The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල්ගේ පැවැත්ම, පොදු අපේක්ෂකයා සහ නැට්ට අලියා සෙලවීම - සුදත් චන්ද්‍රසේකර

T

The Leader Desk

August 3, 2019 • 2:06 PM

රනිල්ගේ පැවැත්ම, පොදු අපේක්ෂකයා සහ නැට්ට අලියා සෙලවීම - සුදත් චන්ද්‍රසේකර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරණක් ආසන්න වන විට අපට නිරන්තරයෙන්ම ඇසෙන්නේ පොදු අපේක්ෂකයා යන වචනයයි.
  • 2015 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂිකයින්ගේ ඡන්දයෙන් පිටස්තරයෙකු ජනාධිපති කරවීමෙන්, පක්ෂට හෝ පාක්ෂිකයාට අවාසියක්ම මිස කිසිදු වාසියක් සිදු නොවූ නිසා මෙම තත්වය උදා වූ බව සිහිතබා ගත යුත්තකි.
  • එසේ නමුත් වර්තමානයේ ඇති වී තිබෙන වාතාවරණය යටතේ, මෙවරද පොදු අපේක්ෂකයෙකුගෙන් තොරව එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණයක් නොමැති බව අකමැත්තෙන් වූවද සිහිතබා ගත යුතු කරුණකි.
  • ඒ, ජනාධිපතිවරණ ඡන්ද ප්‍රථිපලය 2020 මහා මැතිවරණ සහ ඉන් අනතුරුව පැවැත්වෙන පලාත් සභා මැතිවරණයටද ප්‍රබල බලපෑමක් එල්ල කරන බැවිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

Sudath Chandrasekaraවර්තමානයේ එය ජනතාවට අමිහිරිම වචනයක් බවට පත් වී තිබේ. 2015 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂිකයින්ගේ ඡන්දයෙන් පිටස්තරයෙකු ජනාධිපති කරවීමෙන්, පක්ෂට හෝ පාක්ෂිකයාට අවාසියක්ම මිස කිසිදු වාසියක් සිදු නොවූ නිසා මෙම තත්වය උදා වූ බව සිහිතබා ගත යුත්තකි.

එසේ නමුත් වර්තමානයේ ඇති වී තිබෙන වාතාවරණය යටතේ, මෙවරද පොදු අපේක්ෂකයෙකුගෙන් තොරව එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණයක් නොමැති බව අකමැත්තෙන් වූවද සිහිතබා ගත යුතු කරුණකි. ඒ, ජනාධිපතිවරණ ඡන්ද ප්‍රථිපලය 2020 මහා මැතිවරණ සහ ඉන් අනතුරුව පැවැත්වෙන පලාත් සභා මැතිවරණයටද ප්‍රබල බලපෑමක් එල්ල කරන බැවිනි.

text 43

පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කලද, එම පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂයකු නම්, එම අපේක්ෂකයාට තම ඡන්දය භාවිතා කිරීමට අප පාක්ෂිකයින් දෙවරක් නොසිතණු ඇත. එබැවින් ජනාධිපති පොදු අපේක්ෂකයා අනිවාර්යයෙන්ම පක්ෂ සාමාජිකයෙකු විය යුතුය.

2019 ජනාධිපතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවි, පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පක්ෂ නායකත්වය ප්‍රබල උත්සාහයක යෙදෙන ආකාරය ඉදිරියේදි අපට දැක බලා ගැනීමට හැකිවනු ඇත.

එම නිසා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ දි සිදුවිය හැකි වාසි සහ අවාසි පිළිබදව අවධානය යොමු කිරීමට එක්සත් ජාතික පාක්ෂිකයාට මෙය වඩාත් සුදුසුම කාල පරිච්ජේදයකි.

