ඒ බැල්ම ඇතුලේ ගොඩක් දේවල් තියනවා. ලෝ ප්‍රකට නිරුපිකාවක් නිසා පිරිමි වසඟ කරන ස්ත්‍රී gaze එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ එයාට. එයා දන්නවා කැමරාව දිහා වගේම පිරිමියා දිහාත් බලන්න ඕනි විදිය මොකක්ද කියල. මේ විදියට ගත්තම Male Gaze Theory ගැන ලියවෙන තුන්වන පෝස්ට් එක මේක. තව කොච්චර ලියන්න වේවිද මං දන්නේ නැහැ.
කොච්චර ලිව්වත් සිදු වෙන්නේ එකම දෙයක් තමයි. ආශා වස්තුවක් තියනවා. බලන කෙනෙක් ඉන්නවා. බලන ඇස් දෙක වෙනුවෙන් රඟ පෑමක් සිදු වෙනවා. ඇස් දෙක ඇතුලට වැටෙනවා. නිදහසක් නැහැ ඒ ඇස් දෙක තියන කම්.
සමහර විට මධ්‍යම පංතික ජිවිතයේ නීරස බව විසින් ඇය මෙලන්කොලික වෙලත් ඇති මේ වෙනකොට. එයාගේ ඇස් කියන්නේ මේ නීරස ජිවිතයෙන් නිදහස් කර ගන්න කියලද? සදාකාලික විෂාදය වෙත ඇද වැටීමෙන් වලක්වා ගන්න කියල ද එයා ජස්ටින් ගෙන් ඉල්ලන්නේ? 'Melania is ready to risk it all' කියල ගාඩියන් කාරය කියන දෙයින් අදහස් වෙන්නේ සියලු සැප සම්පත් දාල මෙලානියා ආදරය වෙනුවෙන් සියල්ල කැප කරනු ඇති බවද? එයා ආදරය වෙනුවෙන් ප්‍රාග්ධනය කැප කරයි ද?
මොකක්ද මේ මැජික් එක?
මේ තියෙන්නේ දර්ශනය කියන විෂය මුහුණ දෙන එක සීමාවක්. මේක දර්ශනය ඇතුලේ විග්‍රහ කරන්න බැහැ කියල ඇලෙන්කා සුපැන්ජිත් කියනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ තේරුම් ගන්න තියන දෙයකට වඩා මැජික් එකක් වගේ දෙයක්. මොකක්ද මේ මැජික් එක?
දැන් බලන්න මෙතන තියෙන්නේ ලිංගික සම්බන්දයකට වඩා පාර්ශවිය වස්තුවක් පිළිබද අධිනිශ්චය වීමක්. ඒ කියන්නේ ඇහැ (eye = gaze) කියන එක ලිංගික සම්බන්දයට වඩා වැඩි දෙයක් බවට පත් වෙලා තිබීම. නිරූපණය සහ චිත්‍රපට කර්මාන්තය එක්ක තමා මේ දේ සිදුවුනේ. මොන මගුලක් වත් වෙන්නේ නැහැ. හැබැයි සියල්ල සිදු උනා වගේ අපි සුරතාන්තයට යනවා එයාගේ බැල්ම නිසා. ඒ කියන්නේ අවුල වෙන්නේ එයාලට නෙවෙයි බලා සිටින අපිට.
එයාලගේ ජීවිතය කිසිදු අවදානමක නැහැ. අවදානම (risk) තියෙන්නේ එයාල අවදානමේ කියල හිතන අපිට. මේක තමයි එංගලන්තයේ ගාඩියන් කාරය ස්ලෝවේනියාවේ සුපැන්ජිත් ගෙන් ඉගෙන ගන්න ඕනි දෙය.
