The Leader News
BREAKING
Top Ad
Opinion

'බැසිල් නැතත් පෙහොට්ටුව නැතත් ගෝඨාට දිනන්න පුළුවන්' - නලින් ද සිල්වා

T

The Leader Desk

June 26, 2019 • 7:27 AM

'බැසිල් නැතත් පෙහොට්ටුව නැතත් ගෝඨාට දිනන්න පුළුවන්' - නලින් ද සිල්වා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගියදා පැවති ජාතික සමථා බලය රැස්වීමේ දී ද ප්‍රකාශ කෙළේ මහා සංඝයා වහන්සේ හා ගිහි බහුතරයක් මේ වන විටත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ලෙස තෝරා ගෙන ඇති බව ය.
  • අද ප්‍රධාන පක්‍ෂවලට ඇති ශක්තිය බිඳ දැමීම මෙරට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට ද හිතකරයි.
  • අද ප්‍රධාන පක්‍ෂවල ඇත්තේ ඒකාධිකාරයක්.
  • පොහොට්ටුවේ පියා ලෙස බැසිල් රාජපක්‍ෂ පෙනී සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පොහොට්ටුව හෝ ශ්‍රී ල නි පක්‍ෂය හෝ මෙහි දී කළ යුත්තේ ඒ තෝරා ගැනීම අනුමත කිරීම හෝ නොකිරීම හෝ පමණකි. රාජපක්‍ෂලාට කළ හැකි එකම කාර්යය ද එය ය.

ජනතාව තවදුරටත් අපේක්‍ෂකයන් තේරීම දේශපාලන පක්‍ෂවලට පවරා බලා සිටීමට සූදානම් නැත. ඡන්දදායකයා යනු දේශපාලන පක්‍ෂ විසින් නම් කෙරෙන පුද්ගලයකුට ඡන්දය දීමට බැඳී සිටින අයකු නොවේ. ඡන්දදායකයන්ට තම අපේක්‍ෂකයා තෝරා ගැනීමට ද හැකි විය යුතුයි. අපි ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට මෙරට සම්ප්‍රදාය මත පදනම් ව නව මානයක් එකතු කරමු. මෙරට රජුන් තෝරා ගැනීම භික්‍ෂූන් වහන්සේගේ කාර්යභාරයක් වුණා .

එමෙන් ම ජනාධිපති අපේක්‍ෂක පොහොට්ටුවෙන් හෝ ශ්‍රී ල නි පක්‍ෂයෙන් හෝ ඉදිරිපත් නොවිය යුතුයි. ලංකාවේ ලියාපදිංචි පක්‍ෂ රාශියක් තියෙනවා. ඒ වෙනත් පක්‍ෂයක් ලබා ගැනීම අපහසු නැහැ. අද ප්‍රධාන පක්‍ෂවලට ඇති ශක්තිය බිඳ දැමීම මෙරට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට ද හිතකරයි. අද ප්‍රධාන පක්‍ෂවල ඇත්තේ ඒකාධිකාරයක්. පක්‍ෂයේ ප්‍රධානීන්ට දාසකම් නොකර ඊනියා ආසන සංවිධායකවරයකු විය හැකි නොවෙයි.

ජනාධිපතිවරණයෙහි දී පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනතාවට බලයක් හිමිවෙයි. එහි දී අපි ප්‍රධාන දේශපාලන පක්‍ෂ කොන්කර ඔවුන්ගේ බල සිඳ කටයුතු කිරීමට පුරුදු වෙමු. විශේෂයෙන් ම මේ ජනාධිපතිවරණය ඒ සඳහා යොදා ගනිමු. පොහොට්ටුවට මේ සම්බන්ධයෙන් කිසිවක් කරන්න බැහැ. පොහොට්ටුවේ පියා ලෙස බැසිල් රාජපක්‍ෂ පෙනී සිටිනවා. එහෙත් එහි ජාතකය වෙනත් දෙයක්.

 

'පොහොට්ටුව කියන්නේ බැසිල් රාජපක්‍ෂ පිහිටුවපු පක්‍ෂයක් නො වෙයි.'

පොහොට්ටුව කියන්නේ බැසිල් රාජපක්‍ෂ පිහිටුවපු පක්‍ෂයක් නො වෙයි. ඒ පක්‍ෂයේ ආරම්භය 2015 ජනවාරි අටවැනි දාට දිව යනවා. ඇතැමුන් මහින්ද අත්හැර මෛත්‍රිපාල වෙත යද්දී ඔවුන් මහින්ද වෙත ම රඳවා ගැනීමට කටයුතු කිරීම එහි මුල් පියවරයි. එයින් පටන් ගෙන නුගේගොඩ රැස්වීම දක්වා ගමන දුෂ්කර වුණා. නුගේගොඩ රැස්වීමට අද ඉන්න පොහොට්ටු වීරයන්ගෙන් කී දෙනකු සහභාගි වුණා ද? සමහරු හිටියෙ ගෙවල්වල. තවත් සමහරු නුගේගොඩ කඩවල. බැසිල් නම් ඇමරිකාවේ.