මෙහි ඇත්තේ වාසි දෙකක් පමණකි. පළමුවැන්න දෙමල, මුස්ලිම් සහ සුඵ පක්ෂවල සහයෝගයෙන් ජයග්‍රහණය පිළිබදව බලාපොරොත්තුවක් ඇතිකර ගත හැක. (නමුත් 2010 ජනාධිපතිවරණයේද සියඵ සුඵ පක්ෂවල සහයෝගය ලැබුනද, ජයග්‍රහනය කිරීමට නොහැකි විය. 2018 පලාත් පාලන මැතිවරණය ද අන්ත පරාජයට පත්විය)

දෙවැන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට නායකත්වය ආරක්ෂා කර ගනිමින් ජයග්‍රහණය කලහොත් අගමැති ධූරයත්, පරාජය වුවහොත් විපක්ෂනායක ධූරයත්, පක්ෂ නායකත්වයත්, සිය ගජ මිතුරු කැලත් ආරක්ෂා කර ගත හැකිය.

 

බය නැති අගමැති, බය නැති ජනපති වීමට බය ඇයි?

2005 ජනාධිපතිවරණය දක්වාම එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් ලෙසට මැතිවරණ සදහා අපේක්ෂකයින් ඉදිරිපත් කර තිබේ.

අවසන් වරට රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2005 ජනාධිපතිවරණය සදහා අලියා ලකුණින් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙසට ඉදිරිපත් විය. එදා සිට අවුරුදු 14ක කාලයකට පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීම පිළිබදව එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ ඇත්තේ සිත් තුල ඇත්තේ බලවත් කලකිරීමකි.

බය නැති අගමැති, බය නැති ජනපති වීමට බය ඇයි? යන ප්‍රශ්ණයද, පාක්ෂිකයා ඉදිරියේ ඇත. සමහර පිරිස් මෙය බළඵන් ලවා කොස් ඇට බෑමක් ලෙසටද අර්ථ නිරූපනය කරති.

1999 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමේ කිරීමේ උත්සාහය වලක්වා ගැනීම සදහා ප්‍රථම වරට තනි පක්ෂයක්ව තිබූ එක්සත් ජාතික පක්ෂය පෙරමුණක් බවට පත් කරණ ලදි.

එම අවස්ථාවේදි තව දුරටත් නායකත්වය ආරක්ෂාකර ගැනීම සදහා ආරක්ෂාකාරි පියවරවල් වශයෙන්, පෙරමුණු සහ පොදු අපේක්ෂක සංස්කෘතිය පක්ෂය තුලට බලහත්කාරයෙන් ඇතුඵ කරණ ලදි.

text 44 

නමුත් වර්තමානයේ දී මෙහි අවධානම උත්සන්න වෙමින්, එක්සත් ජාතික පක්ෂ අලියාගේ නැට්ටේ එල්ලි ඉන්න පිරිස අලියා නැටවීමට උත්සාහකරණ බවක් පෙනෙන්නට තිබේ.

නැට්ටේ එල්ලි ඉන්න පිරිසට අවශ්‍ය ආකාරයට නොව, අලියාට අවශ්‍ය ආකාරයට නිදහසේ සෙලවීමටත්, හෙන්ඩුව වූ පාක්ෂිකයාට අලියා පාලනය කිරීමටත්, නැවත අවස්ථාව සලසා ගත යුතුව ඇත. එසේ නොවුවහොත් නැට්ටේ ඉන්න පිරිස අලියාවද විනාශකර දමනු ඇත.

 

පක්ෂයේ කොලපාට සහ අලියා ලකුණ ද අවධානමක:

පක්ෂයේ කොලපාට සහ ලකුණ අලියාද අවධානමකට පත්ව ඇත. 80%කට වැඩි බලයක් හිමි අලියාට 20%ක නැට්ටේ එල්ලී ඉන්න පිරිසට අලියා නැටවීමට තිබෙන හැකියාව නවතා දැමීමට කාලය පැමින ඇත.

එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමේදි මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා සියඵම ජාතින් එක්සත්ව හැදු පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ලෙස නම් කරන ලදී. අද ඒ උතුම් පරමාදර්ශය පවා පක්ෂයෙන් ගිලිහී ගොස් , එක්සත් ජාතික පක්ෂයට උතුරු නැගෙනහිර දෙමල සහ මුස්ලිම් නායකයින් අහිමිව ඇත.

