The Leader News
BREAKING
Top Ad
Opinion

හමුදා අපරාධකරුවන්ටත් නඩු පවරමුද ? - නීතිපති ගෙන් විමසීමක් !

T

The Leader Desk

July 13, 2019 • 4:13 PM

හමුදා අපරාධකරුවන්ටත් නඩු පවරමුද ? - නීතිපති ගෙන් විමසීමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදී පැහැරගෙන යෑමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් කරන ලද හමුදා බුද්ධි අංශ සාමාජික ලලිත් රාජපක්ෂ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන්ද නම්කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා පොලීසියට උපදෙස් දී ඇත.
  • පොලිසියෙන් ලැබී ඇති විමර්ශන ලිපිගොනු විමර්ශනය කරමින් ආන්දෝලනාත්මක සිද්ධි සම්බන්ධයෙන් නඩු පැවරීම කරන ලෙසට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ලබාදෙන උපදෙස් දිනපතා ප්‍රවෘත්ති බවට පත්වෙමින් තිබේ.
  • ඒ උපාලි තෙන්නකෝන් ප්‍රසිද්ධියේ විමර්ශන අවසන් කර එහි උද්ධෘත සීආර් 01/03/2019 යටතේ නීතිපති උපදෙස් පතා යොමු කර ඇති බවයි.
  • ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2019 ජනවාරි 11 වැනිදා අධිකරණය දැනුවත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැගෙන ගොස් පහරදීමේ සිද්ධියේ පොලිස් විමර්ශන ගොනුවලටද මේ යුද හමුදා සාමාජිකයා ගැන හෙළි වී ඇති කරුණු අනුවය.

පොලිසියෙන් ලැබී ඇති විමර්ශන ලිපිගොනු විමර්ශනය කරමින් ආන්දෝලනාත්මක සිද්ධි සම්බන්ධයෙන් නඩු පැවරීම කරන ලෙසට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ලබාදෙන උපදෙස් දිනපතා ප්‍රවෘත්ති බවට පත්වෙමින් තිබේ. ඒ ගැන පොලීසියේ ආරංචිමාර්ගවලින් දැනගන්නටත් පෙර මාධ්‍යයට කරුණු දැනගන්නට නීතිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශිකාවක්ද සිටී. 

නීතිපතිවරයා අනාගත් එක් අවස්ථාවක්:

මේ ජනප්‍රිය නඩු පැවරීමේ උපදෙස්වලින් නීතිපතිවරයා අනාගත් එක් අවස්ථාවක් ලෙස හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට හා පොලිස්පති පුජිත් ජයසුන්දරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මිනීමැරුම්Anida1 චෝදනා එල්ල කිරීම සඳහන් කළ හැකිය.

එම දෙදෙනාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනා එල්ල කළ නොහැකි බවට තීන්දු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇප ලබා දී ඇති අතර නීතිපතිවරයා එම ඇප ලබාදීමට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක් මහාධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව ඔහුගේ ප්‍රකාශිකාව ප්‍රකාශ කර ඇත.

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දී පැහැරගෙන යෑමට අදාළ නඩුව ජූලි 08 වැනිදා ගම්පහ මහොස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබුණේ එහි එක් සැකකරුවෙකු වන යුද හමුදා බුද්ධි අංශ සාමාජික ලලිත් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහාය.

එහිදී විශේෂ කරුණක් හෙළිවී තිබුණි. ඒ උපාලි තෙන්නකෝන් ප්‍රසිද්ධියේ විමර්ශන අවසන් කර එහි උද්ධෘත සීආර් 01/03/2019 යටතේ නීතිපති උපදෙස් පතා යොමු කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2019 ජනවාරි 11 වැනිදා අධිකරණය දැනුවත් කර ඇත.

මේ සිද්ධියේ සැකකරුවන් වන්නේ යුද හමුදා සාමාජිකයන් වන මේජර් ප්‍රභාත් සීවලී බුලත්වත්ත, ප්‍රේම් ආනන්ද උදලාගම, එස්.ඒ. ප්‍රේමචන්ද්‍ර පෙරේරා, ප්‍රභාත් දුමින්ද වීරරත්න, ලසන්ත විමලවීර, නිශාන්ත ජයතිලක, එම්.වී. නිශාන්ත හා ජූල් 08 අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කරනු ලැබූ ලලිත් රාජපක්ෂය.

එම සිද්ධියේ රහස් පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනයේ ලිපිගොනුව, නීතිපතිට යොමුවී තිබේ නම් හා ඒ සඳහා මාස 06 කට වැඩි කාලයක් ගත වී තිබේ නම් නීතිපති උපදෙස් තවමත් ප්‍රමාදවීම විමතියට කරුණකි. මන්ද නීතිපතිවරයා නඩු පැවරීම සඳහා පොලීසියට උපදෙස් ලබාදෙන සමහර සිදුවීම් මෙතරම් පරණ ඒවා නොවන බැවිනි.

පසුගිය රාජපක්ෂ පාලන කාලයේදී ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් ඝාතනය, ජනමාධ්‍යවේදීන් පැහැරගෙන යෑම, ජනමාධ්‍යවේදීන්ට පහරදීම මා ජනමාධ්‍ය ආයතනවලට පහරදීම සම්බන්ධයෙන් කිසිවකු තවමත් වැරදිකරු බවට පත් කර නැත. 

එම සමහර සිදුවීම් පිළිබඳ පොලීසිය විමර්ශන සිදුකර තිබේ. මහේස්ත්‍රාත් අධිකරණවල පවතින්නේ එම පොලිස් විමර්ශනවල නඩුය. 

විමර්ශන අවසන් ගොනු නීතිපතිවරයාට යොමුකර තිබියදීත් නීතිපතිවරයා නඩු පවරා නැත. ඒ මේ සිද්ධීන්වල සැකකරුවන් යුද හමුදා සාමාජිකයන් නිසාද? එම ප්‍රශ්නය නීතිපති දප්පුල ද ලිවේරාටය.

(අනිද්දා)

ලසන්ත රුහුණගේ ගේ  
lasaruhunu@gmail.com

lasantha Ruhunage

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...