පොහොට්ටුව ක්‍රමයෙන් විකාශය වුණාට පස්සෙ බැසිල් කෙළේ ඒකට නමක් දීම හා කිසිම වැඩකට නැති පැකේජ්වාදී ජී එල් පීරිස් පක්‍ෂ සභාපති කිරීම හා පක්‍ෂය තම අතට ගැනීම. බැසිල් දක්‍ෂ සංවිධායකු ය කියන කතාව පිළිගන්නෙ කවුද? මහින්ද 2015 පැරදුණෙ බැසිල් සංවිධායක ව සිටිය දී. ඔහු සංවිධායකත්වය දැරූ ගම්පහත් පැරදුණා.

බැසිල් නැතත් පෙහොට්ටුව නැතත් ගෝඨාභයට ඉදිරිපත් වුණොත් දිනන්න පුළුවන්. එහෙත් ජාතික සංවිධාන වෙනුවෙන් ඔහූු ඉංගිරිසින් අපට 1817 දී අහිමි කළ සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට, රනිල් අත්සන් කර ඇති රටට අහිතකර, රට පාවාදෙන, රට විකුණන ගිවිසුම් අහෝසි කිරීමට ප්‍රතිඥා දෙන්න ඕන.

ගෝඨාභයට යම් අයුරකින් ඉදිරිපත් වීමට නොහැකි වුවහොත් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුද යන්න ගැනත් අප කල්පනා කරන්න ඕන. අපට අවසාන මොහොතේ තීරණ අරගෙන කිසිවකු ඉදිරිපත් කරන්න බැහැ. ජාතිකත්වය මත පදනම් වූ අපේක්‍ෂකයකු ගැන අප සිතා බලන්න ඕන. ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට තීරණ ගැනීමට ඉඩ නොතබා මහා සංඝයා වහන්සේ හා ජනතාව ඉංගිරිසි සම්ප්‍රදාය නොව අපේ සම්ප්‍රදාය අනුව යමින් අපේ අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන්න ඕන.

 

නැගෙනහිර මුස්ලිම් ජනයා හකීම්ගෙන් බේරා ගැනීමට :

ඉතා සුළුවෙන් නමුත් අස්වූ මුස්ලිම් ඇමතිවරුන් ගැනත් යමක් කියන්න ඕන. ඔවුන් අස්වුණෙ මුස්ලිම් ජනතාව සමස්තයක් වශයෙන් ගෙන සහාරාන් කඳවුරට එක්කරන්න. එහි දී බද්‍යුද්දීන් තම ආරක්‍ෂාව වෙනුවෙනුත් කටයුතු කර ඇති බව පැහැදිලියි. ඒ වගේ ම රනිල්ටත් අවශ්‍ය වුණා මුළු මහත් ජනතාව ම තමාගෙන් වෙන් ව යන එක නවත්තල අඩුම තරමෙන් මුස්ලිම් ජනයාවත් තමන් සමග ඉන්න බව පෙන්වන්න.

එහෙත් එ ජා පක්‍ෂයේ කබීර් හෂීම් හා හලීල් ඒ බලාපොරොත්තු කඩ කරල. ඔවුන් සිංහල ජනතාවගේ ඡන්දවලින් ද පාර්ලිමේන්තුවට යන අය. රනිල් අකමැති වුවත් ඔවුන්ට නැවතත් ඇමතිකම් ගන්න බල කෙරිලා. දැන් මුස්ලිම් ජනතාව එකට සහාරාන් එක්ක ඉන්න බව කියන්න විධියක් නැහැ. ජනාධිපති අපේක්‍ෂක ප්‍රධාන දේශපාලන පක්‍ෂයකින් ඉදිරිපත් නොවුණොත් මුස්ලිම් ජනතාවගෙන් ද යම් පිරිසක් ඔහු වටා රොක් වේවි.

අද හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසය හා බද්‍යුද්දීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය අන්තවාදී මුස්ලිම් ඡන්ද සඳහා පොර වැදිල ඉන්නවා. හකීම් ද ඉතා භයානක පුද්ගලයෙක්. ඔහු සමහර විට ලබන මැතිවරණයෙ දී නැගෙනහිර පළාතෙන් තරග වැදීමට ඉඩ තියෙනවා.

මේ සිංහල බෞද්ධ සෙනරත් රජු වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කළ මුස්ලිමුන්ගෙන් පැවත එන අයගෙ ඡන්ද. හකීම්ගෙ කාරියප්පර් කියන්නෙ සිංහල රජුගෙ කාරිය කරවූ ප්‍රධානියකුගෙන් පැවත එන්නෙක්. නැගෙනහිර මුස්ලිම් ජනයා හකීම්ගෙන් බේරා ගන්න අප කටයුතු කළ යුතුයි.

(Kalaya FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'බැසිල් නැතත් පෙහොට්ටුව නැතත් ගෝඨාට දිනන්න පුළුවන්' - නලින් ද සිල්වා | The Leader