උතුරු නැගෙනහිර යුධ වාතාවරණයද මෙයට තදින්ම බලපාන ලදී. එනමුත් එක්සත් ජාතික පක්ෂ ඡන්ද පදනම තවමත් එම ප්‍රදේශවල එලෙසෙම පවතී. උතුරු නැගෙනහිර සුඵ පක්ෂ වලට බලය පැතිරවීමට ඉඩ ලබා දීමේ ප්‍රථිලය වූයේ, එක්සත් ජාතික පක්ෂයට දෙමල සහ මුස්ලිම් නායකයින් තව දුරටත් අහිමි වීමයි.

සුඵ පක්ෂවල බලය වැඩිවෙන්නට හේතුව, ඔවුන් අලිය ලකුණින් තරග කර එක්සත් ජාතික පක්ෂ ඡන්ද වලින් ජයග්‍රහණය කිරීමයි. අතීතයේ දි පවා සුඵ පක්ෂ එක්සත් ජාතික පක්ෂ රජයන්ට සහයෝගය ලබා දී ඇත. ඒත් ඒ හැම පක්ෂයක්ම තමන්ගේ අනන්‍යතාවයෙන් වෙන වෙනම මැතිවරණ වලට ඉදිරිපත් ව ජයග්‍රහණයෙන් පසු එක්සත් ජාතික පක්ෂ රජයන්ට සහය ලබා දි තිබිණි.

text 45

උතුරු නැගෙනහිර සෑම මැතිවරණ කොට්ඨාශයක් සදහාම එක්සත් ජාතික පක්ෂ සන්විධායකවරුන් පත්කල යුතු අතර, ඉදිරි මහා මැතිවරණයෙන් පසුව ජාතික ලැයිස්තුවෙන් වැඩි ප්‍රමාණයක් එම ප්‍රදේශ වලට ලබා දිය යුතුවේ.

එමගින් එක්සත් ජාතික පක්ෂයට පෙර තිබූ ආකාරයටම දෙමල සහ මුස්ලිම් නායකයින් ඉදිරියේ දි බිහිකර ගැනීමට අවස්ථාව උදාවනු ඇත. ඉන්පසු මෙම පෙරමුණු සහ පොදු අපේක්ෂක සංස්කෘතිය ඉවත් කර නැවත වරක් එක්සත් ජාතික පක්ෂයට තනි පක්ෂයක් ලෙසට අභිමානයෙන් නැගි සිටීමට හැකිවනු ඇත.

පොදු අපේක්ෂක සංකල්පය නිසා පක්ෂයට සිදු වූ විශාලතම හානිය ලෙස සැලකිය හැකි වන්නේ පක්ෂයේ නව නායකයින් බිහිවීමට තිබූ අවස්ථාවන් අවහිර කර දැමීමයි. මෙය ඉතාම ඛේදනීය තත්වයකි.

මේ නිසා පක්ෂය තුල සිටි නායකත්වයට පත්විමට හැකියාව තිබූ විශාල පිරිසක් කලකිරීමෙන් පක්ෂය හැරයන ලදී. තවත් පිරිසක් ඉදිරියට පැමිනීමට නොහැකිව අසරණ වී සිටී. නායකයින් බිහිවීම වලක්වා ගත් හෙයින්, නායකත්වයට එල්ලවන තර්ජන අවම කර ගෙන ඇත.

1999 සහ 2005 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව, යුධ ජයග්‍රහණයත් සමග එළඹි 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමා බිය වූයේ, එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ ජයග්‍රහණය කිරීමට අපහසුතත්වක් එකල රට තුල නිර්මාණය වී තිබු නිසයි.

එම අවස්ථාවේදී ජෙනරාල් සරත් ෆොන්සෙකා මැතිතුමාව බිල්ලට දී, නායකත්වයත්, විපක්ෂනායකත්වයත් ආරක්ෂා කර ගැනීමට එතුමා සමත් විය.

 

ජනාධිපති අපේක්ෂකයා සමගම අගමැති අපේක්ෂයා නම් කිරීම :

සෑම ජනාධිපතිවරණයක් අවසානයේදී මහා මැතිවරණයක් පැවැත්වෙන බැවින්, ජනාධිපති අපේක්ෂකයා සමගම අගමැති අපේක්ෂයා එම අවස්ථාවේදීම නම් කිරීම එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදායයි.

