The Leader News
BREAKING
Top Ad
Opinion

සරසවි කොන්ඩම් භීතිකාව: ලිංගික ක්‍රියාවලට එරෙහි ඊර්ෂ්‍යාවක්

T

The Leader Desk

June 23, 2019 • 6:22 AM

සරසවි කොන්ඩම් භීතිකාව: ලිංගික ක්‍රියාවලට එරෙහි ඊර්ෂ්‍යාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුහුණු සරසවියේ ශිෂ්‍ය සංගම් කාමරයක තිබී පාවිච්චි කළ උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් බාල්දි දෙකක් හමුවූ බවට එහි උපකුලපතිවරයා කළ ප්‍රකාශයක්
  • උපකුලපතිවරයාගේ එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් සරසවි සිසු සිසුවියන් කොන්ඩම් භාවිතා කිරීම මහා අපරාධයක් ලෙස හුවා දක්වමින් මෙම සිදුවීමත් සමඟ ඊනියා සුචරිතවාදී අදහස් ඉදිරිපත් වන්නට පටන්ගෙන ඇත.
  • එවැනි ප්‍රකාශ සමඟ සරසවි සිසු සිසුවියන්ට අපහාස කරමින් සිදුකරන විවිධ පළකිරීම් ද මේ දිනවල ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය අවකාශය තුළ දක්නට ලැබේ.
  • මෙම සිදුවීමත් රුහුණේ කොන්ඩම් සිදුවීමත් අවධි දෙකක උපකුලපතිවරුන් දෙදෙනෙකු යටතේ සිදුවූ ඇතිවූ සිද්ධි වුවත් මෙම සිද්ධි දෙකම පැනනගින්නේ ලිංගික ක්‍රියා සම්බන්ධයෙන් සමාජයේ පවතින වික්ටෝරියානු සුචරිතවාදී ආකෘතියේ දිගුවක් ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් මේ දිනවල සමාජය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ. උපකුලපතිවරයාගේ එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් සරසවි සිසු සිසුවියන් කොන්ඩම් භාවිතා කිරීම මහා අපරාධයක් ලෙස හුවා දක්වමින් මෙම සිදුවීමත් සමඟ ඊනියා සුචරිතවාදී අදහස් ඉදිරිපත් වන්නට පටන්ගෙන ඇත.

එවැනි ප්‍රකාශ සමඟ සරසවි සිසු සිසුවියන්ට අපහාස කරමින් සිදුකරන විවිධ පළකිරීම් ද මේ දිනවල ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය අවකාශය තුළ දක්නට ලැබේ. මෙම සටහන රුහුණු සරසවියේ උපකුලපතිවරයාගේ ගල් ගැසීමෙන් ඇවිස්සුණු මෙරට ඊනියා සංස්කෘතික දෙබරයෙන් හෙළිවන ලාංකේය ඊනියා සුචරිතවාදයේ නිරුවත පිළිබඳ තබන ලද්දකි.

මෙම සිදුවීමට යම්තාක් දුරකට සමාන සිදුවීමක් මීට කලකට ඉහතදී ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් ද වාර්තා විය. ඒ එහි උපකුලපතිවරයා එම සරසවියේ සිසුවියන්ගේ කන්‍යාභාවය පරික්ෂා කිරීම සඳහා ක්‍රියාකිරීමය.

මෙම සිදුවීමත් රුහුණේ කොන්ඩම් සිදුවීමත් අවධි දෙකක උපකුලපතිවරුන් දෙදෙනෙකු යටතේ සිදුවූ ඇතිවූ සිද්ධි වුවත් මෙම සිද්ධි දෙකම පැනනගින්නේ ලිංගික ක්‍රියා සම්බන්ධයෙන් සමාජයේ පවතින වික්ටෝරියානු සුචරිතවාදී ආකෘතියේ දිගුවක් ලෙසයි.

මෙම තත්ත්වය තුළ මතුපිටින් ඊනියා සුචරිතවාදය නඩත්තු කරමින් අභ්‍යන්තරයෙන් ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධව කටයුතු කරන සමාජයක් ගොඩනැඟී තිබේ. සරසවියක් තුළින් කොන්ඩම් හමුවීම බෝම්බ මල්ලක් හමුවූවා සේ සමාජය අර්ථ දක්වා ගන්නේ ඒ අනුවයි.

සරසවි තුළ දී සිසු සිසුවියන් ලිංගිකව හැසිරීම සරසවි සංස්කෘතියේම කොටසකි. ඒ සඳහාම වෙන්වුණු ස්ථාන සරසවි තුළ ස්ථාපිතව ඇත්තේ ඒ අනුවයි. මහවැලි නදියට මුහුණලා පේරාදෙණිය සරසවියේ ඇති ලවර්ස් ලේන් එවැනි සරසවි පෙම්වතුන්ගේ පාරාදීසයකි.

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ බරණැස ද එවැන්නකි. මෙවැනි ස්ථාන තුළින් භාවිත කර ඉවත දැමූ කොන්ඩම් හමුවීම අරුමයක් නොවේ. සෑම සරසවියකම පෙම්වතුන්ට පමණක් වෙන්වූ එවැනි ස්ථාන තුළ තමන්ට රිසිසේ ලිංගිකව හැසිරීමට බාධාවක් නොමැත. එය සරසවි සංස්කෘතියේ ස්වභාවයයි.

