ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රෝහලේදී තමාගේ රාජකාරියට බාදා කරමින් දැඩි බලපෑම් එල්ල කළ බව පවසමින් හා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අසත්‍ය ප්‍රකාශ කරමින් තමාගේ කීර්ති නාමයට දැඩි කැලලක් කරන ලද බව පවසමින්ය.
එම අසත්‍ය ප්‍රකාශයන්ට හා රාජකාරියට බාධා කිරීම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද වෛද්‍ය සරත් වීරබණ්ඩාර ඉල්ලා ඇත.
නිරුවත් වෙමින් යෑම වසාගැනිම සඳහා:
බැලූ බැල්මට පෙනෙන්නේ වෛද්‍ය සාෆි පිළිබඳ මැවූ බොරුව දිනෙන් දින කඩා වැටෙද්දී එයට මුක්කු ගැසීම සඳහාත්, එම බොරුවේ පාර්ශවයක් ලෙස තමා මෙන්ම තවත් අය නිරුවත් වෙමින් යෑම වසාගැනිම සඳහාත් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවය.
පාර්ලිමේන්තු කමිටුව හමුවේ සීඅයිඩීයේ ශානි අබේසේකර දුන් සාක්ෂියෙන් වෛද්‍ය සරත් වීරබණ්ඩාර නිරුවත් විය.
කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාගේ ක්‍රියාකලාපය ගැන සීඅයිඩීය පමණක් නොව වෙනත් පාර්ශවයද අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර තිබේ.
හරි නම් සිදුවිය යුත්තේ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකගේ පාර්ශ්වික හැසිරීම හා කටයුතු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි කිරීමත් ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදු කර පියවර ගැනීමත්ය.
එහෙත් සිංහල ජාතියත්, සිංහල බෞද්ධාගමත්, එය ආරක්ෂා කිරීමට පේවී සිටිනවා යැයි කියන සිවුරු පොරවගත් පැවිද්දන් නිසාත් සෞඛ්‍ය නිලධාරීන් ඊට පැකිලෙනවා විය හැකිය.
වෛද්‍ය සරත් වීරබණ්ඩාර, විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ පක්ෂයේ හිතවතෙකි ..
තමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බාදා එල්ල වූ බව කියන ජූලි 03 වැනිදා සිට, ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ ජූලි 29 වැනිදා දක්වා වෛද්‍ය සරත් වීරබණ්ඩාර සිට ඇත්තේ දිගු නින්දක බව පෙනේ.
ඔහු ජූලි 11 වැනිදා හා ජූලි 25 වැනිදා වෛද්‍ය සාෆි පිළිබඳව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගවලට ගියේය. අගතියට පත් පාර්ශවයේ නීතිඥයන් පදනමක් නැති කතා අධිකරණයේ මෙන්ම අධිකරණයෙන් පිටත් කීවෝය. අගතියට පත් පාර්ශවයේ මෙහෙයුම් ප්‍රධානියෙකු වන ඔහුට කළ බලපෑම ගැන කීවේ නැත්තේ ඇයි?
මහේස්ත්‍රාත්වරයාද අමාරුවේ වැටෙන කතාවක් !
එපමණක් නොව වෛද්‍ය සරත් වීරබණ්ඩාර ඉහත පැමිණිල්ලෙන් පසු මාධ්‍යයට කියා ඇත්තේ ඔහු අධිකරණය ලබා දුන් නියෝගයෙන් පසුව අධිකරණයට පැමිණි බව හා වාර්තාවක් ලබා දුන් බවය.
මේ නම් කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාද අමාරුවේ වැටෙන කතාවකි. මන්ද එම නඩුවේ කාර්ය සටහන්වල එවැන්නක් නැති බැවිණි. අඩු තරමේ වෛද්‍ය වීරබණ්ඩාර කළ කරුණු දැක්වීම් පවා මහේස්ත්‍රාත්වරයා ඉවත් කර ඇති බැවිනි.
මුලින් සකස් කළ පිටපත් මෙන්ම, කථාංගයෙන් කථාංගයට සකස් කරන පිටපත්ද තාක්ෂණික හා වෙනත් හේතු නිසා වෙනස් කරන්නට සිදුවන අවස්ථා ඇත. කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාරගේ පැමිණිල්ලද එවැන්නක් නොවේද?
(අනිද්දා- ලසන්ත රුහුණගේ)
සබැඳි පුවත් :
'දිවයින' වඳ සැත්කම් කතාව : 'පොහොට්ටු' වීර බණ්ඩාරගේ ක්‍රියාන්විතයක්
වෛද්‍ය සරත් වීරබණ්ඩාර: රෝහල් ඩිරෙක්ටර් ද? ෆිල්ම් ඩිරෙක්ටර්ද?
T
The Leader Desk
August 3, 2019 • 2:39 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර ජූලි 19 වැනිදා කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
- නිරුවත් වෙමින් යෑම වසාගැනිම සඳහා : බැලූ බැල්මට පෙනෙන්නේ වෛද්‍ය සාෆි පිළිබඳ මැවූ බොරුව දිනෙන් දින කඩා වැටෙද්දී එයට මුක්කු ගැසීම සඳහාත්, එම බොරුවේ පාර්ශවයක් ලෙස තමා මෙන්ම තවත් අය නිරුවත් වෙමින් යෑම වසාගැනිම සඳහාත් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවය.
- මහේස්ත්‍රාත්වරයාද අමාරුවේ වැටෙන කතාවක් !
- එපමණක් නොව වෛද්‍ය සරත් වීරබණ්ඩාර ඉහත පැමිණිල්ලෙන් පසු මාධ්‍යයට කියා ඇත්තේ ඔහු අධිකරණය ලබා දුන් නියෝගයෙන් පසුව අධිකරණයට පැමිණි බව හා වාර්තාවක් ලබා දුන් බවය. මේ නම් කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාද අමාරුවේ වැටෙන කතාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