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා මෙන්ම අගමැති අපේක්ෂකයා ද වැදගත් වනුයේ 19 වෙනි ව්‍යවස්ථාවෙන් අගමැතිවරයාගේ බලතල වැඩි කරගෙන ඇති නිසාය. එහෙයින් අගමැති අපේක්ෂකයා ද, අනිවාර්යෙන්ම පක්ෂයෙන්ම ඉදිරිපත් කල යුතුය.

එසේ නම් ජනාධිපතිවරයා ස්වාධිනව කටයුතු කරන බැවින්, රට පාලනය කිරීමට සුදුසු අයෙකු අගමැති ධූරය සදහා බහුතර කැමැත්තෙන්, ඉදිරිපත් කල යුතුය.

පාක්ෂිකයාගේ කැමැත්ත ඉවත දමා, තමාගේ කැමැත්ත බලහත්කාරයෙන් පාක්ෂිකයා පිට පැටවීමට උත්සාහ නොකල යුතුය. එයින් කලකිරීමට පත්වන පාක්ෂිකයා ඡන්ද පොලට නොයෑමට එය සාධාරණ හේතුවක් කරගනු ඇත.

text 46 

ජනාධිපති අපේක්ෂකයා කවරෙකු වූවද, අගමැති අපේක්ෂක තනතුරට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් වුවහොත්, එය ජනාධිපතිවරණ ජයග්‍රහනයට අවාසි සහගත ලෙස බලපානු ඇත. එසේ නම් මෙවර ජනපති සහ අගමැති තනතුරට අඵත් මුහුණු ඉදිරිපත් කිරීම පාක්ෂිකයාගේ ප්‍රාර්ථනයයි.

2018 පළාත් පාලන මැතිවරණය ප්‍රථිපලය ද මෙම අවස්ථාවේ සැලකිල්ලට ගත යුතුවේ. රාජ්‍ය බලය තිබියදීත්, එක්සත් ජාතික පෙරමුණට ලබා ගත හැකි වූයේ 32.63% ඡන්ද ප්‍රථිශතයකි. මෙම ප්‍රථිපලයෙන් අනෙකුත් පක්ෂවල ඡන්ද ඉවත්කල විට එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම 26% කට ආසන්න ප්‍රමාණයකි. එය මීට පෙර අවමය ලෙස වාර්තා වී තිබූ 1994 ජනාධිපතිවරණයේ 35.91% වාර්තාව ද බිද දැමීමකි.

බලයට පත් වූ රජයක් බලයේ සිටියදී පලාත් පාලන මැතිවරණයක් පාරාජයට පත් වූ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය ලෙස වාර්තා ගතවනු ඇත.

 

චන්ද්‍රිකාගේ සම්ප්‍රාප්තියෙන් පිබිදුන ශ්‍රීලනිපය :

මෙය සැලකිල්ලට ගත යුතු වන්නේ, එය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එරෙහිව පාක්ෂිකයා පමණක් නොව, ඡන්දය පාවිචිචි කල හෝ නොකල සමස්ත ජනතාවගේ විරුද්ධත්වය එම ප්‍රථිපලයෙන් මනාව පැහැදිලි වීමයි.

1994 චන්ද්‍රිකා මැතිණිය නවකයෙකු වශයෙන් ඉදිරිපත්වීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය හිමි විය. එතුමිය බලය ලබා ගැනීමත් සමගම පක්ෂ නායකත්වයටද පත් වූ නිසා, කඩා වැටී තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ප්‍රබලව සිටි එක්සත් ජාතික පක්ෂය අභිබවා ඉදිරියට පැමිණියේය.

එය සැළකිල්ලට ගනිමින් එක්සත් ජාතික පක්ෂය ද නගා සිටුවීමට සුදුසු කාලය දැන් එළඹ තිබේ. ''

Sudath Chandrasekara 1සුදත් චන්ද්‍රසේකර
හිටපු අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් සහ
එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන
බලකායේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්
sudathunp@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...