එහෙත් ඒ පිළිබඳ කිසිවක් නොදන්නා පිරිසට සරසවිවල මෙම ලිංගික ක්‍රියා පුදුම සහගතය. සංස්කෘතික විරෝධීය. ලිංගික ක්‍රියාවල නිරතවන සරසවි සිසුවියන් ඔවුන්ට අනුව ගණිකාවන්ය. එහෙත් සරසවි සිසුවියන්ගේ බවට වෙබ්අඩවි තුළ ප්‍රසිද්ධ කර ඇති ලිංගික දර්ශනවල වීඩියෝ නරඹමින් තලු මරන්නේ ද සරසවිවල ලිංගික ක්‍රියා සදාචාර විරෝධී බවට හඬනඟන මෙම පිරිසමය.

මීට වසර කිහිපයකට පෙර සරසවිවලට ඇතුළත් වන සිසු සිසුවියන් වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩසටහන් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළේය. එම වැඩසටහන් තුළදී කොන්ඩම් භාවිතය පිළිබඳව ද සරසවි සිසු සිසුවියන් දැනුවත් කළ බව රුහුණු සරසවියේ තිබූ බව කියූ කොන්ඩම් දැක සුළුදිය පහකර ගන්නා නොදරුවන් දන්නේ නැත.

සරසවිය දැනුම ගවේෂණයට මෙන්ම තාරුණ්‍යයේ හැඟීම් රිසි පරිදි විඳ ගැනීමට ද තෝතැන්නකි. එමනිසා කොන්ඩම් දැක බොරු සදාචාරයක් පිළිබඳ කතා කිරීම වෙනුවට කළ යුතු වන්නේ උපත් පාලන පෙති භාවිතා කිරීමට වඩා සෞඛ්‍යට හිතකර ක්‍රමයක් වන කොන්ඩම් භාවිතය සරසවි තුළ වඩවඩාත් ප්‍රවර්ධනය කිරීමයි.

සරසවි සංස්කෘතිය තුළ ලිංගික ක්‍රියා සඳහා වෙන්වූ විශේෂ වචන භාවිතා කරන බව සරසවි අධ්‍යාපනය ලැබූ සැවොම දනිති. ඊට එසේ වචන පවා භාවිතයට පැමිණ ඇත්තේ අධ්‍යාපන කටයුතුවලට මෙන්ම ලිංගික කටයුතු සඳහා ද සරසවි සංස්කෘතිය තුළ පවත්නා අනන්‍ය හිමිකම හේතුවෙනි.

මෙම තත්ත්වය තවදුරටත් මෙසේ පැහැදිලි කළ හැකිය. එනම් වසර දහතුනක පාසල් අවධිය නිමා කරමින් තරුණයෙකු හෝ තරුණියක සරසවි ජීවිතයට පිවිසීමත් සමඟ අසීමිත නිදහසක් මෙන්ම අසීමිත ලිංගික නිදහසක් ද ඔවුන්ට නිතැතින්ම උරුම වේ. ඊට දෙමව්පියන්ගෙන් හෝ සරසවි ආචාර්යවරුන්ගෙන් බලපෑමක් නොමැත.

එබැවින් එම ලිංගික ජීවිතය ආරක්ෂිතව ගත කිරීම සඳහා කොන්ඩම් භාවිතා කිරීම වරදක් සේ කිසිවෙකු අර්ථ දක්වන්නේ නම් එයින් ගම්‍ය වන්නේ සරසවි සිසුසිසුවියන් ලිංගිකව හැසිරීම සම්බන්ධයෙන් පළවන ඊර්ෂ්‍යාව මිස අනෙකක් නොවේ.

ඒ අනුව රුහුණු සරසවියේ ඇතිවූ බව කියන කොන්ඩම් සම්බන්ධ සිදුවීම හා ඒ පිළිබඳ අදහස් දක්වන ඊනියා සුචරිතවාදී සියල්ලන් සිදුකරන්නේ ඒ පිළිබඳ කුහකත්වයෙන් කටයුතු කිරීමය. ප්‍රශ්නයක් ඇතිවන්නේ සරසවි තුළ සිසුසිසුවියන් ලිංගික ක්‍රියා නොකර සිටින්නේ නම්ය.

සරසවි තුළ ලිංගික ක්‍රියා නොකළ යුතු බවට හෝ එහිදී කොන්ඩම් භාවිතා කිරීම මහා අපරාධයක් ලෙසට හුවා දක්වන පුද්ගලයින් සිදුකරන්නේ තමන්ගේ ඉටුනොවුණ ලිංගික ආශා ප්‍රසිද්ධියේ කියාපෑමකි.

එමනිසා රුහුණු සරසවියේ කොන්ඩම් දැක සුළුදිය පහකර ගත් සුචරිතවාදින්ට අනුකම්පා කිරීම හැර ඔවුන් වෙනුවෙන් කළ හැකි වෙනත් යමක් නොමැති නමුත් ඔවුන්ගේ මානසික තත්ත්වයේ තරම සියලු දෙනා අවබෝධ කර ගත යුතු බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

Suroshana Iranga සුරෝෂන ඉරංග | Suranga Iroshana

(vikalpa.org)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සරසවි කොන්ඩම් භීතිකාව: ලිංගික ක්‍රියාවලට එරෙහි ඊර්ෂ්‍යාවක් | The Leader