The Leader News
BREAKING
Top Ad
Opinion

පාස්කු ඉරිදා ප්‍රහාරය හා ගෝඨා අතර සම්බන්ධයක් තිබේද ?

T

The Leader Desk

August 8, 2019 • 1:17 PM

 පාස්කු ඉරිදා ප්‍රහාරය හා ගෝඨා අතර සම්බන්ධයක් තිබේද ? 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ප්‍රහාරය හා ඇමෙරිකානු අවශ්‍යතාව අතර සම්බන්ධයක් හා ගෝඨාභය සාධකය එකට තැබීම එකහෙලා ප්‍රතික්‍ෂේප කළ යුත්තක් නොවන බව දේශපාලන විචාරකයකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසයි.
  • 2007 මාර්තු වේදී ගෝඨා ACSA අත්සන් කෙරුවේ Fifth Columnist කෙනෙකු ලෙසිනි.
  • # ගෝඨාභය පාර්ලිමේන්තුවට නොදන්වා, ඇමරිකාව සමග රහස් ගිවිසුමක් ගසා ඇතිබව:  වීඩියෝ   # රොබට් ඕ බ්ලේක්, ගෝඨාට දුන් සහතිකය !
  • ගෝඨාභය රාජපක්ෂ මෙරට බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් පසුගියදා ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


''ඇමරිකානු අතපෙවීමක් :තවත් කෝලාහලයක් අතළඟ'' යන ශීර්ෂයෙන් යුතුව 'ද ලීඩර්' හි ඊයේ (07) පළවූ විශේෂ ලිපියට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වමින් ඔහු එබව සඳහන් කර ඇත. 

පාස්කු ඉරිදා ප්‍රහාරය ගෝඨාභය දේශපාලනික වශයෙන් ගොඩදැමීමට සිදුකළ ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් ද? යන කාරණය සමාජ මාධ්‍ය ඔස්සේ විමසීමට ලක්වෙමින් තිබියදී ඔහුගේ කල්ලි කණ්ඩායම් ඇමරිකාවට බැන වදිමින් සිටින්නේ ගෝඨාභය එල්ලවෙමින් තිබෙන අපවාදයෙන් ගලවා ගැනීම සඳහා දැයි 'ද ලීඩර්' එම ලිපිය මගින් සැකයක් මතුකර තිබිණ.     Kusal Prera text2019.08.08
ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දක්වන කුසල් පෙරේරාමෙසේ කියා සිටියි.

'පාස්කු ප්‍රහාරය හා ඇමෙරිකානු අවශ්‍යතාව අතර සම්බන්ධයක් හා ගෝඨාභය සාධකය එකට තැබීම එකහෙලා ප්‍රතික්‍ෂේප කළ යුත්තක් නොවේ. ජාතික ආරක්ෂාව සහ හමුදාමය ක්‍රියාන්විත ඉහළම තලයකට එසවීමත් ඒ සමග ගෝඨා සඳහා ඉල්ලුම ඉහළ යාමත් අවසානයේ පාස්කු ප්‍රහාරය පසුපස ISIS සම්බන්ධයක් නොවීමත් අලුතෙන් කියවිය යුත්තකි.'

 මේ ආණ්ඩුවෙන් දැන් ඇමෙරිකාවට SOFA අත්සන් කරගත නොහැක. එය කළ හැක්කේ අලුතින් පත්වන හමුදා සහායද ලබාගත හැකි ජනප්‍රිය සිංහල බෞද්ධ නායකයෙකුට පමණි. 2007 මාර්තු වේදී ගෝඨා ACSA අත්සන් කෙරුවේ Fifth Columnist කෙනෙකු ලෙසිනි. එනිසා එවැන්නෙකු රාජ්‍ය නායකයාවීම හා ඇමෙරිකානු අවශ්‍යතාව අතර ප්‍රතිවිරෝධයක් තිබිය නොහැක.''


ගෝඨාවාදී කල්ලි කණ්ඩායම් මේදිනවල ඇමරිකානු විරෝධයක් ඉස්මතු කරමින් සිටින්නේ, ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු ගත්තකු බවටත් ඔහුට ඇමරිකාවේ සහය පලවී ඇතිබවටත් දවසින් දවස හෙළිදරව් වෙමින් තිබෙන තත්වයක් තුලය.

ගෝඨාගේ ඇමරිකානු පක්ෂපාතිත්වය හෙළිකෙරෙමින් මෑතකදී සංවාදයට ලක්වූ කැරුණු කිහිපයක් මෙසේය.

# ගෝඨාභය පාර්ලිමේන්තුවට නොදන්වා, ඇමරිකාව සමග රහස් ගිවිසුමක් ගසා ඇතිබව: 

වීඩියෝ 

 # රොබට් ඕ බ්ලේක්, ගෝඨාට දුන් සහතිකය !

ගෝඨාභය රාජපක්ෂ මෙරට බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් පසුගියදා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු ද වන බ්ලේක් මේ බව පැවසුවේ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දේශනයක් පවත්වමිනි.


