The Leader News
BREAKING
Top Ad
Opinion

විද්‍යුත් ජනමාධ්‍ය ආයතන වෙත කරනු ලබන ඉල්ලීමකි - වික්ටර් අයිවන්

T

The Leader Desk

June 26, 2019 • 6:07 AM

විද්‍යුත් ජනමාධ්‍ය ආයතන වෙත කරනු ලබන ඉල්ලීමකි - වික්ටර් අයිවන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1. ගුවන් විකාශන තරංග සලකනු ලබන්නේ රටේ මජනයාට අයත් ඉතාමත් වටිනා සීමිත සම්පතක් වශයෙන් වන නිසා විද්‍යුත් ජන මාධ්‍යවලට රටේ පොදු මහජනයාගේ සුභසිද්ධිය
  • මහජනයා ගේ පොදු සුභසිද්ධිය සඳහා පහත දක්වා තිබෙන වෙනස් කම් ඇති කරන ලෙස මහජනයා වෙනුවෙන් ඉල්ලා සිටිනු ලැබේ.
  • එම වෙනස් කම් ඇති කරන තෙක් අපි අපේ නිවෙස්වල තිබෙන රූපවාහිනී හා ගුවන් විදුලි යන්ත්‍ර වසා තබනු ඇත.
  • එම ක්‍රියාව ඉතා සාමකාමී ලෙසත් විනය ගරුක හා නීතියට අනුකූලවත් සිදුකරනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සඳහා ක්‍රියා කිරීමේ වගකීමක් එම ආයතනවලට තිබෙනවා සේම එම වගකීම නිසියාකාරව ඉටු නොකරන අවස්ථාවල දී එම ආයතන කෙරෙහි සාමකාමී ලෙසත්, විනය ගරුක ලෙසත්, නීතියට අනුකූලවත් බලපෑමේ අයිතියක් ද මහජනට තිබෙන්නේය.

2. මහජනයා ගේ පොදු සුභසිද්ධිය සඳහා පහත දක්වා තිබෙන වෙනස් කම් ඇති කරන ලෙස මහජනයා වෙනුවෙන් ඉල්ලා සිටිනු ලැබේ.

3. එම වෙනස් කම් ඇති කරන තෙක් අපි අපේ නිවෙස්වල තිබෙන රූපවාහිනී හා ගුවන් විදුලි යන්ත්‍ර වසා තබනු ඇත. එම ක්‍රියාව ඉතා සාමකාමී ලෙසත් විනය ගරුක හා නීතියට අනුකූලවත් සිදුකරනු ඇත.

4. අපගේ ඉල්ලීම් මෙසේය.

(I) විකාශන කාලයෙන් හරි අඩක් පොදු යහපත අරමුණු කරගත් වැඩ සටහන් සඳහා වෙන් කළ යුතුය.

(II) එහි ප්‍රධාන අරමුණ විය යුත්තේ මහජනයාගේ දැනුම, සවිඥානකත්වය, විචාර බුද්ධිය හා රසවින්දනය දියුණු කිරීමය.

(III) එම ගණයට වැටෙන වැඩ සටහන් උසස් ප්‍රමිති තත්ත්වයක තිබිය යුතුය.

(IV) එ මගින් ප්‍රකාශ කෙරෙන කරුනු නිවැරදි හා අපක්ෂපාත තත්ත්වයක තිබිය යුතුය.

(V) මත බේදාත්මක දේවලට අදාල සංවාද හා වාර්තාකරණවලදී සියලු වැදගත් දෘෂ්ඨිකෝණයන් නරඹන්නන්ට හා අසන්නන්ට දැනගන්නට සැලැස් විය යුතුය.

(VI) ලිංගිකත්වය, කුලය හා වර්ගය අනුව හෝ ආගම අනුව සමාජයේ පවත්නා බෙදීම් වර්ධනය කිරීමට හෝ ඒ කවර සමාජ කන්ඩායමක් කෙරෙහි හෝ අමනාපයක්, පිළිකුලක් හෝ ද්වේශ සහගත හැගීමක් ඇති කිරීමට හේතු වන දේවල් විකාශනය නොකළ යුතුය.

5. මහජන සුභසිද්ධිය යන අදහසට පහත සඳහන් කාරණා ප්‍රධාන වශයෙන් අදාලය.

