The Leader News
BREAKING
Top Ad
Opinion

රතන හිමිට සිහිය පහළවීම: අනෙකුත් භික්ෂූන්ටත් පියවි සිහිය ආවොත් හොඳයි - ලසන්න රුහුණගේ

T

The Leader Desk

June 23, 2019 • 6:36 AM

රතන හිමිට සිහිය පහළවීම: අනෙකුත් භික්ෂූන්ටත් පියවි සිහිය ආවොත් හොඳයි - ලසන්න රුහුණගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ඉදිකරන මඩකලපුවේ පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ අතුරලියේ රතන හිමි තොරතුරු ඉල්ලීමක් කර ඇත.
  • ඒ පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් විමසන ලෙසයි.
  • ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යංශ අතිරේක ලේකම්වරයාට තොරතුරු ඉල්ලුම්පතක් රතන හිමි බාර දී ඇති අතර එම තොරතුරු උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ඇති පුද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ අංශයට යොමු කර ලබා ගන්නා ලෙස දැනුම් දී ඇත.
  • ඒ අනුව එම අංශයට තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත් කරන බව රතන හිමි එදින මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පළමුව ජූනි 17 වැනි දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ගොස් එම විශ්වවිද්‍යාලය පිළිබඳ රතන හිමි තොරතුරු ඉල්ලා ඇති අතර එම කොමිසම දැනුම් දී ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ තොරතුරු ඔවුන් සතුව නොමැති බවයි. ඒ පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් විමසන ලෙසයි.

ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යංශ අතිරේක ලේකම්වරයාට තොරතුරු ඉල්ලුම්පතක් රතන හිමි බාර දී ඇති අතර එම තොරතුරු උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ඇති පුද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ අංශයට යොමු කර ලබා ගන්නා ලෙස දැනුම් දී ඇත. ඒ අනුව එම අංශයට තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත් කරන බව රතන හිමි එදින මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි.

එහිදී මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ පහත සඳහන් කරුණු යටතේ එම තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කරන බවයි.

මඩකලපු ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට අවසර දී තිබේද, එසේ නම් අනුමැතිය ඉල්ලූ පුද්ගලයා හා ආයතනය, එම විශ්වවිද්‍යාලයේ නම, ඒ වෙත භූමිය ලබාගෙන ඇති ආකාරය මුදල් සම්පාදනය කරගන්නා ආකාරය, එයට දැනට ලැබී ඇති මුදල, විශ්වවිද්‍යාල පාලන ව්‍යූහය හා එයට ප්‍රධානීන් පත් කරන ආකාරය එහි ස්ථාපිත කරන පීඨ සංඛ්‍යාව, ලබාදීමට යෝජිත උපාධි හා විභාග පැවැත්වෙන ආකාරය ආදියයි.

රතන හිමියන් සමග එම අවස්ථාවට ජාතික සංඝසම්මේලනයේ සභාපති රජවත්තේ වප්ප හිමි හා එහි ලේකම් කට්ටකඩුවේ සුමන රතන හිමි ඇතුළු භික්ෂූන් පිරිසක් ද සහාභාගි වී ඇත.

 

කිසිම තොරතුරක් ඔවුන් සතුව නොමැති බව ...

රතන හිමිගේ මේ තොරතුරු ඉල්ලීමෙන් පෙනෙන එක් කාරණයක් වන්නේ ඔවුන් මඩකලපුව විශ්වවිද්‍යාලය පිළිබඳව රට කලඹන ආකාරයේ චෝදනා කරමින් මාරාන්තික යැයි කියන උපවාස කළ ද එම පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් තොරතුරු ඔවුන් සතුව නොතිබී ඇති බවයි.

ජාතීන් අතර හා ආගමික කොටස් අතර සැකය, අවිශ්වාසය හා නොසන්සුන් කම ඇතිකරන වෙනත් චෝදනා සම්බන්ධයෙන්ද රතන හිමි ඇතුළු ඒ වර්ගයේ භික්ෂූන් අත පිළිගත හැකි සාක්ෂි නොමැති බව ඒ පිළිබඳව සන්සුන්ව අවධානය යොමුකළ හොත් පෙනී යනු ඇත.

ඔවුන් සතුව ඇත්තේ හුදු ජනප්‍රිය චෝදනා පමණය. රට ගිණි තියන්නේ හා අනෙකාට හිරිහැර කරන්නේ එම හුදු චෝදනාවලින් ය.

එහිදී රට ගිණිතැබීම සඳහා කටවල් අරින තුරු සිය කැමරා මානාගෙන සිටින විචාරශීලී නොවන මාධ්‍යයට මූලික ජනමාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධයෙන් මොන්ටිසෝරි දැනුමක්වත් නැත.

පළමුව චෝදනාවලට අදාළ සාක්ෂි මොනවාදැයි මේ මාධ්‍ය විමසන්නේ නැත. එම ප්‍රකාශයන්ගේ සත්‍ය අසත්‍යතාව සොයා බලන්නට වෙහෙසෙන්නේ නැත. විකාශයට පෙර ඒ මගින් සමාජයට ඇති කළ හැකි බලපෑම් ගැන සිතන්නේම නැත. ජඩ චෝදනාවලට ජඩ මාධ්‍ය බැඳෙන්නෙ ඒ ආකාරයටය.

අනෙක් කරුණ මාරාන්තික උපවාසය නම් වූ අවසන් ජවනිකාවට ගොස් එහි පිටපත වැරදීමේන් පසු නිල ආකාරයට තොරතුරු ඉල්ලීම දක්වා වූ පළමු ජවනිකාවට පැමිණීමට රතන හිමිට සිදුවී තිබීමය. එය ඔහුට පියවි සිහිය යළි පහළ වූවා යැයි සිතත්නට අප පොළඹවයි. ඔහු මග යන අනෙකුත් භික්ෂූන්ටත් පියවි සිහිය පහළ වීම රටකට නම් හොඳය. නොමැරෙන මාරාන්තික උපවාස එවිට අවශ්‍ය වන්නේ නැත.

lasantha ruhunageලසන්ත රුහුණගේ
(අනිද්දා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රතන හිමිට සිහිය පහළවීම: අනෙකුත් භික්ෂූන්ටත් පියවි සිහිය ආවොත් හොඳයි - ලසන්න රුහුණගේ | The Leader