# මිලින්ද මොරගොඩ, රොබට් බ්ලේක්, ගෝඨාභය එකම ව්‍යාපෘතියක් ද? -වාසුදේව නානායක්කාර මතුකරන සැකය :

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ සහ ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් වැනි පාර්ශ්ව එක්ව බරපතළ සැකසංකා මතු කරන දේශපාලන ප්‍රවණතාවක් ඇති කරමින් සිටින බව මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර අවධාරණය කර සිටියේය.

වීඩියෝ 

 # ඇමරිකානු ගැති රොහාන් ගුණරත්නගේ සම්ප්‍රාප්තිය:

උතුරේ යුද්ධයට එරෙහිව යම් යම් මත ප්‍රකාශ කළ පුද්ගලයෙකු ලෙසත්, ඇමරිකන් ඔත්තුකරුවෙකු ලෙසත්, බටහිර එන්ජීඕ ඒජන්තයෙකු ලෙසත් ගෝඨාභය රාජපක්ෂගේ අනුගාමිකයින් විසින් ම ලේබල් කර සිටි ආචාර්ය රොහාන් ගුණරත්න පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතුව මෙරට රාජ්‍ය බුද්ධි අංශවල දුර්වලවීම බව හඟවමින් ගෝඨාබය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටියදී බුද්ධි අංශ මෙහෙයවූ ආකාරය ගැන ප්‍රසංශා කළේය.

කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවති 'වියත්මඟ' සම්මන්ත්‍රනයක ප්‍රධාන දේශනය සඳහා ද ආචාර්ය රොහාන් ගුණරත්න මහතාට ආරාධනා කර තිබිණි.      2005 srilanka


# ලංකාවට එනවිටත් ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවීම :

ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවේ  ශ්‍රේෂ්ඨාධිකරණය  හමුවේ ගොනු කළ දිවුරුම් ප්‍රකාශයකට අනුව, ඔහු 2005 දී සිය සහෝදරයාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ එරටින් සංචාරක විසාවක් ලබාගෙනය. 2005 දී ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඔහු ඇමරිකානු පුරවැසියෙකු මිස ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවීය.

# කැමැත්තෙන් ඇමෙරිකානුවෙකුව සිටීම:

ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකන් පුරවැසිභාවය ඉවත් කරගැනීම පිළිබඳ ලියකියවිලි බාරදී ඇත්තේ 2019 මාර්තු හා අප්‍රේල මාසවලදී බව මේ වෙද්දී තහවුරුවී ඇත.

ගෝඨාභය රාජපක්ෂ 2019 මාර්තු මාසය දක්වාම සිය කැමැත්තෙන් ඇමෙරිකානුවෙකුව සිටීම ගැටලුකාරී බවට සමාජ මාධ්‍ය ඔස්සේ මත පලවී ඇත.

# ගෝඨාභය රාජපක්ෂයේ පවුලේ සාමාජිකයින් සියලු දෙන දැනට ද ඇමරිකානු පුරවැසියන් බව :

මීට පෙර ගෝඨාභය රාජපක්ෂ තමන් ඇමෙරිකානුවෙක්ය යන කාරණාවද සඟවාගෙන සිටීමට උත්සාහ ගත්ත ද අන්තිමේදී එය පොදුජන සංවාද තලයට ආවේ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නිසාය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ගොඩගිය ගෝඨා !                                                                                            Text 2019.08.08

දෙසිය පනහකට අධික ජීවිත බිලි ගනිමින් අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාගේ අනුගාමිකයින් ඇමරිකාවට චෝදනා කලද, 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ සංවිධාන යාන්ත්‍රනය තුළ දේශපාලනික වශයෙන් නන්නත්තාරව සිටි ගෝඨාභය හා ඔහුගේ කල්ලි කණ්ඩායම් යලි පිම්මකින් ඉපිල ආවේ එම  ප්‍රහාරයෙන් පසුවය. 

එහිදී ජාතික අනාරක්ෂාව කියන කාරණය ජනතාවගේ අනෙකුත් ගැටළු අභිබවා පෙරට ගැනීමට දිලිත් ජයවීරගේ මාධ්‍ය ජාලය සමත්වූ අතර ගෝඨා වැනි අයකු රාජ්‍ය නායකයා විය යුතු බවට සමාජ මතයක් ද ගොඩ නැංවිය.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගෝඨාභය දේශපාලනික වශයෙන් ගොඩදැමීමට සිදුකළ ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් ද? යන කාරණය සමාජ මාධ්‍ය ඔස්සේ විමසීමට ලක්වෙමින් තිබියදී ඔහුගේ කල්ලි කණ්ඩායම් මෙසේ ඇමරිකාවට බැන වදිමින් සිටින්නේ ගෝඨාභය එල්ලවෙමින් තිබෙන අපවාදයෙන් ගලවා ගැනීම සඳහා දැයි සාධාරණ සැකයක් මතුවේ.


සබැඳි පුවත් :

 
(සංවාදයට විවෘතයි )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...