The Leader News
BREAKING
Top Ad
Opinion

ජනාධිපතිවරණ ධුර කාලය නැවතත් අධිකරණ තරාදියට

T

The Leader Desk

July 7, 2019 • 3:29 AM

ජනාධිපතිවරණ ධුර කාලය නැවතත් අධිකරණ තරාදියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ නඩු පවරන වාරයයි. අඹ වාරය පහුවෙලා රඹුටන් වාරය ඇවිත්. ඒ අතර නඩු පැවරීම්, චෝදනා සංශෝධනය කිරීම් ආදියත් සිදු වෙනවා. විවිධ නඩු. පොලිස්පතිට විරුද්ධ ව නඩු, පොලිස් නිලධාරීන්ට විරුද්ධ ව නඩු, මරණ දඬුවමට විරුද්ධ ව නඩු, සේනාධිපතිට හා පිරිසට විරුද්ධ ව නඩු ආදී වශයෙන් නඩු පැවරෙනවා.
  • එහෙත් ජනාධිපතිවරණයත් නැවතත් අධිකරණයේ තරාදියට දැමීමට සූදානම් බවක් පෙන්න තියෙනවා.
  • දහනවවැනි සංශෝධනය නීතිගත වුණේ 2015 මැයි මාසෙ පහළොස්වැනි දා.
  • ප්‍රශ්නය වී ඇත්තේ වත්මන් ජනාධිපති ධුර කාලය ඇරඹුණේ එදින ද යන්නයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ නඩු වාරයට හේතුව පැහැදිලියි. ඒ ළඟ එන ජනාධිපතිවරණයයි.

එහෙත් ජනාධිපතිවරණයත් නැවතත් අධිකරණයේ තරාදියට දැමීමට සූදානම් බවක් පෙන්න තියෙනවා. ඒ වත්මන් ජනාධිපතිගේ ධුර කාලය පිළිබඳ ව. වත්මන් ජනාධිපතිගේ ධුර කාලය ඇරඹුණේ කවදා ද යන ප්‍රශ්නය නැවතත් වැදගත් වෙලා. එයට ප්‍රධාන හේතුව ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම. වත්මන් ජනාධිපතිගේ ධුර කාලය ලබන පෙබරවාරියට එහා යන තෙක් පවතී නම් ඔහුට පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න කටයුතු කරන්න පුළුවන්.

ඒ ඒ පක්‍ෂවලට වඩා වැදගත් පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපතිවරණය යන දෙකෙන් කවරක් කලින් පැවැත්වීම ද යන්න මෙහි දී වැදගත් වෙනවා. දහනවවැනි සංශෝධනය නීතිගත වුණේ 2015 මැයි මාසෙ පහළොස්වැනි දා. ප්‍රශ්නය වී ඇත්තේ වත්මන් ජනාධිපති ධුර කාලය ඇරඹුණේ එදින ද යන්නයි. ඒ එසේ නම් මෛත්‍රිපාල 2020 මැයි පහළොව වන තුරු ජනාධිපති.

දහනවවැනි සංශෝථනයේ දෙවැනි ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වෙනවා. (2) (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 වන ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවට අදාළ වන තාක් දුරට වූ මේ පනතේ 9 වන වගන්තියේ විධිවිධාන සහ මේ පනතේ 15 වන වගන්තියේ විධිවිධාන හැර) මේ පනතේ අනෙකුත් විධිවිධාන මේ පනත ක්‍රියාත්මක වන දිනයේ දී බලාත්මක විය යුත්තේ ය.

මේ නවවැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අටවැනි පරිච්ඡෙදයේ සඳහන් විධායකය සම්බන්ධවයි. කලින් තිබු අටවැනි පරිච්ඡෙදය වෙනුවට අලුතෙන් ම පරිච්ඡෙදයක් දහනවවැනි සංශෝධනයෙන් එකතු කෙරුණා. පහළොස්වැනි වගන්තිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳවයි. දහනවයෙන් පාර්ලිමේන්තුවේ කාලය අවුරුදු හයෙන් පහට අඩු කෙරුණා. 

(15). ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වන ව්‍යවස්ථාව එකී ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අනු ව්‍යවස්ථාව ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ ඃ-

”(2) සෑම පාර්ලිමේන්තුවක්ම පළමුවරට රැස්වීමට නියමිත දින පටන් පස් අවුරුද්දකට නොවැඩි කාලයක් පවත්නේය. එහෙත් නියමිත කාල සීමාව ඉකුත්වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ ය. එකී පස් අවුරුදු කාලය ඉකුත්ව ගිය විට ම පාර්ලිමේන්තුව විසිර ගියාක් සේ සැලකෙන්නේ ය.”.

මේ වගන්ති දෙකෙන් කියැවෙන දේ හැරෙන්න අනෙක් වගන්තිවලින් කියැවෙන විධිවිධාන ක්‍රියාත්මක වන්නේ 2015 මැයි මස පහළොස්වැනි දිනට පසුවයි. ඒ වගන්ති දෙක පමණක් පනත, එනම් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය වූ දින සිට ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිගේ කාල සීමාව තීරණය කිරීම ආදිය ක්‍රියාත්මක වන්නේ 2015 මැයි පහළොස්වැනි දින සිටයි.

මෙහි අවුලක් තිබෙන බව පැහැදිලියි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරස්පර, විසංවාද එමට තිබෙනවා. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ පළමු ව්‍යවස්ථා තුන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විය යුතු නමුත් (ඒ ඒ ව්‍යවස්ථාව සම්බන්ධයෙන්) එසේ වන්නේ නැහැ. එහෙත් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ පළමු ව්‍යවස්ථා තුනත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් විය යුතුයි.

ජනාධිපති ධුර කාලය ක්‍රියාත්මක විය යුත්තේ 2015 මැයි පහළොස්වැනි දින සිට නම් ව්‍යවස්ථාවෙහි කුමක් සඳහන් ව තිබුණත් අවුලක් තිබෙන බව පැහැදිලියි. මෙය වහාම විසඳා ගත යුතුයි.

නඩු වාරය පැමිණ ඇත්තේ ජනාධිපති ධුර කාලය ලබන ජනවාරියේ අවසන් වන්නේ ය යන නිගමනය යටතේ. ඒ එසේ නොවන්නේ නම් නඩු වාරය කල් යාවි. ඡෙද වෙන වෙන ම නොකියවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමස්තයක් ලෙසත් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය මුල සිටත් කියවා නිගමනවලට එන්න ඔන.

(ජාතික චින්තන 'කාලය' FB පිටුවෙන් උපුටා ගැනිණ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...