The Leader News
BREAKING
Top Ad
Opinion

කන්ද උඩ දේශනාව : ආමේන්!

T

The Leader Desk

July 27, 2019 • 6:25 AM

කන්ද උඩ දේශනාව : ආමේන්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ('අනිද්දා' පුවත්පතේ පළවූ ජනරංජන ගේ කාටුනයකි)
  • එම පාස්කු ඉරිදා ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් වගකිවයුතු රටේ පාලකයන් බවත්, ප්‍රහාරය පිළිබඳව රජයට කලින් තොරතුරු ලැබී තිබුණු බවත් එසේ තිබියදී ප්‍රහාරය වළක්වා ගන්නට රජය කිසිවක් නොකළ බවත් කාදිනල් හිමියන් කියා තිබුණි.
  • විශේෂයෙන්ම කාදිනල් හිමි එහිදී ප්‍රකාශ කර තිබුණේ මේ පාස්කු ඉරිදා ප්‍රහාරය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවය.
  • විදේශීය බලවේගවලට රටට අත පොවන්නට ඉඩ නොදිය යුතු බවය.
අකුරු ප්‍රමාණය (Font Size):


පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ ජූලි 21 වැනිදා පැවති දේවමෙහෙයේදී කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමි කළ දේශනාව හෙවත් කතාව දැඩි කතාබහකට ලක්ව තිබේ.

එම පාස්කු ඉරිදා ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් වගකිවයුතු රටේ පාලකයන් බවත්, ප්‍රහාරය පිළිබඳව රජයට කලින් තොරතුරු ලැබී තිබුණු බවත් එසේ තිබියදී ප්‍රහාරය වළක්වා ගන්නට රජය කිසිවක් නොකළ බවත් කාදිනල් හිමියන් කියා තිබුණි.

ව්‍යවස්ථාදායකය හා විධායකය අතර බල අරගලය හේතුවෙන් ආරක්ෂක මණ්ඩලය නොකැඳවූ බවද, අනතුරු ඇඟවීම තුට්ටුවකට ගණන් නොගත් බවද, එම නිසා අහිංසක ජීවිත තුන්සීයක් විනාශ වූ බවද ප්‍රතිපත්තියක් නැති නායකයන් නිසා එය සිදුවූ බවද, එම නායකයන් ගෙදර ගොස් රට කරන්න පුළුවන් අයෙකුට බාරදිය යුතු බවද කාදිනල් හිමි ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි.

විශේෂයෙන්ම කාදිනල් හිමි එහිදී ප්‍රකාශ කර තිබුණේ මේ පාස්කු ඉරිදා ප්‍රහාරය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවය. විදේශීය බලවේගවලට රටට අත පොවන්නට ඉඩ නොදිය යුතු බවය. ඒ සඳහා රටේ නායකයන්ගේ කොන්ද පණ නැති බවය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇත්ත නැත්ත කරන නැත්ත ඇත්ත කරන සංවිධානයක් බවය.  lasantha Tex

ඉරිදා දේවමෙහෙයන්වලදී පමණක් නොව පන්සල් හා වෙනත් ස්ථානවලට ගොස් මාධ්‍ය ඉදිරියේ කාදිනල් හිමි කරන ප්‍රකාශ ජේසුස් වහන්සේගේ කන්ද උඩ දේශනාව වැනිදෝ සිතන තරම්ම ඒවායින් බො‌හෝ කතෝලිකයන්ට ලැබෙන්නේ උත්තේජනයන්ය. කතෝලිකයන්ට වඩා එම දේශනා කථාවලදී සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේග උත්තේජන ලබන බවට සැක නැත.

කාලයක් තිස්සේ සිටම කාදිනල් හිමිට බටහිර විරෝධයක් තිබේ. එය ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා සිටියදී වතුර ඉල්ලූ විට දුන්නායැයි කියන තිත්ත කාඩිය වැනි තිත්තක්ය. සිංහල බෞද්ධ සංස්කෘතිය යැයි කියනු ලබන දෙය තුළ දියවුණු කතෝලික  ආගමක් ගැන ඔහු කියයි. එහිදී  සිහිවන්නේ ලතින් භාෂාවෙන් දිව්‍ය පූජා පැවැත්විය යුතු බවට පසුගිය කාලයේ ඔහු දුන් උපදෙස්ය.

කතෝලික දහම ලංකාවට ආවේ පෙරදිගින් නොව බටහිරින්ය.  එහි මූලස්ථානය අද ඇත්තේ බටහිරය. ශ්‍රී ලංකාවේ කතෝලික සභාව යනු වතිකානුවේ සිට ක්‍රියාත්මක වන පාප්තුමන් මුල් කරගත් කතෝලික සභාවේම ශාඛාවකි. කතෝලික පූජකයන්ට පදවි තානාන්තර ලැබෙන්නේ වතිකානුවේ අනුදැනුම මතය. කාදිනල් හිමිගේ කාදිනල් පදවියද එසේ පාප්තුමන්ගෙන් ලැබුණු එකක්ය.

බටහිර ප්‍රතික්ෂේප කරනවා නම් බටහිරෙන් ලැබුණු ආගමද, තානාන්තරද අත්හළ යුතුය. එපමණක් නොව බටහිරින් ලැබෙන ආධාරද ප්‍රතික්ෂේප කළ යුතුය. එසේ නොකර දෙසන බණ වැදි බණ මිස වෙන කුමක් කියා හඳුන්වමුද?

(අනිද්දා -ලසන්ත රුහුණගේ)

lasaruhunu@gmail.com
lasantha ruhunage

 
 



 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...