(i) ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම.

(ii) ජාතික ආරක්ෂාව සහතික කිරීම.

(iii) ලිංග, කුල, වර්ග හා ආගම් බේදයන්ට තිබෙන පිළිගැනීම නැති කොට ජාතික සංහිඳියාව හා ජාතික ඒකාග්‍රතාව අරක්ෂා කොට වර්ධනය කිරීම.

(iv) මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම.

(v) සමාජයේ සත්‍යගරුකභාවය හා බහුත්වවාදය වර්ධනය කිරීම.

(vi) විද්‍යාත්මක දැනුම වර්ධනය කිරීම.

(vii) පරිසරය ආරක්ෂා කිරීම

(viii) ජන ජීවිතය හා රටේ පැවැත්ම කෙරෙහි බලපාන ප්‍රශ්න ගැන සමාජය හා රජය දැනුම්වත් කිරීම.

(ix) රටේ සිදුවන බරපතල වැරදි ගැන සමාජය හා රජය දැනුම්වත් කිරීම.

6. ඉහත 4 සහ 5 යන ඡේදවල ඇතුළත් කාරණා සමස්ථයක් වශයෙන් ගෙන මහජනයාට ද පිළිගත හැකි ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ගෙන එය ප්‍රසිද්ධ කළ යුතුය. ඒ ඒ ආයතන විසින් ප්‍රසිද්ධ කරන ප්‍රතිපත්ති රාමු මහජනයා පිළිගන්නේ නම් එම ආයතනයේ නාලිකාවලට එරෙහිව කරන වර්ජනයද ඒ සමග අවසන් කෙරෙනු ඇත.

(ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ගේ FB පිටුවෙන් උපුටා ගන්නා ලදී)

victer post

 

ජවිපෙ විශේෂ යෝජනා මාලාව -ජනමාධ්‍ය

 JVP media

ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් ඇති කිරීම සඳහා වන රාජ්‍ය ආයතන හා පොදු ප්‍රතිසංස්කරණ යෝජනා යටතේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනමාධ්‍ය සම්බන්ධයෙන් ද අදහස් කිහිපයක් ඉරිරිපත් කර ඇත. එය පහත පළවේ.

 1. ජනමාධ්‍ය භාවිතයේදී ආගමික උත්සව හා අවස්ථා ප්‍රචාරය කිරීමේදී හැර අන් අවස්ථාවල පුද්ගලයන්ගේ ජාතිය සහ ආගම ඉස්මතු කෙරෙන වාර්තාකරණයන් නැවැත්වීමට කටයුතු කිරීම

2. විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය යොදාගෙන ජාතීන් අතර සැකය හා අවිශ්වාසය ඇති කිරීම වැළැක්වීමට වහා පියවර ගැනීම

3. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය යොදා ගනිමින් ජනතාව අතර මිථ්‍යාවන් පැතිරවීම වැළැක්වීමට පියවර ගැනීම

4. රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා පවත්වාගෙන යාමේදී එක් ආගමකට පමණක් සීමා කරනු වෙනුවට විවිධ ආගමික හා සංස්කෘතික කටයුතු ප්‍රචාරය කිරීම සඳහාද අවස්ථාව සැලසීම

5. ජාතික සමගිය හා මහජන සාමය පෝෂණය වන අයුරින් ජනමාධ්‍යකරණයේ යෙදීමට නිර්ණායක පද්ධතියක් සකස් කිරීම හා එම නිර්ණායක උල්ලංඝනය කිරීමට එරෙහිව ස්වාධීන ජනමාධ්‍ය අධිකාරියක් මඟින් කටයුතු කිරීම

6. ජනමාධ්‍යවලින් සහ සමාජ මාධ්‍යවලින් සිදු කරන ප්‍රකාශවලදී හා ප්‍රවෘත්තිවලදී ආගමික හිංසා පිළිබඳ පුවත්, අපහාස කිරීම් වෛරීසහගත ප්‍රකාශ ආදිය පිළිබඳ ප්‍රචාරය වැළැක්වීමට හා අධීක්‍ෂණයට ක්‍රමවේදයක් සැකැසීම

 

වගකීම් සහගත මාධ්‍යකරණය vs ජඩ මාධ්‍යකරණය

Media

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...