත්තා. එවිට යමෙක් වඩාත් ස්ත්‍රී ස්වරූප ගන්නේ නම් භික්ෂූණීන් සමග වාසය කිරීම මැනවැයි බුදුන් වහන්සේ දේශනා කළා. එසේම එක් ස්ත්‍රියකට පුරුෂ ලක්ෂණ පහළ වීමේ සිද්ධියක්ද තිබේ. එහිදීද වඩාත් සාධාරණව සලකා බලා භික්ෂූන් සමග විසීමට ඒ ලිංග විපර්යාසය සිදුවූ මහණ හට බුදුන් විසින් අවසර දී තිබෙනවා.

එවිට ඒ පරිවර්තනයෙන් පසුව අවසානයේ භික්ෂුවක් වුවහොත් භික්ෂූන්ට අදාළ විනය නීතිද, භික්ෂුණියක් වුවහොත් ඒ අදාළ විනය නීතිද බලපැවැත්වෙන බව විනය පිටකයේ සඳහන් වෙලා තියෙනවා


5. සුන්දර භික්ෂුවගේ සිල් බිඳීම

Buddhist monk 5

රජගහ නුවර වීදියක සුන්දර නම් භික්ෂුව සැඳැහැ සිතින් පිඬුසිඟා වඩිනවා. එවිට එක්තරා ස්ත්‍රියක් ‘මහණ මොහොතක් නවතින්න, වඳින්නට ඕනා’ යැයි කියා හිමිනම නැවැත්වූවා. වඳින්නට නැමුනු ඇය මහණට සිතාගන්නට බැරි තරම් වේගයෙන් අඳනය මෑත්කර සුන්දර භික්ෂුවගේ රහසඟ මුවින් ගත්තා. පුරුෂ ලිංගයකට ස්ත්‍රියකගේ විවරයන් තුනකට ඇතුළුකොට පහස විඳිය හැකිය. යෝනිය, මළ පිටවන ගුද විවරය සහ මුඛය යනු ඒ තුනයි.

විනය පිටකය අනුව ඒ කවරකට වුවද තල් ඇටයක් තරම් කුඩා වූ ප්‍රමාණයකින් වත් පුරුෂ ලිංගය ඇතුළු කිරීම බරපතළ වරදක්. මේ සුන්දර භික්ෂුවද තමාට වුන ඇබැද්දිය බුදුන් වහන්සේට විස්තර කළා. එවිට ලෝකනාථයන් වහන්සේ තමුන් එය ඉවසුවේ නැතිනම් එය වරදක් වන්නේ නැතැයි භික්ෂුව අස්වැසුවා.


6. කුටාගාර ශාලාවේ සිදුවීම

Buddhist monk 6

විශාලා මහනුවර කුටාගාර ශාලාවේ දිනක් භික්ෂුවක් පිණ්ඩපාතය වළඳා ටිකක් සැතපුනා. ඔහුට දොර වසන්නට අමතක වෙලා තිබුණා. භික්ෂුවගේ ලිංගික අවයවය වාතය නිසා පිබිදී තිබුණා. පුරුෂ ලිංගය පිබිදීමට හේතු පහක් දක්වා ඇති අතර වාතයද එසේ පිබිදීමට එක් හේතුවක් වනවා. මේ අතර විහාරය බැලීමට පැමිණි ස්ත්‍රීන් පිරිසක් මේ භික්ෂුව සිටි කුටියටද පැමිණියා. පැමිණි විට වාතයෙන් පිබිදුනු රහස් ඉන්ද්‍රිය දැක මෙය නම් පුදුමයකැයි කියා ඒ මත්තේ නැග භික්ෂුව නිදි අතරේම ලිංගික පහස ලබාගත්තා.

භික්ෂුවගේ පුරුෂ හැකියාව ගැන විස්මයට පත් වෙමින් එකියක නොව ස්ත්‍රීන් කිහිප දෙනෙකුම ලිංගික සුව ලබා ශාලාවෙන් නික්මුනා. භික්ෂුව නැගිට බලන විට මහත් කලබලයක්. ඒ අවට තෙත් වී තිබුන නිසා පුරුෂ නිමිත්ත මත නැග ස්ත්‍රීන් රති සුව ලබා තිබෙන බව අනෙක් භික්ෂුන්ට සඟවන්නට බැරි වුනා. .

එවිට ඒ භික්ෂුව වරදක් වෙලාදැයි කියා සිතා බුදුන්ගෙන් ඒ වග විමසුවා. නින්දේදී සිහිය නැති අවස්ථාවක සිදු වූවක් බැවින් වරදක් නැතැයිද, මින් පසු නිදාගන්නා විට දොර වසාගෙන නිදාගන්න යැයිද බුදුන් වහන්සේ උපදෙස් දුන්නා.


7. විනය නීති පැනවීම

Buddhist monk 7

ඒ ඒ අවස්ථාවන්හිදී භික්ෂූන් කරන ලද වැරදි ඉන් පසු කාලීනව සිදුවීම වැළැක්වීමට සම්බුද්ධ ශාසනයේ විනය නීති පැනවුනා. විවිධ සමාජ මට්ටම්වල පිරිස් සහිත විශාල ප්‍රදේශයක බුද්ධ ශාසනය එකලද පැතිරී තිබුනා. එම නිසා ශාසනයේ පැවිදි වෙන අය අතර විවිධ මට්ටම්වල අය සිටියා. වර්තමානයේ මෙන් පරම්පරා ගණනාවක චාරිත්‍ර වල එන පරිදි භික්ෂූන් හික්මීමක් එකල තිබුන් නැහැ. යම් කුකුසක් ඇතිවූ කල එය බුදුන් වහන්සේගෙන් හෝ සැරියුත් මුගලන්, උපාලි ආදී තෙරවරුන්ගෙන් අසා දැනගැනීම භික්ෂූන්ගේ සිරිත වුනා.

ඒ අනුව එකල භික්ෂූන් තමුන් අතින් වරදක් සිදුවුනාද කියා සැකයෙන් හිටියා. ඇතැම් විට සිතින් නොකළේ වුවද වැරැද්දක් සිද්ධ වූ අවස්ථා තිබුනා. එවන් අවස්ථාවලද බුදුන්ගෙන් අසා වැරදි නිවැරදි බව දැනගන්නට භික්ෂූන් උනන්දු වුනා.

ගිහියන් ලෙස ලෞකික සැප හොඳහැටි විඳිමින් ගෙනයන මේ ජීවිතයට වඩා භික්ෂු ජීවිතය කෙතෙක් අපහසුද? එය කොතරම් වීර්යයකින් විනයකින් පවත්වාගත යුත්තේද යන වග මේ කතාන්දර හරහා සාමාන්‍ය ජනයාට වටහාගත හැකියි. අද කාලයේ භික්ෂූන්ගේ සුළු වරදද මහත් කොට දක්වා ඇතැම් උපාසකයෝ පංසලට පිංකමට සහභාගි නොවී කර ඇරීමටම සැදී පැහැදී ඉන්නවා. එහෙත් විනය නීති රැසක් ආරක්ෂා කරගෙන උපාසක උපාසිකාවන්ටද නිවන් මග පෙන්වමින් භික්ෂූන් ගෙනයන ඒ ශ්‍රමණ දිවිය කිසිසේත්ම ලේසි පාසු කාර්යයක් නම් නොවෙයි.

(lifie.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...