එයා කියනවා 'දේශපාලනය ලිංගික කරණය වීම' (sexualization of the political) ඉතිහාසය ඇතුලේ තේරුම් ගන්න බැහැ ඒක තේරුම් ගන්න වෙන්නේ ප්‍රමෝදය ඇතුලේ කියල. මෙතන තියෙන්නේ එයාලගේ ප්‍රමෝදයක් නෙවෙයි. එයාල විඳිනවා ඇතැයි කියල හිතන අපගේ ප්‍රමෝදයක්. අපි හිතනවා ප්‍රංශයේ මැක්‍රෝන් විඳිනවා කියල අපිට නොවිඳින ප්‍රමෝදයක් එයාගේ වයසක බිරිඳත් එක්ක. මෙන්න මේක තමයි දර්ශනයට තේරුම් ගන්න බැරි මේ යුගයේ දේශපාලනය.
අපේ උපේක්ෂා ස්වර්ණමාලි ල වගේ ටෙලි නිලියෝ කලෙත් මේ දෙයම තමා. මේ අය සියලු ලිබිඩෝ ශක්තිය ඊඩිපස් එකට එරෙහිව පාවිච්චි කරනවා. ට්‍රම්ප් බලාන ඉන්නවා. බලාන ඉන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ මොකද එයාල තමයි මේ ලිංගිකකරණය පටන් ගත්තේ. දැන් ප්‍රබන්ධ වලින් ගැලවෙන්න බැහැ. එයාල දැන් පෙන්නුවත් නැතත් දැන් අපි හිතනවා එයාල විඳින අමුතු ප්‍රමෝදයක් තියනවා කියල.
ඉතින් මේකට එකම එක විසඳුම දෙන්නෙත් සුපැන්ජිත් ම තමා. එයා කියන්නේ මේ තියන සඥා වල විපරීත බලපෑමෙන් නිදහස් වෙන්න පුළුවන් ජාත්‍යාන්ධයෙකුට විතරයි කියල. එතකොට පුළුවන් gaze එකේ තියන object petit a එකෙන් ගැලවෙන්න.
කාටේසියානු සැකයක් නැති නිසා ආලෝකයක් නැහැ. ආලෝකයක් නැති නිසා අනෙකා ගැන දැනුමකුත් නැහැ. ප්‍රබන්ධය ආරම්භ කරන්න බැහැ gaze එක නැතුව. ප්‍රබන්ධයේ මුල gaze එක. ඉතිං මේ G7 ප්‍රබන්ධය පටන් ගත්තෙත් මෙලානියාගේ gaze එකෙන්. දැන් අපි තොර තෝංචියක් නැතුව කතා කරනවා. ප්‍රබන්ධකරණය කරනවා.
ඒ කියන්නේ මේ ප්‍රදර්ශනකාමී යුගයේ වඩාත්ම දේශපාලනික වෙන්නේ අන්ධයා මිසක් වෙන කවුරුත් නෙවෙයි.
(වැඩිදුර අවබෝධය සඳහා සුපැන්ජිත් ගේ Philosopher's Blind Man's Bluff ලිපිය කියවන්න).
(මහේෂ් හපුගොඩ - FB පිටුවෙන් උපුටාගන්න ලදී)
මෙලානියාගේ බැල්ම ඇතුලේ ගොඩක් දේවල් තියනවා -මහේෂ් හපුගොඩ
T
The Leader Desk
August 28, 2019 • 10:03 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මේ වසරේ ජනප්‍රිය ම ජායාරූපය විය හැකි බවට ඉඟි පළවෙන්නේ මෙලානියාගේ ට්‍රම්ප්, කැනඩා අගමැති ජස්ටින් ට්‍රුඩෝ දෙස බලා සිටින අනුරාගික ජායා රූපය.
- සමහර විට මධ්‍යම පංතික ජිවිතයේ නීරස බව විසින් ඇය මෙලන්කොලික වෙලත් ඇති මේ වෙනකොට.
- 'Melania is ready to risk it all' කියල ගාඩියන් කාරය කියන දෙයින් අදහස් වෙන්නේ සියලු සැප සම්පත් දාල මෙලානියා ආදරය වෙනුවෙන් සියල්ල කැප කරනු ඇති බවද?
- මේක දර්ශනය ඇතුලේ විග්‍රහ කරන්න බැහැ කියල ඇලෙන්කා සුපැන්ජිත් කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


